යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් යුද නෞකාවට ගින්නෙන් හානි, වැසිකිළි අවහිරයි අමෙරිකානු සෙබලාගෙ චිත්ත ධෛර්යය පහත වැටිලා- අළුත් වැඩියාකිරීමට යුද පෙරමුණෙන් ඉවතට
යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන් අමෙරිකානු නාවික භටයින්ට තුවාල සිදු වී සෙබළුන්ගේ නිදන ඇඳන් 100 ක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුද මෙහෙයුමකදී ලොව විශාලතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට හානි ගෙන දුන් නවතම අනතුර මෙය බව යුද විශේෂඥයෝ පවසති.
මාස නවයකට ආසන්න කාලයක් මුහුදේ රැඳී සිටිමින් ඉරානයට එරෙහි යුද්ධයට සහාය වීම සඳහා දැනට රතු මුහුදේ ස්ථානගත කර තිබූ මෙම නෞකාව ගින්න හේතුවෙන් අලුත්වැඩියා කටයුතු සඳහා ග්‍රිසියට අයත් ක්‍රීට් දිවයින වෙත යාත්‍රා කරනු ඇතැයි විදෙස් වාර්තා පවසති.
මෙතරම් කාලයක් යුද මෙහෙයුම් වල යෙදවීම හේතුවෙන් නාවික භටයින්ගේ චිත්ත ධෛර්යය සහ යුද නෞකාව මෙහෙයුම් සඳහා ඇති සූදානම පිළිබඳව ප්‍රශ්න මතු කර තිබේ.
නම සඳහන් කිරීමට අකමැති වූ නෞකාවේ සේවය කළ නිළධාරින් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්, ඩොලර් බිලියන 13 ක් වටිනා යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව ක්‍රීට් දූපතේ කොපමණ කාලයක් නවතා තබනු ඇද්ද පිළිබඳව තහවුරු කර නැතැයි අවධාරණය කළේය.
නෞකාවේ ප්‍රධාන රෙදි සෝදන ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ ගින්න හේතුවෙන් දුම ආශ්‍රිතව ඇති වූ තුවාල වලින් නැවියන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබා ඇති බව තවත් නිලධාරියෙක් පැවසීය. ගින්න පාලනය කිරීමට පැය ගණනක් ගත වූ අතර සෙබළුන් විවේක ගන්න ස්ථාන 100 කට හානි වී ඇති බවද එම නිලධාරිහු රොයිටර් පුවත් සේවයට පැවසූහ.
එලෙසම, එක් නාවික භටයෙකු තුවාල හේතුවෙන් නෞකාවෙන් පිටතට ගෙන ගිය බවද එම නිලධාරියා අනාවරණය කළේය. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස විදෙස් මාධ්‍ය කළ ඉල්ලීමකට පෙන්ටගනය වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත. එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම විධානය උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නාවිකයින් දෙදෙනෙකුට "ජීවිත හානි සිදු වීමට තරම් බරපතල නොවන තුවාල" හේතුවෙන් ප්‍රතිකාර ලබා දුන් බවයි. ගින්න ආරම්භයේදී, එක්සත් ජනපද හමුදාව පවසා තිබුණේ නෞකාවේ එන්ජින් කාමරයට කිසිදු හානියක් සිදු නොවූ බවත් ගුවන් යානා වාහකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ බවත්ය.
නාවිකයින් 4,000 කට වැඩි පිරිසකින් සමන්විත නෞකාව මුහුදේ සිටියදී එහි වැසිකිළි පද්ධතියේ සැලකිය යුතු ගැටළු වලට මුහුණ දී ඇති බව වාර්තා වන අතර, එක්සත් ජනපද මාධ්‍ය නෞකාවේ අවහිර වූ පද්ධති සහ වැසිකිළි සඳහා දිගු පෝලිම් ඇති වූ බවද අනාවරණය විය.
එක්සත් ජනපද රජයේ වගවීමේ කාර්යාලයේ 2020 පළ කළ වාර්තාවක සඳහන් වූයේ නෞකාවේ වැසිකිළි පද්ධතිය "අනපේක්ෂිත හා නිතර අවහිර වීමකට" ලක් වූ බවත් එය පිරිසිදු කිරීම සඳහා නිතිපතා ඇසිඩ් යෙදවීමට සිදුවන බවත්, ඒ සඳහා සෑම අවස්ථාවකම ඩොලර් 400,000 ක වියදමක් දැරීමට සිදුවන බවත්ය.
පසුගිය මාසයේ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද නාවික හමුදාව වැසිකිළි ගැටළු පිළිබඳ වාර්තා පිළිගත් නමුත්, නැවේ අ ණ දෙන නිළධාරින් උපුටා දක්වමින් “අඩු කාලයක් සහිතව, ඉංජිනේරු නිලධාරීන් විසින් අවහිරතා සිදුවීම් වහාම විසඳනු ලැබේ” යනුවෙන් පැවසීය.
සෙනෙට් බුද්ධි කමිටුවේ උප සභාපති සෙනෙට් සභික මාර්ක් වෝනර් ඊයේ(17) නෞකාව දීර්ඝ කාලයක් සේවයේ යෙදවීම දැඩි ලෙස විවේචනය කළේය.
“වසරකට ආසන්න කාලයක් යූඑස්එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් මුහුදේ ගත කිරීමෙන් පසු ඊයේ(17) ගින්නෙන් සිදුවූ හානියේ තරම මුලින්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මැද පෙරදිග කළාපයට යෙදවීමට සූදානම් වන තවත් ගුවන් යානා නෞකාවක් වන යූඑස්එස් ජෝර්ජ් එච්ඩබ්ලිව් බුෂ් මගින් ෆෝඩ් නෞකාවට සහනයක් ලැබෙනු ඇතැයි හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් නිව්යෝක් ටෛම්ස් පුවත් පත පැවසුවේය.
පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළ දා සිට එක්සත් ජනපදය හඳුනාගත් ඉලක්ක 7,000 කට වඩා ප්‍රමානයකට ප්‍රහාර එල්ල කර ඇත.
ෆෝඩ් නෞකාව F-18 සුපර් හෝනට් ඇතුළු හමුදා ගුවන් යානා 75 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යන අතර ගුවන් ගමනාගමනය සහ නාවික කටයුතු පාලනය කිරීම සඳහා නවීන රේඩාර් පද්ධතියකින්ද සමන්විත වේ.
මැද පෙරදිග යෙදවීමට පෙර, ෆෝඩ් නෞකාව කැරිබියන් දූපත් වල එක්සත් ජනපද මෙහෙයුම් සඳහා සහභාගී වූ අතර, එහිදී එක්සත් ජනපද හමුදා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ බෝට්ටුවලට ප්‍රහාර එල්ල කළ අතර, වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමටද දායක කර ගත්තේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා