යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.
ලංකා වොයිස් නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
දියුණු රටවල් ලෙස සැලකෙන ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රිතාන්‍ය වැනි යුරෝපා රටවල පවා ජනතාව පාරට බැසීමට තරම් ආර්ථිකය පිරිහීමට ප්‍රධාන හේතුව 1980 ගණන්වල සිට ක්‍රියාත්මක වූ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති බව මුණසිංහ මහතා පෙන්වා දෙයි. පොහොසතුන් තවදුරටත් පොහොසත් වන අතරවාරයේ සාමාන්‍ය කම්කරු ජනතාවගේ සැබෑ වැටුප් එකම මට්ටමක පවතිද්දී, ජීවන වියදම සහ භාණ්ඩ මිල ඉහළ යෑම මෙම අසහනයට මුල් විය.
මීට අමතරව, යුක්රේන යුද්ධය වෙනුවෙන් යුරෝපා රටවල් තම ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් ආයුධ සඳහා වැය කිරීම සහ රුසියානු බලශක්ති සැපයුම් අහිමි වීම හේතුවෙන් ඇති වූ උද්ධමනය මෙම අර්බුදය තවත් උග්‍ර කළ බව ඔහු සඳහන් කරයි.
බටහිර රටවල් මෙන් නොව, චීනය සහ දකුණු කොරියාව වැනි ආසියාතික රටවල් තවමත් රජයේ ශක්තිමත් සැලසුම් සහ මැදිහත්වීම් මත පදනම් වූ ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කරන බව හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන්ම චීනය නව තාක්ෂණය සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කරමින් ලෝක ආර්ථිකයේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබෙන බවත්, බ්‍රික්ස් (BRICS) වැනි සංවිධාන හරහා ගෝලීය දකුණේ රටවල් නව වෙළඳපල සහ ආර්ථික සබඳතා ගොඩනඟමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවද දශක ගණනාවක් පුරා මෙම අසාර්ථක නවලිබරල් ආර්ථික රාමුව තුළ සිරවී සිටින බව පෙන්වා දෙන මුණසිංහ මහතා, වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත යැපීමත් සමඟ දේශීය කර්මාන්ත සහ මහජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බවට චෝදනා කරයි.
එමෙන්ම, රටක් ලෙස නොබැඳී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු වුවද, වත්මන් පාලනය බටහිර රටවල් සහ නේටෝ සංවිධානය සමඟ ඉතා සමීප මිලිටරි සබඳතා පවත්වමින් යාම අතිශය භයානක තත්ත්වයක් බව ඔහු අවධාරණය කරයි. මෙවැනි ක්‍රියාමාර්ග නිසා රට භූ-දේශපාලනික ගැටුම්වල ඉලක්කයක් බවට පත්වීමේ අවදානමක් ඇති බවට ඔහු දැඩි ලෙස අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..