ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කෙටුම්පත් කරයි..
මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරේ.
මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා රටවල අනුග්‍රාහකත්වය හිමිව තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කළේය.
එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව එක්සත් රාජධානිය පෙන්වා දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බව ද අදාළ ප්‍රකාශය මගින් ඔහුන් පෙන්වා දී තිබේ.
ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන අතර අදාළ ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව ද එක්සත් රාජධානිය පවසයි.
මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බව එක්සත් රාජධානිය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් සමන්විත මූලික කණ්ඩායම ද පුසිගය 08 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කුමාර් අයියර් විසින් අදාළ ප්‍රකාශය සිදුකර ඇති අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට සිය ස්තූතිය පළකර ඇති බව වාර්තා වේ.
මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැසි සැසිවාරය පසුගිය 08 වනදා ආරම්භ වූ අතර එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවර ආකාරයේ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.
-අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්