අනුරාධපුරේ වැව් රක්‍ෂිත මැන්න වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්..
ආන්දෝලනයට තුඩු දුන් අනුරාධපුර නුවර වැව් රක්ෂිතය ඇතුළු වැව්රක්ෂිතවල සීමා මායිම් ලකුණු කිරීමේ රාජකාරියේ නිරතව සිටි අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා හදිසි ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.
නුවර වැව ඇතුළු වාරිමාර්ග වැව්රක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ප්‍රබල වැඩ කොටසක් කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම තනතුරට පැමිණ වසරක්වත් ගෙවී ගොස් නොමැති අවස්ථාවක මෙවැනි ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ පැහැදිලිවම දේශපාලන අරමුණක් හේතුවෙන් බැව් වාරිමාර්ග සේවකයෝ පිරිසක් සැක පළ කරති.
කෙටි කාලයක් තුළ ජනතාව අතර සහ සේවකයින් අතර කීර්තිමත් නිලධාරියකු වශයෙන් රාජකාරී කටයුතු කළ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද මායිම් සටහන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැති ඇමතිවරු සමඟ සෘජුවම පෙනී සිටියේය.
නුවර වැව වැව්රක්ෂිතයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ පලිහේන මහතාගේ ද ඉඩම සීමාවට අයත් වී තිබේ.
එමෙන්ම අනුරාධපුර නුවර වැව් රක්ෂිතයේ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනා තුන්සිය පනහ ඉක්මවා ලැබී ඇති බව හිටපු වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉකුත්දා සදහන් කළේය.
නුවර වැව වැව්රක්ෂිතයේ ඉඩම් සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගන්නා තුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවැනි පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයෝ, පරිසරවේදීහු සහ සාමාන්‍ය ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
- අනුරාධ චතුරංග
ADA
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්