News Category
From Date
To Date
Maximum Number of Result

බලශක්ති ඇමති හොරෙක් නොවේ නම් ඉල්ලා අස්වුනේ ඇයි?.. ඉදිරි කාලය මහජන බලය මහපාරේ ක්‍රියාත්මක වෙන කාලයක්.. - විමල් වීරවංශ

Apr 20, 2026 at 07:21 AM
|

මාලිමා ආණ්ඩුවේ 159 පවසන දේ දියවෙන්නට ගතවන්නේ බොහෝ කෙටි වේලාවක් බවත්, ඉදිරි කාලය යනු මහජන බලය මහපාරේ ක්‍රියාත්මක වෙන කාලයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රශ්න කරන්නේ හිටපු බල ශක්ති අැමති කුමාර ජයෙකාඩි වංචාවක් නොකළා නම් ඉල්ලා අස්වන්නේ ඇයිද? යන්නය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අයුරු පහළින්..

ප්‍රශ්නය: ආණ්ඩු පක්ෂය 159ක් ඉන්නවා. එතකොට ඒ අංකවලින් ආණ්ඩුව අඩු කරන්න පුළුවන්යි කියලා හිතනවද?

පිළිතුර: සාමාන්‍යයෙන් ගිනිකන්දක් කියන්නේ ලොකු කන්දක්. ඒ කන්ද ලාවා උතුරන්න කලින් කාටවත් හිතෙන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා ඒ තරම් විශාල කන්දක. ඔය 159 කියන ඒවා දියවෙන්න යන්නේ බොහොම ටික වෙලාවයි. මහජන බලය ඉදිරිපිට ඕන බලයක් යටත් වෙන්න වෙනවා, වළක්වන්න බැහැ. ඉදිරි කාලය කියන්නේ මහජන බලය මහපාරේ ක්‍රියාත්මක වෙන කාලයක්. අඟුරු කුමාරට බලාගන්න පුළුවන් මේ ශාපයේ පාපයට විරුද්ධව නැගී සිටින මහජන විරෝධය මොන විදිහකටවත් ආපස්සට තල්ලු කරන්න හම්බවෙන්නේ නැහැ. ඒ මහජන විරෝධයට නායකත්වය දෙන්න අපි සූදානම්, ඒක වළක්වන්න මොන ජගතෙකුටවත් බැහැ.

ප්‍රශ්නය: දැන් 159ක් අත ඉස්සුවානේ? මේ විශ්වාසය ඔවුන්ට ප්‍රකාශ කරේ ආණ්ඩුවවත් ඔහු (අමාත්‍යවරයා) වත් හොරෙක් නෙමෙයි කියන එකනේ?

පිළිතුර: ඔව්.

ප්‍රශ්නය: එතකොට ඔවුන් කියනවනේ මෙයා හොරෙක් නෙවෙයි, මෙයා වංචාවක් කරලා නැහැ කියලා. ඉතින් හොරෙක් නෙවෙයි නම්, වංචාවක් කරලා නැත්නම් ඉල්ලා අස් වෙන්න ඕනේ නැහැනේ? ඉල්ලා අස්වුණේ ඔබ හිතන්නේ ජනතාවගේ පීඩනයටද? නැත්නම් මේ ආණ්ඩුවේ විනිවිදභාවය පෙන්නන්නද?

පිළිතුර: විනිවිදභාවය පෙන්නන්න නම් කරන්න තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් කෙලින්ම අධිකරණයට මේ චෝදනාව අරගෙන යන එකනේ. අධිකරණය මගපෙන්වීම යටතේ ඒ විමර්ශනය කරන එකනේ. චූදිතයාට රටින් පැන යන්න බැරි වෙන විදිහට පාස්පෝට් එක අධිකරණ භාරයට ගන්න එකනේ. අවශ්‍ය නම් රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා නඩු අහන එකනේ. 

ඒක නොකර කොමිසම්, කොමිටි දාන්නේ මේ චූදිතයාව බේරගන්න මිසක් දඬුකඳේ ගහන්න නෙමෙයි. හැබැයි ඉතින් දැන් මහජන මතය මේකට විරුද්ධව ගොඩනැගිලා තියෙන හින්දා, ඉදිරියේ ලයිට් කපනකොට මරාගෙන මැරෙන මානසිකත්වයකට මහජනයා එන්න නියමිත හින්දා, ඉදිරියේ විදුලි බිල අසාධාරණ ලෙස ලොකු අගයකින් ඉහළ දානකොට මේ රටේ ව්‍යාපාර වැහෙන හන්දා, කර්මාන්ත වැහෙන හන්දා, ඒ හැම මිනිහගෙම කේන්තිය ආණ්ඩුවට කිහිප ගුණයකින් එල්ල වෙන හන්දා ඒ ආතතියෙන් ගැලවීම සඳහා තමයි අර සෞම්‍යට කියන්නේ, බාලකුමාරට කියන්නේ "ඔබ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන්, මෝරාව බිලි දෙන්නේ නැහැ, අවශ්‍ය කෙනා බිල්ලට දීලා අපි ඔබව බේරගන්නවා" කියලා.

ප්‍රශ්නය: එදා හවස අමාත්‍යවරයා අයින් වෙච්ච දවසේ හවසම මාධ්‍යට ආපු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු කිව්වේ "කිසිදු වරදක් වෙලා නැහැ, අපි හොරකම් කරන්නේ නැහැ, අපි විනිවිදභාවයෙන් පෙනී සිටින ආණ්ඩුවක්, කවදාකවත් හොරකමකට උඩගෙඩි දෙන්නේ නැහැ" කියලා?

පිළිතුර: පට්ට හොරකමක් කරලා, ඒ පට්ට හොරකම අතේ පත්තු වෙලා, අර රෙද්දෙත් මොනවද වෙලා ඒ ඔක්කොම ගඳ ගහනකොට, ඒ ඔක්කොම ගඳ අරගෙන මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පට්ට හොරකමේ අයිතිකාරයෝ ටිකක් කියනවා "කිසිම හොරකමක් වෙලා නැහැ" කියලා. ඉතින් අපිට පට්ට හිනා. මේ කියන ඒවා අහනකොට ඕවා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට. සිඟිති තුනේ අයට. සිඟිති තුනේ වුනොත් දැන් පිළිගන්නේ නැහැ. 

එහෙන් මන්දිර පේනවා, මෙහෙන් හොරකම අතේ පත්තු වෙලා තියෙනවා, සිඟිති තුනේ උන්ටත් පේනවා. දැන් නායකයෝ යන්නේ ධම්මික (කැසිනෝ ධම්මික) ලාගේ මග. දැන් ඒගොල්ලෝ නායකයාගේ නායකයා කැසිනෝ ධම්මික. ජවිපෙ සාමාජිකයාගේ නායකයා අඟුරු කුමාර වුණා, අඟුරු කුමාරගේ නායකයා කැසිනෝ ධම්මික වුණා. ඉතින් දැන් සාමාජිකයෝත් ඔය පට්ටපල් බොරු පිළිගන්නේ නැහැ. පිළිගන්න තුන් දෙනෙක් ඇති, ඒ ඇරෙන්න රටේ මිනිස්සු ඔය ලණු කන්නේ නැහැ. ඔය බොරු ඇහුවා ඉවරයි. ඒ බොරු වලට දැන් ආයේ අවනත නැහැ. ඔය බොරු වලින් සනසන්න බැහැ.

ප්‍රශ්නය: කවදා හෝ සත්‍ය හෙළි වෙයි කියලා අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ තියෙනවා?

පිළිතුර: කවදා හෝ අඟුරු කුමාරත් දැනට තීරණය කර තිබෙන උදෘතය යටතේ සත්‍ය හෙළිවෙයි. ඒ සත්‍ය වනාහි "අමාත්‍යාංශ ලේකම් මීට සම්පූර්ණයෙන් වගකිව යුතුය, එබැවින් ඔහු මීට වරදකරුය" යන සත්‍යයයි. ඒ සත්‍ය හෙළි වූ පසු බාලකුමාර ඉබේ ගොඩයයි. ඒක දන්න හින්දා තමයි අර බාලකුමාර බය නැතුව කියන්නේ "කවදා හෝ සත්‍ය, නිර්මල, පරම පවිත්‍ර සත්‍යය මගේ මිතුරාවන අඟුරු කුමාර තෙමේ විසින් සොයා දෙයි" කියලා. ඒ විශ්වාසය එයාට තියෙනවා, එයා ඒකෙන් සතුටට පත්වෙලා ඉන්නවා. මෙහෙමනේ, බෙල්ල ගහලා යන්න ගිය මිනිහෙක්ව බෙල්ල බේරලා දෙන එකත් යාළුකමේ ලොකු දෙයක්නේ. ඒක ඉතින් මොනවා වුණත් හොඳ යාළුකමක්. ඒක පිළිබඳ විවාදයක් නැහැ.

ප්‍රශ්නය: ඒ කියන්නේ මේ රජයේ නිලධාරීන්ව බිල්ලට දෙනවා කියන එකද?

පිළිතුර: ඔය අමාත්‍යාංශ ලේකම්ට ඉල්ලා අස්වෙන්න කිව්වේ ඒ මහත්තයාව තමයි බෙල්ලට තොණ්ඩුව දාන්න හදන්නේ. ඒ මහත්තයාට පාන්දර හතරට ජනාධිපති කතා කරාද නැද්ද? කතා කර කර උපදෙස් දුන්නද නැද්ද? ඔය මිලදී ගැනීමේ ෂෙඩියුල් (Schedule) එක වෙනස් කරන්න ඇමතිට තනි අභිමතියට පුළුවන්ද? 

දැන් මම රත්නායක කියනවනේ බ්ලැක් මාර්කට් (Black Market) එකෙන් හරි තෙල් ගන්න කැබිනට් අනුමැතිය හම්බුණා කියලා. බ්ලැක් මාර්කට්වලින් තෙල් ගන්න පුළුවන්ද ආණ්ඩුවකට? මේගොල්ලෝ හිතන් ඉන්නේ එහෙම. ඉතින් එහෙම කියන අය ඊට වඩා හොරකම් කරන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? ලෝකේ වැඩිම මිලට ඩීසල් ගෙනාපු ආණ්ඩුවනේ. අඩු ගානේ ප්‍රීමියම් එක ඩොලර් 100කට වඩා තිබුණා, ඒකෙන් 150ක් විතර අඩු ගානේ හොර කප්පම වෙන්න ඕනා, කොමිස් වෙන්න ඕනා. 

එතකොට බලන්න මෙහෙම පීඩාවකට වැටිලා තියෙන රටකින් මෙහෙම හොරා නඩයක් තමයි හොරු අල්ලන්න ආවේ. ඒ නිසා පැහැදිලිව පේනවා මේගොල්ලෝ බ්ලැක් මාර්කට් එකෙන්, කළු වෙළඳපොලිනුත් ගන්න පුළුවන් කැබිනට් තීරණ එහෙම ගත්තාලු. එහෙම තීරණ ගත්ත කැබිනට් එකකට අනාගතයේ හිරගෙදර ඇරෙන්න වෙන කොහොමවත් විවෘත නැහැ. සෙට් එකටම යන්න වෙනවා.

ප්‍රශ්නය: මහජන උපයෝගිතා කොමිසම කියලා තියෙනවා ගල්අඟුරු නිසා වෙන පිරිවැය වැඩිවීමකට අපි ඉඩ දෙන්නේ නැහැ කියලා?

පිළිතුර: දැන් මහජන උපයෝගිතා කොමිසම අපිට කියලා දෙන්නකෝ ගල්අඟුරු නිසා වැඩිවෙන කොටස කොච්චරද කියලා. එයා අපිට කියන්න එපැයි. ඔය බොරුවට ඔහොම කියලා හරියන්නේ නැහැ. ඔය කොමිසම කියන්න ඕනා ගල්අඟුරු වලින් වෙලා තියෙන විදුලිය ඒකකයට වෙලා තියෙන අතිරේක පිරිවැය මෙන්න මෙච්චරයි, අන්න ඒ ටික අපි ඇඩ් කරේ නැහැ කියලා. 

අපි පිළිගන්නවා නැතුව ඉතින් ආණ්ඩුවෙන් දාපු සභාපතිලානේ ඉන්නේ, ආණ්ඩුවට එන චෝදනාව බේරගන්න ඒ විදිහට කියන්න පුළුවන්. ඒවා එච්චර බැරෑරුම්ව ගන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. වැඩි කරන්නේ ගල්අඟුරු වංචාවේ බරත් පටවන්න තමයි. ගල්අඟුරු වංචාව වෙච්ච නිසා තමයි ඩීසල්වලින් විදුලිය උපදවන්න වුණේ. ඩීසල්වලින් විදුලිය උපදවපු නිසා තමයි පිරිවැය ඉහළ ගියේ. ජලාශ හිස් කරලා විදුලිය නිපදවන්න වුණේ ඒ හින්දා. ඒ හින්දා තමයි ගොවියට වතුර ටික නැති වෙන්නේ, මහනුවර මිනිස්සුන්ට බොන්න වතුර ටික නැති වෙන්නේ. ඒ නිසා මේකේ පාඩුව ඔය කියන කොමිසමට තීරණය කරන්න බැහැ. මේක ඉතා විශාල පරාසයක් පුරා දිවෙන පාඩුවක්.

අර මේගොල්ලෝ පාඩුව කියලා කියන්නේ, ගෙනාපු ගල්අඟුරු වලින් අපි හිතමු එක ප්ලාන්ට් එකකින් 100ක් නිපදවන්න ඕනේ කියලා, දැන් නිපදවලා තියෙන්නේ 60යි, 40ක් අඩුයි. අන්න ඒ 40 තමයි පාඩුව කියලා කියන්නේ. ඒ පාඩුව එකතු කරන්නේ නැහැ කියලා කියන්නේ. අපි කියන්නේ ඒ පාඩුව පියවන්න ඩීසල් දැම්මා, ඒකෙන් තමයි පිරිවැය වැඩි වුණේ. අන්න අර අඩු වෙච්ච එකේ පාඩුව ගැනයි කියන්න ඕනේ. ඒක අදාල නැහැ, ඒක විතරක් නෙමෙයි පාඩුව.

ප්‍රශ්නය: ඇත්තටම ගොවියට වතුර නැතිවීමත් මේකට අදාලද?

පිළිතුර: ඉතින් ඔය වික්ටෝරියා ජලාශය පහුගිය කාලේ හිස් කරේ මේ ජල විදුලිය නිපදවන්නනේ.

ප්‍රශ්නය: ඒක එකතු කරන්න බැරි වෙන්නේ ඇයි?

පිළිතුර: ඇයි බැරි වෙන්නේ? ඒ ජලාශවලින් නෙමෙයිද අපේ කුඹුරු අමුණුවලට වතුර ටික එන්නේ?

ප්‍රශ්නය: මම කිව්වේ ලයිට් බිල වැඩි වෙද්දී ගොවියට වෙච්ච පාඩුව ගණනය වෙන්නේ නැහැනේ?

පිළිතුර: වෙන්නේ නැහැ, වෙන්නේ නැහැ. ඒ නිසා ඔය කොමිසමට ඔය මොකක් දැම්මත් අපිට පිළිගන්න බැහැ.

ප්‍රශ්නය: මේ විදුලි උත්පාදනයට සම්බන්ධ අමාත්‍යවරයා එක්ක හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ඔහුගේ වත්කම් ගැන මේ දවස්වල කතාවක් යනවා දැක්කා නේද? මොකද හිතෙන්නේ?

පිළිතුර: මට හිතෙන දේවල් ඔක්කොම කියන්න බැහැ, ඒ තරම් දේවල් හිතෙනවා. එතුමා දැනට මාස කිහිපයකට කලින් දුකනේ විකුණුවේ. නෝනාට හම්බවෙන්නේ මෙච්චරයි, දැන් කන්නත් නැහැ, බොන්නත් නැහැ, නාන්න වතුරත් නැහැ කියන සයිස් එකේ කතා කරේ. ඉතින් එහෙම කතා කරපු මිනිහට එකපාරට කප්පරක් දේපල තියෙන බවක් පේනවා. අම්මයි තාත්තයි මැරුණට පස්සේ එකපාරට ස්වීප් එකක් ඇදුනයි කියනවා. ඒ අතරේ කියනවා අම්මා බලන්න මේ අවුරුද්දට නුවර ගියා කියලත්, මම දන්නේ නැහැ ඒ අය අම්මා කෙනෙක්ද කියලා. 

කොහොම වුණත් ඉතින් හත්පොලේ ගාගෙන තියෙන්නේ. මම දන්නවා ඇතුළත කතාව බොහොම ගැඹුරට, නමුත් මම කැමති නැහැ ඒවා මේ විදිහට මාධ්‍ය ඉස්සරහා කතා කරන්න. ඒ ගැන තොරතුරු නිත්‍යානුකූල විමර්ශනයක් එන දවසකට අපිට පුළුවන් ඒ ගැන කතා කරන්න.

ප්‍රශ්නය: ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ ජීවත් වෙන්නේ පරිත්‍යාගවලින්නේ? කවුරුහරි දෙනවා ඇති?

පිළිතුර: පුළුවන් පුළුවන්. මොළේ ලොකු අමාරුවක් තියෙන කවුරු හරි හිටියොත් දෙයි. මම දන්නේ නැහැ එහෙම ඉන්න පුළුවන්. නමුත් මේ කියන්නේ පරිත්‍යාගයක් නෙමෙයි. පරිත්‍යාගවලට විහිළු කරන්න එපා. හොඳයි, බොහොම ස්තූතියි.

සම්බන්ධිත පුවත් | Related News

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.
ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ 2026 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් අද (9) පිදුම් ලැබීය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.