News Category
From Date
To Date
Maximum Number of Result

යාළු මිත්‍ර සමාගමක් කන්ටේනර පන්නලා කළ මහා ලුණු වංචාවක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්..

Jul 28, 2025 at 05:37 PM
|

අද පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

"මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදව් කරපු ** සමූහ ව්‍යාපාරයේ සභාපති ** මහතාට ආණ්ඩුව කලගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව පත් කරපු බවත් මීට පෙර දූෂණ විරෝධින් වාර්තා කලා. නමුත් දූෂණය ඉදිරියට මිස පිටුපසට ගියේ නෑ. ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා **** සමාගම සමඟ එකතුවී කරන මහා වංචාවක් රටට හෙලිකිරිම අපේ යුතුකමයි කියලා අපි සැලකුවා.

පසුගිය කාලයේ ආණ්ඩුව මැවූ ලුණු හිඟය නිසා ලුණු මෙට්ටික් ටොන් 30,000ක් ආනයනයට නිෂ්පාදකයින්ටම අවසර දෙන්න ආණ්ඩුව තීරණය කරනවා. ඒ සමබන්ධව ආණ්ඩුව නිකුත් කරනවා 2025 අංක 6 දරණ ආනයන අපනයන පාලන රෙගුලාසි. ‍මේ රෙගුලාසියේ හතරවෙනි කොන්දේසිය තමයි. මැයි 19 පටන් ගන්න පුලුවන් ආනයනය කිරිම ආනයන අවසන් වෙන්න ඕන ජුනි මාසේ 10 වෙනිදා. ජුනි 10 වෙනිදා හෝ ඊට පෙර දිනයක් නැවට බඩු පැටවිමේදී නිකුත් කරන සහතිකයක් නැතිනම් නැව්භාර පත්‍රයේ සඳහන් විය යුතුයි. නැව්භාර පත්‍රය නැතින්ම බිල් ඔෆ් ලේඩින් කියලා ඉංග්‍රිසියෙන් කියනවා.

නැව්ගත කළ දිනය බලන්නේ නැවට භාණ්ඩ පැටවූ බවට නිකුත් කරන සහතිකයෙන්, නැතිනම් නෞභාර පත්‍රයෙන්. නැව් සමාගම භාණ්ඩ භාරගත් දිනය තමයි නෞභාරපත්‍රයට දාන්නේ. ඒ භාණ්ඩ එදාම නැවට පටවන්නත් පුළුවන්. නැතිනම් දවසක් දෙකක් ගත වෙන්නත් පුළුවන්.

ලුණු නැව් ලංකාවට ආවාම සමහර නෞභාරපත්‍ර වල නැව් සමාගම භාරගත් දිනය ජූනි 10 වුණත් නැවට පටවලා තිබෙන්නේ ජූනි 10, 11 සහ 12 දිනවල. ඒ නිසා මේ බහාලුම් නිදහස් කරන්න රේගුව බෑ කිව්වා. අඩුම ගණනේ ජූනි 10 නැවට පැටවූ ලුණු බහාලුම් පවා නිදහස් කරන්න රේගුව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව බහාලුම් 400කට ආසන්න සංඛ්‍යාවක් දැන් මාසයකට වැඩි කාලයක් වරායේ හිර වෙලා තිබෙනවා. ලුණු කිලෝවක මිල රු 100 සිට රු350 දක්වා තුන් ගණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගියා. මේ අතරේ නැව්භාර පත්‍රයේ දිනය විධියට ජූනි 10 සඳහන් ජූනි 11 සිට 12 දක්වා නැවට පටවපු **** සමාගමේ බහාලුම් හයක ලුණු ටොන් 168ක් ඒ කියන්නේ ලුණු කිලෝ 168,000ක් නිදහස් කිරීමට රේගුව කටයුතු කරනවා. සරලවම කිව්වොත් වෙනත් සමාගම්වල ජූනි 10 පැටවූ බහාලුම් වරායේ හිර කරගෙන රයිගම් සමාගමේ ජූනි 11 සහ 12 පැටවූ බහාලුම් නිදහස් කරනවා.

මුලින්ම මේ බහාලුම් නැවට පැටවූ දිනය ලෙස ජූනි 10 කියා අපි කියන්නේ කොහොමද? මේ තිබෙන්නේ. නිව් ගෝල්ඩන් සී ෂිපිං නමැති නැව් සමාගම වෙනුවෙන් කොස්කෝ ෂිපිං ලයින් නිකුත් කළ මේ නැව්භාර පත්‍රය අනුව නැවට පටවා තිබෙන්නේ ජූනි 10. නමුත් මේවා ඇත්තටම නැවට පටවා තිබෙන්නේ ජූනි 11 සහ 12. ඒ බව කොස්කෝ සමාගමෙන් අපි ලබා ගත්තු වාර්තාවේ තිබෙනවා.

*** ලුණු සමාගමට ලුණු එවූ බහාලුම් හයේම අංක දෙ‍වැනි පිටුවේ සඳහන් වෙනවා. කොස්කෝ සමාගමෙන් අපි ලබා ගත්තු බහාලුම් වාර්තාව අනුව නැවට පැටවූ දිනය බහාලුම් අංක OOCU059515-2 බහාලුම නැවත පටවන්නේ ජුනි මාසේ 12 මධ්‍යම රාත්‍රී 12 .09 , OOCU047430-09 බහාලුම ජුනි 12 මාධ්‍යම රාත්‍රී 12.04ට, CAIU6944861-07 බහාලුම නැවත පටවන්නේ ජුනි 12 මධ්‍යම රාත්‍රී 12.03ට, OOCU051219-0 බහාලුම නැවත පටවන්නේ ජුනි 12 මධ්‍යම රාත්‍රී 12.00ට, SEGU316341-7 බහාලුම නැවත පටවන්නේ ජුනි 11 දවල් 2.42ට, TLLU328453-0 බහාලුම නැවත පටවන්නේ ජුනි 11 පස්වරු 1.56. එහෙනම් *** සමාගමේ බහාලුම් හයම නැවත පටවා ඇත්තේ ජුනි 10 නෙවෙයි. ජුනි 11 සහ 12 යි.

දැන් *** සමාගමේ බහාලුම් විතරක් නිදහස් කළ බවට අපට තිබෙන සාක්ෂිය තමයි අන්තර්ජාලයෙන් ඕනෑම කෙනෙකුට පරික්ෂා කළ හැකි බහාලුම් තත්ව වාර්තාව නැතිනම් කන්ටේනර් ස්ටේටස් රිපෝට්. නැව්භාර පත්‍රයේ සඳහන් බහාලුම් අංක සහිත බහාලුම් හයම ජූලි 10 සිට 16 දක්වා අතර හිස් බහාලුම් ලෙස නැවත නැව් සමාගමට ලැබිලා තිබෙනවා.

බහාලුම් 400ක් පමණ වරායේ හිර කරගෙන ඉන්න නිසා තවම ලුණු මිල ඉහලයි. *** සමාගමේ ** ලුණු කිලෝවක මිල දැන් රු 325යි. සියළු බදු සහිතව ලංකාවට ආනයන වියදම රු80/-යි. මේ රු80/- ගෙනාවේ අයඩීන් සහිත ලුණු. ඒ නිසා දැන් තිබෙන්නේ පැකට් කර විකුණන්න විතරයි. ලංකාවට ගොඩබාන විට රු80/-ක් පිරිවැය වුණු ලුණු රු325/-ක් වුණේ කොහොමද කියන එක *** සමාගම විසින් අපට පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා ඉසි ලුණු වල ප්‍රමිතිය රැක ගන්න ආනයනය කරන ලුණු සෝදා වියලනය කරනවා. එහෙම කලත් මෙතරම් මිල ඉහල ගියේ කොහොමද?

ආණ්ඩුව විසින් කැට ලුණු සඳහා රු 180/-ක් ද කුඩු ලුණු සඳහා රු240/-ක් ද වශයෙන් කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා. එහෙම තිබිය දී රු240/- ලුණු කිලෝව **** විකුණන්නේ රු325/-ට. මේ මම කියන්නේ අද දවසේ වෙළඳපොලේ මිල. මේ පිළිබඳ කිසිම පියවරක් ගන්න පාරිභෝගික ආරක්ෂක අධිකාරිය බය වෙන්නේ **** ලොක්කා ජනපතිගේ මිතුරෙකු නිසා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

**** සමාගමේ බහාලුම් පමණක් නිදහස් කලේ ඩබ්ල් පොකට් කමිසයක සාක්කු දෙකම පිරුණු නිසා ද? නැතිනම් කලින් දුන්නු උදව් වලට කලගුණ සලකන්න ද? ආණ්ඩුව වහාම මේ ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි. රේගුව යොදාගෙන ආණ්ඩුව මේ කරන දූෂණ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙලා තිබෙන්නේ බහාලුම් 323 වංචාව පිළිබඳ සියළුම තොරතුරු සීඅයිඩියට සහ අල්ලස් කොමිසමට භාර දී තිබිය දී මේ අය ඒ ලිපි ගොනු උඩ නිදාගෙන ඉන්න නිසා කියන එක සිහිපත් කරන්න කැමැතියි. පොලිසියේ ලොක්කන් විධියට ඉන්නේ මාලිමා මැතිවරණ වේදිකාවේ හිටිය දේශපාලකයින් නිසා ආණ්ඩුවට විරුද්ධව ලැබෙන පැමිණිලි ගැන ඒ අය ක්‍රියා කරන්නේ නෑ කියමුකෝ. ඒත් ස්වාධීන යැයි සම්මත අල්ලස් කොමිසම මේ ගැන නිහඬව සිටීම නම් අපට දැවැන්ත ප්‍රහේලිකාවක්.

සමාගම් වලින් ලැබෙන දැන්වීම් වලට පෙරේත වෙලා මේ වංචාව සඟවන්න එපා කියලා සියළුම මාධ්‍ය වලින් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

- Media unit

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.