ජනපතිගේ අබිරහස් ජර්මානු සංචාරයේ තොරතුරු සඟවනවා.. - උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් මෙහි දැක්වෙයි.
ජනාධිපතිතුමා ජර්මනියේ යෑමට පෙර එතුමා ජර්මනියේ යන්නේ කොටි නායක නෙදියවන් හමු වෙන්න කියලා සමාජ මාධ්‍ය වල කතාවක් පැතිරුණා. ඒ වගේම ජනාධිපතිතුමා ජර්මානු ආණ්ඩුවේ ප්‍රධානියා වන චාන්සලර්වරයා හමු වෙන්නේ නෑයි කියලා සමාජ මාධ්‍ය කිව්වා. මේ නිසා අපි මධ්‍ය හමුවක් තියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කලා ජර්මනියේ යන්න කලින් මේ කතාවල ඇත්ත නැත්ත රටට හෙලි කරන්න කියලා. නමුත් එතුමා ඒක කලේ නෑ. ඒ වෙනුවට කලේ ජවිපෙ භික්ෂු අංශය වන ජාතික භික්ෂු පෙරමුණෙන් මාව අත්අඩංගුවට ගන්න කියලා සීඅයිඩියට පැමිණිල්ලක් කරන එක. මාලිමා පාක්ෂිකයෝ ටික දෙනෙක් දාලා මාව අත්අඩංගුවට ගන්න කියලා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන එක. තිර පිටපතේ ඊලඟ ජවනිකාව විධියට සීඅයිඩිය මාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඉල්ලලා උසාවි ගියා. නමුත් අධිකරණයෙන් ඒක ප්‍රතික්ෂේප කලා. සීඅයිඩිය අධිකරණයට යන විට මම පර්යේෂණ කටයුත්තකට විදෙස් ගත වෙලා හිටියේ. ඒ නිසා මම අත්අඩංගුවට ගන්නවාට බයේ රට පැන්නා කියලා මාලිමා පච බලකාය ප්‍රචාරයක් ගෙන ගියා. නාටකය එතැනින් අවසන් වුණා.
සමාජ මාධ්‍ය වල කියූ විධියටම ජනාධිපතිතුමා ජර්මානු චාන්සලර්වරයා හමු වුණේ නෑ. මහජන මුදල් නාස්ති කරමින් ගිහින් ජර්මානු චාන්සලර්වරයා හමු වුණේ නැත්තේ ඇයි කියලා රටට කියන එක ජනාධිපතිගේ යුතුකමක්. නමුත් අද වනතුරු එහෙම කිව්වෙත් නෑ. සෘජු බදු සහ වක්‍ර බදු කියන දෙවර්ගයේම බදු ගෙවන පුද්ගලයෙකු විධියට මගේ මුදල් වැය කරගෙන ජනාධිපති ජර්මනියේ ගියේ ඇයි කියලා දැන ගන්න මට අයිතියක් තිබෙනවා. මම ප්‍රශ්න කලේ ඒ අයිතිය භාවිතා කරමින්.
අපේ ජනාධිපතිතුමා ජර්මනියේ දී හමු වුණේ ජර්මානු ජනාධිපති සහ විදේශ ඇමති විතරයි. ජර්මනියේ රාජ්‍ය ආකෘතිය ලංකාවට වඩා වෙනස්. ලංකාවේ ජනාධිපති තමයි රාජ්‍යයේ ප්‍රධානියා වගේම ආණ්ඩුවේ ප්‍රධානියා. ජර්මනියේ ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රධානියා වුණාට ආණ්ඩුවේ ප්‍රධානියා නොවේ. ආණ්ඩුවේ ප්‍රධානියා චාන්සලර්වරයා. ඒ නිසා ජර්මනියේ සංචාරය කරන ආණ්ඩු ප්‍රධානින් ජනපති හමු වෙන්නේ සම්ප්‍රදායක් හැටියට මිස ඵලදායි සාකච්ඡාවක් කරන්න නොවේ. කිසිම තීන්දුවක් ගැනීමේ බලයක් ජර්මානු ජනාධිපතිට නෑ. ජර්මානු ජනාධිපති හමු වෙන්න ජර්මනියට යනවා කියන්නේ හරියට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා වෙනුවට ද්‍රෞපදි මුර්මු ජනපතිතුමිය හමු වෙන්න ඉන්දියාවේ සංචාරයක යෙදෙනවා වගේ වැඩක්.
ජර්මානු ආණ්ඩුවේ බලය තිබෙන්නේ චාන්සලර්වරයා අතේ. තීන්දු ගන්නේ ඔහුයි. ඔහුව හමු වෙන්නේ නැති ජර්මානු සංචාරයක් කියන්නේ මුදල් නාස්තියක්. ඕනෑම ආණ්ඩු ප්‍රධානියෙක් ජර්මනියේ සංචාරයක යෙදෙන කොට චාන්සලර්වරයා හමු වී සාකච්ඡා කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 2023 දී ජර්මනියේ සංචාරය කරන විටත් චාන්සලර්වරයා හමු වුණා. ජනාධිපතිතුමාව හමු වෙන්න චාන්සලර්වරයා ප්‍රතික්ෂේප කලා ද? චාන්සලර්වරයා හමු වෙන්න වෙලාවක් නොදී ජනාධිපතිතුමා අපේ මුදල් නාස්ති කරමින් ජර්මනියේ ගියේ ඇයි? ඇත්තටම නෙදියවන් හමුවීම ජනාධිපතිතුමාගේ ජර්මානු සංචාරයේ යටි අරමුණද? එලකට නැති ජනපතිට අමතරව හමුවෙන්නේ විදේශ ඇමති පමණක් නම් අපේ විදේශ ඇමතිව ඒ සංචාරයට යැව්වා නම් මහජන මුදල් නාස්ති වෙන්නේ නෑ නේද? මොකද ජනාධිපති සමග යන ආරක්ෂක කණ්ඩායම් මාධ්‍ය කණ්ඩායම් විදෙස් ඇමතිත් එක්ක යන්නේ නෑනෙ. අද ජනාධිපතිතුමාට මුක්තිය තිබුණාට ජනපති තනතුර අහිමි වීමෙන් පස්සේ මහජන මුදල් නාස්තිය පිළිබඳ දූෂණ නඩුවක චුදිත වීමේ අවදානමක් තිබෙනවා නේද?
මම මේ කිව්වේ සාධාරණ තාර්කික මනසක් තිබෙන ඕනෑම කෙනෙකුගේ හිතේ මතු වන ප්‍රශ්න කිහිපය. මේ ප්‍රශ්න වලට පිලිතුරු දීලා අපේ හිතේ තිබෙන සැකය දුරු කරන එක අපේ මුදලින් ජර්මනියේ ගිය ජනාධිපතිතුමාගේ වගකීමක්.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්