News Category
From Date
To Date
Maximum Number of Result

සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටහ.

ගෝලීය සංචිත මුදල් ඒකකයක් ලෙස එක්සත් ජනපද ඩොලරයේ තත්ත්වය මෙම වසර මුලදීම ප්‍රශ්නකාරී තත්වයකට පත් විය හැකි බව ජර්මානු මූල්‍ය නියාමන ආයතනය වන ෆෙඩරල් මූල්‍ය අධීක්ෂණ අධිකාරිය හෙවත් BaFin සිය වාර්ෂික අනාවැකිය මගින් අනතුරු අඟවා තිබේ.

වත්මන් මහජන චීන ජනරජයේ ස්වයං පාලිත පාළාත් පහෙන් එකක් වන ෂිසැන්ග් ප්‍රදේශය වර්තමානය තුළ අත්පත්කරගෙන තිබෙන තිබෙන් සීඝ්‍ර සංවර්ධනය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන විශේෂිත ලිපියක් පහළින් දැක්වේ.

පත්වන ආණ්ඩු රට ගොඩනැගීමට විවිධ වූ සංකල්ප, පොරොන්දු ඉදිරිපත් කළ ද එම පත්වන සෑම ආණ්ඩුවකටම සිදුවන්නේ රටට පරිභාහිරින් ඉදිරිපත්වන න්‍යායපත්‍රයන්ට අනුව කටයුතු කිරීමට බවත්, කවුරු බලයට පැමිණියත් එම න්‍යයායපත්‍රයට යටත් වන බවත් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත් ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා හරහා දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සබදතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell මහත්මිය බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියාය.

ප්‍රමුඛ පුණ්‍යායතනයක් විසින් කරන ලද විශ්ලේෂණයකට අනුව, එක්සත් රාජධානියේ දරිද්‍රතාවය තවත් නරක අතට හැරී ඇති අතර, වාර්තාගත සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන අතර ඔවුහු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ජීවත් වෙති.

මෙරටට බාල ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් සිදුකළ යුතු බවත් විදුලි බල ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යංශය විසින් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමට අසමත් වූ බව වාර්තා වීමෙන් පසු එක්සත් ජනපද රජය ඉරානයට ප්‍රධාන නව ප්‍රහාරයක් සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව වාර්තා වන බැවින්, ඊයේ(29) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මැද පෙරදිග පිළිබඳ ඉහළ මට්ටමේ විවාදයකදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජිතයා පැවසුවේ ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයක් කලාපය අනපේක්ෂිත අගාධයකට තල්ලු කරනු ඇති බවයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ගිවිසුම් ගතවීමකට හෝ සාකච්ඡා කිරීමක් සඳහා පැමිණිය යුතු කාලය අවසන් වෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා ඇති අතර, අති විශාල අමෙරිකානු නාවික හමුදාවකින් සමන්විත සන්නද්ධ යුද නෞකාවක් ඉරානය දෙසට ඉතා උද්‍යෝගයෙන් සහ ස්ථිර අරමුණකින් වේගයෙන් ගමන් කරන බවට ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.


දේශීය පුවත්

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.