News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට (01) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

2025 අප්‍රේල් 4 සිට 6 දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම ඇතුළත් වේ.

මෙරට කෘෂි කර්මාන්තයට හානි කර සතුන් සංගණය කිරීමේ වාර්තාව ඊයේ දිනයේ(28) ප්‍රකාශයට පත් කරන බව මීට පෙර ප්‍රකාශ වුවද වාර්තාව සමාජගත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීරණය කළ 104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA) ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බවත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද අනුමත කරනු ලැබීය.

බුදු දහම ඉලක්ක කරගෙන මේ මොහොතේ ඉතා සංවිධානාත්මක කූඨ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත්, මෙම ආණ්ඩුව බලයට පත්කරගන්නා ලද්දේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට වුවද, වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ චාර්ල්ස් තෝමස්ලාගේ අන්තවාදී ඉගැන්වීම් බවත් ජාතික කාන්තා එකමුතුවේ හෂිනි සිල්වා මහත්මිය සඳහන් කරයි.

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධව බරපතළ යෝජනාවක් සම්මත කිරීමට නියමිත බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරයි. ඔහුට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව විසිනි.

2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි පැවසේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.


දේශීය පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පුංචි ඡන්දයෙන් මාලිමාව පසුබෑමක..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.