ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ පසුගිය නොවැම්බර් 16 වැනිදා බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේදී වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බව කියන චෝදනාවකට බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව් නමක ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් නව දෙනකු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) දින නියෝග කළේය.
මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කර දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව පිළිගන්නා නමුත් එවැනි ප්‍රතිසංස්කරණ කාර්යයක් කළ හැක්කේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කරනු ලබන සංවාදයකින් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් ඇරඹූ සත්‍යග්‍රහය 6 ශ්‍රේණියට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල්තැබීමට ආණ්ඩුවේ තීරණය නිවේදනය කිරීමත් සමග ඊයේ සවස අවසන් කෙරුණු අතර එහිදී විමල් වීරවංශ මහතා පවසා සිටියේ විකෘති ප්‍රතිසංස්කරණ හකුළා ගැනීම රටම ලැබූ ජයග්‍රහණයක් බවය.
ඉරානයේ විරෝධතාකරුවන්ට විරෝධතා දිගටම පවත්වාගෙන යන ලෙස ආරාධනා කරමින්, ඔවුන්ට සහාය ලැබීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
දේශීය පුවත්
වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..
"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..