වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ රුසියාවේ ඉහළම සිවිල් සම්මානයෙන් පිදුම් ලබයි..
රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන "මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය" වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට පිරිනමා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් විසින් ඊයේ (040 දිනයේ වෛද්‍ය වීරසිංහ වෙත මෙම සම්මානය පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.
දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ඔහුට මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025 වසරේ දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වන්නේ ද වෛද්‍ය සමන් වීරසිංහ මහතායි.
උත්සවය ඇමතූ ජනාධිපති පුටින්, අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය වර්ධනය කිරීමේ දී වෛද්‍ය සමන් වීරසිංහගේ කාර්යභාරය අගය කරනු ලැබීය.
එමෙන්ම රුසියාව සමඟ සංස්කෘතික හා මානුෂීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශාල දායකත්වයක් වෛද්‍ය සමන් වීරසිංහ මහතා විසින් ලබාදෙන බවයි ව්ලැඩ්මිර් පුටින් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
මොස්‌කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 - 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා -රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු හොබවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්