වෙනිසියුලාවේ මහ නගර සභා මැතිවරණය පවත්වා අවසන්! ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි!
ඊයේ( 27 ) වෙනිසියුලාවේ නගර සභා වලට නගරාධිපතිවරුන් 335 දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරුන් 2,471 දෙනෙකු ඉදිරි වසර හතරක ධුර කාලය සඳහා පත් කර ගැනීම වෙනුවෙන් වෙනිසියුලානු ඡ්න්දදායකයෝ ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ. නාගරික මන්ත්‍රිවරු 2,741න් මන්ත්‍රීවරු 1,420 දෙනෙකු පක්ෂ ලැයිස්තුවෙන් තෝරා ගනු ලබන අතර 982 දෙනෙකු පළමු මහජන ඡන්දයෙන් තෝරා ගනු ලැබේ.එලෙසම වෙනිසියුලානු ස්වදේශික ප්‍රජාවන් ඔවුන්ගේ සම්ප්‍රදායන්ට අනුකූලව තවත් නියෝජිතයින් 69 දෙනෙකු පත් කරනු ඇත.
මැතිවරණ බලධාරීන්ට අනුව, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් පුරවැසියන් මිලියන 21.6 ක් සිටිති. ඡන්ද පත්‍රිකාවේ ජාතික පක්ෂ 36 ක් සහ කලාපීය පක්ෂ 10 ක්ද ඇතුළත් වේ.
පාලක එක්සත් සමාජවාදී පක්ෂය (PSUV) සහ මිත්‍ර පක්ෂ 12 ක් එකතුව ගොඩ නගා ඇති මහා දේශප්‍රේමී ධ්‍රැවය (GPP) මෙවර මැතිවරණය ජයග්‍රහනය කරනු ඇතැයි වෙනිසියුලානු දේශපාලන නිරීක්ෂකයෝ මත පල කරති.
පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී, අන්ත දක්ෂිණාංශික අපේක්ෂක එඩ්මන්ඩෝ ගොන්සාලෙස් උරුටියා, වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ විසින් ඡන්ද මිලියන 1 ක පරතරයකින් පරාජය කරන ලදී.
පසුව, අන්ත දක්ෂිණාංශිකයින් ඡන්දය වංචා කර ඇති බව ප්‍රකාශකරමින් මදුරෝගේ ආණ්ඩුව ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට උත්සාහ කළහ. දක්ෂිනාංශික බලවේග මෙලෙස ප්‍රචන්ඩත්වය මුදා හැර බලය ලබා ගැනීමට උත්සහ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවීය.
කෙසේ වුවද ප්‍රචන්ඩ ක්‍රියා මර්දනය කිරීමට මදුරෝගේ සමත් වූ දා සිට වෙනිසියුලානු විපක්ෂය ඡන්දය වර්ජනය කරන ස්වයං ප්‍රකාශිත ජනාධිපති එඩ්මන්ඩෝ ගොන්සාලෙස්ට සහාය දක්වන රැඩිකල් කන්ඩායම ලෙස සහ මැතිවරණවලට සහභාගී වීමට කටයුතු කරන මධ්‍යස්ථ කන්ඩායම් ලෙස බෙදී ගොස් තිබේ.
විපක්ෂය වඩ වඩාත් කුඩා සන්ධානවලට කැඩී යද්දේ ප්‍රජා පාදක ඡන්ද ගැටළුව මත පදනම්ව රජයට සහයෝගය දක්වන පිරිස වැඩි කර ගැනීමට සමත්ව ඇත.
මේ අතර පසුගිය මැයි 25 වන දින පැවති ව්‍යවස්ථාදායක සහ ප්‍රාදේශීය මැතිවරණවලදී, රජය නියෝජනය කරන පාර්ශවය ආණ්ඩුකාරවරුන් 24 න් 23 ක්ම පරාජය කිරීමට සමත් වුවේ ජාතික සභාවේ 2/3 බහුතරයක් පහසුවෙන් ලබා ගනිමිනි.
ඒ අනුව මැතිවරණය මදුරෝගේ රජයට පහසු ඉලක්කයක් බවට පත්වනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
කැරකස් නුවර ආශ්‍රිත නගර සභා පහක් පවති.
ලිබර්ටඩෝර් ප්‍රාන්තය: වත්මන් නගරාධිපති කාමන් මෙලෙන්ඩෙස්, කලක් කැරකස්හි වඩාත්ම භයානක දිස්ත්‍රික්කය වූ ප්‍රදේශයේ අපරාධ මැඩපැවැත්වීමෙන් පසු නැවත තේරී පත්වීමට නියමිතය
බරුටා ප්‍රාන්තය: දිගු කලක් විපක්ෂයේ බලකොටුවක් වූ අතර, සංක්‍රමණ ගැටළුව මධ්‍යම පාන්තික අසල්වැසි ප්‍රදේශවලටද බලපාන බැවින් සටන් බිමක් බවට පත් විය.
චාකාඕ ප්‍රාන්තය: දශක 2 කට පසු පළමු වරට තරඟකාරී වනු ඇතැයි අපේක්ෂා කරන කැරකස්හි විපක්ෂ බලකොටුවකි.
සුක්‍රේ ප්‍රාන්තය: කැරකස් ජනගහනයෙන් 40% ක් දක්වා හිමිකරගෙන සිටින සහ ලතින් ඇමරිකාවේ විශාලතම ප්‍රදේශයට නිවහන වන වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන්නේය. වත්මන් PSUV නගරාධිපතිවරයා 2021 දී ලැබූ සියුම් ජයග්‍රහණය මෙවර විශාල පරතරයකින් තම ප්‍රතිවාදීන් පරාජය කරනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා