නාගරික මැහිවරණයේ ප්‍රතිඵල විප්ලවවාදී ජනප්‍රිය කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා- ජනාධිපති නිකොලොස් මදුරෝ
ඊයේ(27) පැවති නාගරික මැතිවරණයේදී නගරාධිපති ධුර 335 න් 285 ක් පමණ පාලක සයිමන් බොලිවර් මහා දේශප්‍රේමී ධ්‍රැවය (GPPSB) දිනා ගත් බව නිවේදනය කිරීමෙන් පසු, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අද(28) අලුයම ප්‍රකාශ කළේ "අද, විප්ලවවාදී ජනප්‍රිය කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා" යනුවෙනි.
කැරකස් නුවර මධ්‍යයේ පිහිටි කැරකස් නගරයේ නගර සභා සංකිර්ණය වන ප්ලාසා බොලිවර් මන්දිරයේ බැල්කනියේ සිට රැස්ව සිටි ජනතාව ඉදිරියේ, වෙනිසියුලානු ජනාධිපතිවරයා අවධාරණය කළේ රටේ අගනුවර තිබෙන නගර සභා 24 න්, 23 ක් ජයග්‍රහණය කර ඇති බවයි. "අපට කොජෙඩ්ස් හි සැන් කාලෝස් පමණක් අහිමි වුණා" ඔහු පැවසීය. එම නගර සභාවේ විපක්ෂ ජයග්‍රාහකයාට සුබ පැතීමටද ඔහු කටයුතු කළේය.
"අද ජනප්‍රිය, බොලිවේරියානු සහ චාවිස්ටා විප්ලවවාදී කණ්ඩායමේ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කර ඇති ආකාරයටම, අද දින විපක්ෂය දිනාගත් නගරාධිපති ධුර 50 හොඳින් පාලනය කිරීමට බැඳී සිටින නව වෙනිසියුලානු විපක්ෂයක උපත සිදු වූ දිනය බව මම විශ්වාස කරනවා." ඔහු පැවසීය.
ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) එහි පළමු නිල ප්‍රතිඵල ප්‍රකාශනයෙන් පවසා සිටියේ GPPSB ආසන්න වශයෙන් නගර සභා 280 ක් සහ විපක්ෂය ආසන්න වශයෙන් නගර සභා 50 ක් ජයග්‍රහණය කර ඇති බවයි. ඒ අනුව පාලක දේශපාලන බලවේගය "මුළු නගර සභා 335 න් 285 කට වඩා" දිනා ගත් බව ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කළේය.
"අද, 2025 ජූලි 28, කැරකස් නගරාධිපති කාර්යාලය හෙවත් වෙනිසියුලාවට නිදහස ප්‍රකාශයට පත් කළ මෙම ඓතිහාසික ස්ථානයේ සිට, බොලිවේරියානු විප්ලවයේ ශක්තිය සඳහා අපි ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ඇති බව මට පැවසිය හැකියි. ජයග්‍රහණය, ජයග්‍රහණය, ජනප්‍රිය ජයග්‍රහණය!" මදුරෝ ප්‍රකාශ කළේය.
2021 මැතිවරණයේදී දිනාගත් නගරාධිපති ධුර 212 සිට විප්ලවවාදී බලවේග "රටේ සාමාන්‍ය ජනයාගේ ඡන්දවලින්" නගරාධිපති තනතුරු 285 ක් දිනාගැනීම දක්වා ශක්තිමත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
"අද අප ලබා ඇති දැවැන්ත ජයග්‍රහණය වෙනුවෙන් වෙනිසියුලාවේ ජනතාවට මම ස්තූති කරනවා. මේ අවස්ථාවේදී අපි නගරාධිපති ධුර 335 න් 285 ක් දිනා තිබෙනවා. එම ජයග්‍රහනය, ආපසු හැරවිය නොහැකි," ඔහු නැවත අවධාරණය කළේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මාස 12 ක් තුළ, "අපි මැතිවරණ හතක් පැවැත්වුවා. වසරකට පෙර අද වැනි දවසක අපි ෆැසිස්ට්වාදයට, අධිරාජ්‍යවාදයට මුහුණ දුන්නා. ඔවුන් අපව යටත් කර ගැනීමට ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කළා. නමුත් ඔවුන්ට එය නොහැකි වුණා. අධිරාජ්‍යවාදය මෙහෙයවන්නන් අසමත්, ඔව් අධිරාජ්‍යවාදය මෙහෙයවන්නන් අසමත්! ඒ වගේම වෙනිසියුලානු ජනතාව පරාජය කිරීමට අධිරාජ්‍යවාදීන්ට කිසිදා නොහැකි වනු ඇත!. වෙනිසියුලාවේ බොලිවේරියානු ජනතාව, සමස්ත ඇමරිකාවේ විමුක්තිදායකයින්ගේ ජනතාව පරාජය කළ නොහැකියි."
එලෙසම නගරාධිපති නගර සභා 50 ක් ජයග්‍රහණය කළ විපක්ෂයට, ජනාධිපති මදුරෝ මෙසේ පැවසීය "අපි ඔබ වෙත අපගේ දෑත් දිගු කරනවා. මෙම නව යුගයේදී, අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ... විදේශීය මිලිටරි මැදිහත්වීම් සඳහා වන ඉල්ලීම්, උතුරු ඇමරිකානු මැදිහත්වීම් සඳහා වන ඉල්ලීම්, සම්බාධක සඳහා වන ඉල්ලීම් බැහැර කරන ලෙසත්, අපි එක ගමනක් ඉදිරියට යමුය යන බැරෑරුම් යෝජනාව ඔබ හමුවේ තබනවා."
එහිදී විශේෂත්වය වන්නේ මධුරෝ මෙම ඓතිහාසික ජයග්‍රහණය කමාන්ඩර් චාවේස්ගේ නමට කැප කළේය.
"නාගරික අවකාශයන්, ජනතාවට නගරයේ ජීවත් වීමට ඇති අයිතිය, පොදුවේ ආර්ථිකය, ව්‍යවසායකත්වය සහ නිෂ්පාදන ආර්ථිකය, අපගේ ජනතාවට නිවාස, සංස්කෘතිය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය සඳහා වන සමාජ අයිතිවාසිකම් පුළුල් ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කළ යුතුයි." මදුරෝ පැවසීය.
රැස්ව සිටි ජනතාව අතරින් ලෙළ දුන් මෙක්සිකානු ධජයක් දෙසට අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය: "මේ අවස්ථාවේ මම මෙක්සිකෝවේ ධජයක් දකිනවා. මෙක්සිකෝව දිගු කල් වැජඹේවා! ලතින් ඇමරිකාව සහ කැරිබියන් දූපත් දිගු කල් දිගු කල් වැජඹේවා! මානව වර්ගයාගේ ජයග්‍රාහී ප්‍රතිරෝධය දිගු කල් දිගු කල් වැජඹේවා! නිදහස් පලස්තීනය දිගු කල් දිගු කල් වැජඹේවා!"
"අද ජූලි 28වන සඳුදා, අපගේ අමතක නොවන උත්තරීතර අණ දෙන නිලධාරි හියුගෝ රෆායෙල් චාවේස් ෆ්‍රියාස් ගේ උපන්දිනයයි. ඔහු සිහිපත් කරමින්, ඔහු වෙනුවෙන් අපි යාඥාවක් පැවැත්වා "වෙනිසියුලානු ජනතාවගේ මෙම ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය හියුගෝ රෆායෙල් චාවේස් ෆ්‍රියාස්ට කැප කළා. අපගේ අරගලයේ සැමවිටම ජීවමානයි! අපගේ මතකය සැමවිටම ජීවමානයි! අපගේ දෛනික කාර්යය සැමවිටම ජීවමානයි!" මදුරෝ අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා