News Category
From Date
To Date
Maximum Number of Result

උතුරු සහ නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමය විනාශවී ඇති ආකාරය පිළිබඳව මහානායක හිමිවරුන් මුණගැසී කරුණු පැහැදිලි කිරීමට තීරණය කර ඇති බවත්, මෙම බෞද්ධ ජාතික උරුමයන් විනාශවීමට හේතුවන අත්පත්කර ගැනීම් රාශියක් දැකගත හැකි බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයට යාබදව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිසිය විසින් බලංගොඩ කස්සප හිමිපාණන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ සිව් නමකට හා ප්‍රදේශවාසීන් පිරිසකට එරෙහිව ත්‍රිකුණාමලය පොලිසිය මගින් ගොනුකර ඇති පැමිණිලි ඉදිරියට පවත්වාගෙන යෑම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නේ ද නැති ද යන නියෝගය ලබන 30 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (22දා) පස්වරුවේ දින නියම කළේය.

අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහන සහ ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (22) පැවැත් වුණු අතර, එහිදී නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පැතිර යන කතා පිළිබඳව මාධ්‍යවේදින් ප්‍රශ්න කර සිටියේය.

මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ආණ්ඩුවේ බලවත් අමාත්‍යවරයකු වන ලාල් කාන්ත මහතාගේ ඊයේ (ජනවාරි 21) ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයන් රටේ බෞද්ධ සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් බවට පත්ව ඇති බවත්, රජය 'රාජ්‍ය බලය' අල්ලා ගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක නිරතව සිටින බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ජාවාරමක් පිටුපස රජයේ බලවත් අමාත්‍යවරයකු සිටින බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ජවිපෙ ගුරු සංගමයේ ප්‍රධානියා වන මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ buddy නමැති වෙබ් අඩවිය 2016 මුද්‍රණය වූ 11 වසරේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පොතෙත් අන්තර්ගත කර ඇති බව සහ එම නිසා අසභ්‍යකරණය ආරම්භ වුයේ එම අවරුද්දේ දී බවය.

වෙනිසියුලාවේ අඛණ්ඩ එක්සත් ජනපද මැදිහත්වීම සහ රටේ තේරී පත් වූ නායකත්වය පැහැර ගැනීම හෙළා දකිමින්, නේපාලයේ කොමියුනිස්ට් සහ වාමාංශික පක්ෂ පහක් එක්ව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා තිබේ.

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.

සිවුරද ලෝගුවද අදාළ නැති බවත්, අපිට පහර දුන්නොත් අපි පහර දෙනවා යැයි අමාත්‍ය ලාල් කාන්ත මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ මේ රටේ මහා සංඝරත්නයට පහර දීමට පැකිලෙන්නේ නැති බව බොහොම විවෘතව එමගින් ඔවුන් පවසා ඇති බවත් ය.


දේශීය පුවත්

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.