කොණ්ඩා මතින් වැඩීම
දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්දපුච්ඡකථා කොටසේ බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද හිමියන් අතර ඇති වූ මෙවැනි දෙබසක් තිබේ.
"ස්වාමීනි අපි කාන්තාවන් කෙරෙහි පිළිපදින්න ඕන කුමන ආකාරයට ද? "
" අදස්සනං ආනන්ද (ආනන්දය, තොපට ස්ත්‍රිය නො දැකීම යහපත ය.) "
" ස්වාමීනී දැක්කොත් කුමක් කරන්නේ ද? "
" අනාලපෝ ආනන්ද (ආනන්දය, දුටහොත් කථා නො කිරීම තොපට යහපත ය.) "
ස්වාමීනී කතා කරොත් කුමක් කරන්නේ ද?
"සති ආනන්ද උපට්ඨපේතබ්බා ( ආනන්දය, සිහිය පිහිටුවා ගත යුතු ය.) "
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ස්ත්‍රී ඇසුර සීමා කිරීමට වදාළේ හේතු සහිතවම ය. භික්‍ෂුණී ශාසනය පිහිටු වීමට තුන් වරක්ම ආයාචනා කරන්නට වූයේ ද හේතු සහිතව ය.
බුදු දහම අනෙකුත් ආගම් හා දර්ශන මෙන් කොලේ වසා තම අනුගාමිකයන් උත්කර්ෂයට නැගුවේ නැත. විනය පිටකය කියවා ඇති අයෙකුට එය පැහැදිලිය. භික්ෂූන් වහන්සේලා සහ කාන්තාවන් අතර ඇති වූ සංවාසයන් ගැන ද, භික්ෂූන් වහන්සේලා සහ සතුන් අතර ඇති වූ ලිංගික ක්‍රියාකාරකම් ගැනද, ඒ නිසාම පැනවූ විනය නීතී ගැනද පැහැදිලි සටහන් ඇත. එපමණක් නොව සුප්පියා නම් උපාසිකාව තම කලවා කපා පිළියෙල කොට දානයක් ලෙස භික්ෂූන් වහන්සේ නමකට පිළිගැන්වූ අවස්ථාවක් ද ඇත. වැළඳීමට නුසුදුසු මස් මාංස සම්බන්ධයෙන් විනය නීතියක් පැනවූයේ මේ අවස්ථාවේදී ය.
කාන්තාවන් ගේ කොණ්ඩා මතින් වැඩීම තායිලන්තය සම්ප්‍රදායේ එන්නකි. තායිලන්තයේ කාන්තාවන් පමණක් නොව පුරුෂයන් ද බිම දිගා වී භික්ෂූන් වහන්සේලාට වැඩීමවීමට ඉඩ සලසයි.
තායිලන්තයේ කරන නිසා මෙහෙත් කළ යුතු යැයි ඉන් අදහස් වන්නේ නැත.
මුහුණුපොතේ වයිරල් වී ඇති වීඩියෝවේ භික්ෂූන් වහන්සේට වැඩමවීමට කොණ්ඩා පලසක් සෑදු කාන්තාවන් එය කරන්නට ඇත්තේ අධික ශ්‍රද්ධාව නිසාම විය හැකි ය. සුමේධ තාපසයන් ගෞතම බුදුන් ලෙස බුදු වන්නට නියත විවරණ ලැබුවේ ද දීපංකර බුදුන්ට මඩ සහිත වූ පාරකින් එතෙර වීමට එම පාරේ වැතීරී සිට අවස්ථාව සලසා දුන් හේතුවෙනි.
සිතේ ඇතිවන ප්‍රසාදය "ශ්‍රද්ධාව" ලෙස අර්ථ ගැන්වුවද එහි ප්‍රභේද දෙකකි. ඒ ආකාරවතී ශ්‍රද්ධාව සහ අමූලිකා ශ්‍රද්ධාව යනුවෙනි. මෙම දෙවදෑරුම් ශ්‍රද්ධාවෙන් සත්‍යාවබෝධය කෙරෙහි වැදගත් වන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. ආකාරවතී ශ්‍රද්ධාව යනු විචාරශීලී පදනම් සහිතව ඇතිවන ප්‍රසාදය බැවින් මෙය වෙනස් නොවන්නකි. බුදු සමයේ අගය කරන්නේද ආකාරවතී ශ්‍රද්ධාවයි. අමූලිකා ශ්‍රද්ධාව ද සම්පූර්ණයෙන් බැහැර නොකරන බුදු සමය පෙන්වා දෙන්නේ මෙම ශ්‍රද්ධාව " නිවනට බාධාවක්" බවයි.
කොණ්ඩා මතින් වැඩි භික්ෂුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී එය කාන්තාවන්ට පහදා දුන්නේ දැයි මා දන්නේ නැත.
- සොනාල ගුණවර්ධන -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?