සෞදි අරාබියේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ ඛනිජ තෙල් ආශ්‍රිත පහසුකම්වලින් ඉවත්ව සිටින ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ජනතාවට අනතුරු අඟවයි
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයන්හි ඛනිජ තෙල් ආශ්‍රිත පහසුකම් වලින් ඉවත්ව සිටින ලෙස එම රටවල මහජනතාවට අනතුරු අඟවා තිබේ.
ඊයේ (18) නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සෞදි අරාබි, එමිරේට් සහ කටාර් රාජ්‍යවල පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට පහත සඳහන් ස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස අනතුරු ඇඟවීය.
1. සෞදි අරාබියේ සම්රෙෆ් ඛනිජ තෙල් පිරිපහදු සංකීර්ණය
2. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් ගෑස් සංකීර්ණය
3. සෞදි අරාබියේ අල්-ජුබයිල් ඛනිජ රසායනික සංකීර්ණය
4. කටාර්හි මෙසායිඩ් ඛනිජ රසායනික සංකීර්ණය සහ මෙසායිඩ් හෝල්ඩින් සමාගම (මෙය චෙව්රොන්හි අනුබද්ධිත ආයතනයකී
5. කටාර්හි රාස් ලෆාන් පිරිපහදුව (අදියර 1 සහ 2)
එම ස්ථාන ඉරානයේ ප්‍රතිප්‍රහාර සඳහා “නීත්‍යානුකූල සහ ප්‍රධාන ඉලක්ක” බවට පත්ව ඇති අතර ඉදිරි පැය කිහිපය තුළ ඒවාට පහර දෙන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසීය. සියලුම පුරවැසියන්ට, පදිංචිකරුවන්ට සහ කාර්ය මණ්ඩලයට එම ප්‍රදේශ වලින් වහාම ඉවත් ව දුරස්ථ ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය මගින් අනතුරු ඇඟවීය.
එවැනි අනතුරුදායක මාවතකට පිවිසීමට හෝ ඔවුන්ගේ ජාතීන්ගේ ඉරණම මත තබා ඇති සූදුවට හසු නොවීමට කටයුතු නොකරන එම අරාබි රටවල් තුනෙහි පාලකයින්ට දැනටමත් පැහැදිලි සහ නැවත නැවතත් අනතුරු ඇඟවීම් ලබා දී ඇති බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා