News Category
From Date
To Date
Maximum Number of Result

බෙදුම්වාදී මර උගුලක් ලෙස හදුන්වමින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට එරෙහිව ජාතික සංවිධාන විසින් පසුගිය කාලයේදී ප්‍රබල විරෝධයක් මතුකරනු ලැබීය.

ජාතික ජන බලවේග නායකයන් අද කටයුතු කරන ආකාරයෙන් ඔවුන්ගේ ජන පදනම විශාල වශයෙන් දුර්වල කර ගැනීමක් තමන් දකින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. අද වන විට ජාතික ජනබල වේගය යටපත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉස්මතු වී ඇති බවත් පවසන ඔහු ආණ්ඩුව මෙහෙයවමින් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් පවසයි. සිය අන්තර්ජාල නාලිකව ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරුද්ධතාවයක් !!! හිටපු ආරක්ෂක ප්‍රධානින් පිරිසකට එක්සත් රාජධානියෙන් පැනවූ සම්බාධක හෙලා දකිමින් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමිට විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් අද සවස බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා....

සත්‍ය සෙවීමේ කොමිසම මර උගුලක් පය තබන්න එපා! ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ජාතික සංවිධාන 55ක අත්සනින් යුතු සංදේශයක් ත්‍රෛනිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම සදහා අත්සන් තැබීම ඊයේ (30) පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී සිදුවිය.

1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටවීමට ගත් උත්සාහය පරාජය කිරීමට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ දිවි පරදුවට තබා සටන් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (UNP) ඉරිදා සුබ පැතුම් එක්කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ.

එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය පවසනවා.


දේශීය පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය

කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන අතර ස්වාධීන කණ්ඩායම්වල සහය අවශ්‍ය වුවහොත් ලබාගන්නා බව ජාතික ජන බලවේගය පවසයි.

ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පුංචි ඡන්දයෙන් මාලිමාව පසුබෑමක..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.