නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් යොදා ගන්නවා.. ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල ලෙස පිළිගන්නේ නෑ - මහ බැංකු අධිපති
ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම ඩිජිටල් වත්කම් ක්‍රියාත්මක වන්නේ ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි නවීන ක්‍රමවේද හරහාය. ඒවා සාමාන්‍යයෙන් භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා භාවිත කළ නොහැකි වුවත්, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ගෙවීම් සඳහා යොදා ගත හැකිය.
මහ බැංකුව නිරීක්ෂණය කර ඇති ආකාරයට, ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රචලිත වී ඇත. නමුත් මෑතකාලීනව වාර්තා වූ පැමිණිලිවලින් පෙනී යන්නේ, මෙවැනි ආයෝජන නිසා විශාල වශයෙන් මූල්‍ය පාඩු සිදුව ඇති බවයි. ඇතැම් අවස්ථාවලදී මේවා වංචනික ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන ඇති බවට ද තොරතුරු ලැබී ඇත.
ලෝකයේ බොහෝ රටවල්, උදාහරණයක් ලෙස ඇමරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය වැනි රටවල්, ක්‍රිප්ටෝ මුදල් යම්තාක් දුරකට නියාමනය කර තිබුණත්, ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.
මහ බැංකුව අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල මුදල් ලෙස පිළි නොගන්නා බවත්, ඒවා භාවිතය සඳහා කිසිදු නියාමන ආරක්ෂාවක් නොමැති බවත්ය. ඒ අනුව, ක්‍රිප්ටෝ මුදල් නියාමනය නොවන ආයෝජන උපකරණයක් ලෙස සලකනු ලබයි.
තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කළ නියෝගයකට අනුව, ක්‍රිප්ටෝ මුදල් ගනුදෙනු සඳහා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම ද තහනම්ය. මහ බැංකුව පෙන්වා දෙන්නේ ක්‍රිප්ටෝ මුදල් රටේ ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොදක්වන අතර, ජාතික මූල්‍ය පද්ධතියට අහිතකර ලෙස බලපාමින් විදේශ විනිමය අහිමි වීමට ද හේතු විය හැකි බවයි.
මීට පෙර අවස්ථාවක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙනි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය රුපියල බවත්, නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් බහුලව භාවිත වන බවට තොරතුරු පවතින බවත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්