
කොණ්ඩා මතින් වැඩීම
දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්දපුච්ඡකථා කොටසේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හිමියන් අතර ඇති වූ මෙවැනි දෙබසක් තිබේ.
"ස්වාමීනි අපි කාන්තාවන් කෙරෙහි පිළිපදින්න ඕන කුමන ආකාරයට ද? "
" අදස්සනං ආනන්ද (ආනන්දය, තොපට ස්ත්‍රිය නො දැකීම යහපත ය.) "
" ස්වාමීනී දැක්කොත් කුමක් කරන්නේ ද? "
" අනාලපෝ ආනන්ද (ආනන්දය, දුටහොත් කථා නො කිරීම තොපට යහපත ය.) "
ස්වාමීනී කතා කරොත් කුමක් කරන්නේ ද?
"සති ආනන්ද උපට්ඨපේතබ්බා ( ආනන්දය, සිහිය පිහිටුවා ගත යුතු ය.) "
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ස්ත්‍රී ඇසුර සීමා කිරීමට වදාළේ හේතු සහිතවම ය. භික්‍ෂුණී ශාසනය පිහිටු වීමට තුන් වරක්ම ආයාචනා කරන්නට වූයේ ද හේතු සහිතව ය.
බුදු දහම අනෙකුත් ආගම් හා දර්ශන මෙන් කොලේ වසා තම අනුගාමිකයන් උත්කර්ෂයට නැගුවේ නැත. විනය පිටකය කියවා ඇති අයෙකුට එය පැහැදිලිය. භික්ෂූන් වහන්සේලා සහ කාන්තාවන් අතර ඇති වූ සංවාසයන් ගැන ද, භික්ෂූන් වහන්සේලා සහ සතුන් අතර ඇති වූ ලිංගික ක්‍රියාකාරකම් ගැනද, ඒ නිසාම පැනවූ විනය නීතී ගැනද පැහැදිලි සටහන් ඇත. එපමණක් නොව සුප්පියා නම් උපාසිකාව තම කලවා කපා පිළියෙල කොට දානයක් ලෙස භික්ෂූන් වහන්සේ නමකට පිළිගැන්වූ අවස්ථාවක් ද ඇත. වැළඳීමට නුසුදුසු මස් මාංස සම්බන්ධයෙන් විනය නීතියක් පැනවූයේ මේ අවස්ථාවේදී ය.
කාන්තාවන් ගේ කොණ්ඩා මතින් වැඩීම තායිලන්තය සම්ප්‍රදායේ එන්නකි. තායිලන්තයේ කාන්තාවන් පමණක් නොව පුරුෂයන් ද බිම දිගා වී භික්ෂූන් වහන්සේලාට වැඩීමවීමට ඉඩ සලසයි.
තායිලන්තයේ කරන නිසා මෙහෙත් කළ යුතු යැයි ඉන් අදහස් වන්නේ නැත.
මුහුණුපොතේ වයිරල් වී ඇති වීඩියෝවේ භික්ෂූන් වහන්සේට වැඩමවීමට කොණ්ඩා පලසක් සෑදු කාන්තාවන් එය කරන්නට ඇත්තේ අධික ශ්‍රද්ධාව නිසාම විය හැකි ය. සුමේධ තාපසයන් ගෞතම බුදුන් ලෙස බුදු වන්නට නියත විවරණ ලැබුවේ ද දීපංකර බුදුන්ට මඩ සහිත වූ පාරකින් එතෙර වීමට එම පාරේ වැතීරී සිට අවස්ථාව සලසා දුන් හේතුවෙනි.
සිතේ ඇතිවන ප්‍රසාදය "ශ්‍රද්ධාව" ලෙස අර්ථ ගැන්වුවද එහි ප්‍රභේද දෙකකි. ඒ ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා ශ්‍රද්ධාව යනුවෙනි. මෙම දෙවදෑරුම් ශ්‍රද්ධාවෙන් සත්‍යාවබෝධය කෙරෙහි වැදගත් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ආකාරවතී ශ්‍රද්ධාව යනු විචාරශීලී පදනම් සහිතව ඇතිවන ප්‍රසාදය බැවින් මෙය වෙනස් නොවන්නකි. බුදු සමයේ අගය කරන්නේද ආකාරවතී ශ්‍රද්ධාවයි. අමූලිකා ශ්‍රද්ධාව ද සම්පූර්ණයෙන් බැහැර නොකරන බුදු සමය පෙන්වා දෙන්නේ මෙම ශ්‍රද්ධාව " නිවනට බාධාවක්" බවයි.
කොණ්ඩා මතින් වැඩි භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී එය කාන්තාවන්ට පහදා දුන්නේ දැයි මා දන්නේ නැත.
- සොනාල ගුණවර්ධන -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
