සෞඛ්‍ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්‍ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ සහ විහාරාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය චන්දන අබේරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින්, මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.
රාජ්‍ය හෙද සේවයේ නියුතු කාන්තාවන්ගේ නිල ඇඳුම ජාති, ආගම් හෝ කුල වශයෙන් වෙන් නොකොට පොදුවේ සෑම දෙනාම එකම නිල ඇඳුමකින් සැරසී සිටීම සේවයේ විශිෂ්ට ඒකාත්මීය ස්වභාවයට හේතු වන බව එම ලිපියේ සඳහන් වේ.
රෝගි කේන්ද්‍රීය සේවයක් වන හෙද සේවයේ නියුතු මුස්ලිම් කාන්තාවන් "හිජාබ්" වැනි ආගමික සිරිතට අනුව සැරසී සිටීමෙන් හෙද සේවයේ ස්වලක්ෂණ විෂයෙහි කිසිදු ගුණාත්මක හෝ යුක්ති සහගත බවක් ඇති නොවන අතර, එයින් අනවශ්‍ය වාර්ගික පෙළඹවීමකට තුඩුදෙන අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වන බව උන්වහන්සේ පෙන්වා දී ඇත.
තවද, ඉස්ලාම් නීතිය හා දඬුවම් ක්‍රම (අල්හද්, කියාස් සහ තඃසීර්) මෙන්ම මිනීමැරුම්, සොරකම් සහ ලිංගික අපචාර වැනි අපරාධ සඳහා ඉස්ලාමීය ෂරීආ නීතිය යටතේ නියම වන දඬුවම් ක්‍රම පිළිබඳව ද එහි දීර්ඝ වශයෙන් විස්තර කර ඇත.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් වත්මන් රජය අදූරදර්ශී තීරණ නොගත යුතු බවත්, මීට වසර 33 කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ද ඉදිරිපත් වූ මෙවැනි යෝජනා සම්මත නොකළ යුතු බවත් උන්වහන්සේ ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..