බණ්ඩාරලාගේ වගතුග
නිමේෂ තිවංකර සෙනෙවිපාල විසින් රචිත පර්‍යේෂන වාර්තා ඇසුරින්..
උඩරට පළාත්වල බණ්ඩාර ලා බෙහෙවින් සුලබ ය. බණ්ඩාර යන්න නොයෙක් වගවාසගම් සමඟින් යෙදෙන අතර, එම නාමයේ ආරම්භයක් හෝ විකාශනයක් ගැන ස්ථිර මතයක් තවමත් ගොඩනැගී නැත. කෙසේ වෙතත්, බණ්ඩාර යන නමින් ම යමෙක් උඩරට වැසියෙකු යැයි ගම්‍ය වේ. මේ බණ්ඩාරලා ගැන විද්වතුන් අදහස් පළ කර ඇතත් ඒවා එතරම් තාර්කික ප්‍රවේශයන් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස ආචාර්ය පරණවිතානගේ මතය වනුයේ පැරණි අභිලේඛනයන් හි එන, 'බඩගරික' යන්නෙන් 'බණ්ඩාර' යන්න සම්භවය වී ඇති බවත්, ඇතැම් විට මැලේසියානු 'භණ්ඩාර්' යන නාමයෙන් තත්සම වන්නට ඇති බවත් ය. මේ මතයට දෙස් දෙමින්, මහනුවර යුගයේ 'බණ්ඩාරගම්' යනුවෙන් මහා භාණ්ඩාගාරයට ආදායම්/සම්පත් රැස් කළ ගම්බිම් පැවති බවත් දක්වනු ලැබේ. එම ගම්මාන 'ගබඩාගම්' යනුවෙන් ද ව්‍යවහාර වේ.
'බණ්ඩාර' යන්න ද්‍රවිඩ 'පණ්ඩාරම්' යන්නෙන් සකස් වූවා වන්නට ද පිළිවන. හින්දු පණ්ඩාරම්ලාගේ කාර්යය වූයේ කෝවිල්වලට මල් අඩුක්කු කිරීම ය. අරාබියාවේ ද 'පන්දාර්' යනුවෙන් රාජවංශයක් පැවතුණි.
මේ හැරුණු විට 'බණ්ඩාර' යන්න ගොවිකුල ඇත්තන් අතර බෙහෙවින් සුලබ බව පෙනෙන්නට තිබේ. ඇත්ත වශයෙන් ම, 'බණ්ඩාර ඇත්තන්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලද්දේ ගොවිගමයන් ය. බණ්ඩාරලා වනාහි කෙත්වතු හිමිව සිටි නිදහස් ගොවීන් ය. මේ නයින් බලන කල, 'රදල' යනුවෙන් පිම්බී ගියත්, 'බණ්ඩාර' නමක් යෙදේ නම් තෙමේ නිසැකයෙන් ම 'ගොවිගම' වන බව පෙනේ.
උඩරට පළාත්වල, විශේෂයෙන් ම පැරණි ලේඛණ පිරික්සන විට 'බණ්ඩාරවලිය' යනුවෙන් පාරිභාෂික වදනක් හමුවේ.
'වලිය' යනු 'ව<ලිය' නොව, 'ව>ලිය' විය යුතු ය. ඉන් ගම්‍ය වන අර්ථය නම්, 'සමූහය' යන්න ය. නැත්නම් 'සෙට් එක' යන්න ය. සරළව ම කිවහොත් 'බණ්ඩාරලා සෙට් එක' ය.
උඩරට බණ්ඩාරවලිය වනාහි එක ම අවුල් ජාලාවකි. ඒ පිළිබඳව හදාරන විට අගමුල් සොයාගැනීමට නොලැබේ. විටෙක, බණ්ඩාර හත්කට්ටුව ලෙස ද, බණ්ඩාර දොළොස් කට්ටුව ලෙස ද, බණ්ඩාර හැටහත් කට්ටුව ලෙසද, බණ්ඩාරවලිය ලෙස ද මේ ගැන කියවේ.
මේ වර්ගීකරණ අතරින් 'කට්ටු' යනුවෙන් හැඳින්වෙන තුන ම කංකාරි මඩුවේ ත්, යාතිකාවලත් ඇසේ. අනෙක වන, බණ්ඩාරවලිය පැරණි කඩයිම්වලත්, විත්තිපොත්වලත්, ලේකම්මිටිවලත් යෙදේ. සිඳුරුවානාබද උඩුනුවර බණ්ඩාරවලිය, මාතලේ මහදිසාවේ බණ්ඩාරවලිය යනාදි වශයෙන් ප්‍රාදේශීය බණ්ඩාරවලි රැසක් මට හමු වී තිබේ. යට කී 'කට්ටු' සහ 'වලි' ගැන කරන ලද විමැසුමේ දී පෙනී යන්නේ, 'කට්ටු' යනුවෙන් ව්‍යවහාර වන්නේ 'මල පසු දෙව් බවට පැමිණැවූ' පුද්ගල පිරිසක් වන බවත්, 'වලි' යනු ජීවමාන පෙළපත් වන බවත් ය. නුවර යුගයේ දී, උඩුනුවර හා යටිනුවර දෙපලාතට එවැනි බණ්ඩාර පවුල් දහඅටක් ප්‍රබල ව සිටියෝ ය. ඔවුන් පහත සඳහන් බණ්ඩාරලාගෙන් ආරම්භ වූවන් යැයි කියනු ලැබේ.
1. උරුලෑවත්තේ විජයසුන්දර බිසෝබණ්ඩාර
2. ගංගොඩ යාපා බණ්ඩාර
3. රඹුංගොඩ කුමාර බණ්ඩාර
4. දන්තුරේ තුනයාර බණ්ඩාර
5. පීලිගම කඳුරේ බණ්ඩාර
6. සිද්දවුලේ සෙනෙරත් බණ්ඩාර
7. උනම්බුවේ යාපා බණ්ඩාර
8. අලපලාවෙල අබේසිං බණ්ඩාර
9. අළුදෙණියේ මායිං බණ්ඩාර
10. යාලේගොඩ මහ බණ්ඩාර
11. පිලීගල්ල කුමාර බණ්ඩාර
12. සිඳගල නීලවතී බණ්ඩාර
13. පායිංගමුව ඉරුගල් බණ්ඩාර
14. කිරිබත්කුඹුර පණික්කි බණ්ඩාර
15. වෙලම්බොඩ විජයරාජ බණ්ඩාර
16. ඕකේවෙල සූරියදාස් බණ්ඩාර බ්‍රාහ්මණ රාළ
17. ඇරැව්වාවල කුමාර පනික්කි බණ්ඩාර
18. මාත්ගමුවේ සෙණෙකඳ බිසෝ බණ්ඩාර
මේ ලේඛනයට අමතරව තවත් බණ්ඩාරවලි ප්‍රාදේශීය වශයෙන් තිබෙන්නට පිළිවන. එවැනි කිහිපයක් මා සතුව ද පවතියි.
කෙසේ වෙතත්, බණ්ඩාරලා ගැන බොහෝ විස්තර වේ.
බණ්ඩාරලාගේ කාන්තාවෝ, බිසෝබණ්ඩාර ලා ය. එවැනි බිසෝබණ්ඩාරලා බොහෝ ය.
1. යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර
2. කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර
3. සෙණකඳ බිසෝබණ්ඩාර
4. නීලවතී බිසෝබණ්ඩාර
5. උඩුකිඳ බිසෝබණ්ඩාර
6. දුනුමාලේ බිසෝබණ්ඩාර
යනු ඉන් කිහිපයකි.
දරුවන්, 'කුමාරබණ්ඩාර' වේ. පිරිමින් විශේෂයෙහි, මහබණ්ඩාර, කුඩාබණ්ඩාර, ළමා බණ්ඩාර, ටිකිරිබණ්ඩාර වශයෙන් විශේෂණ් යෙදේ.
කෙසේ වෙතත්, බණ්ඩාර යන්න වැද්දන් කෙරෙහි ද යෙදි තිබේ. 'බණ්ඩාර වැද්දන්' ලෙස කංකාරියේ දී පිදෙන දෙවි කට්ටුවක් ද සිටී.
මාගේ විශ්වාසය නම්, බණ්ඩාර යන්න ගොවිගමයන් සඳහා හෙදුණු හුදු ගෞරව නාමයක් පමණක් වන බව ය. උඩරට ඇතැම් ප්‍රදේශවල, කිසියම් ගමකට අලුතින් පැමිණ බින්න බහින පිරිමියෙකු හැඳින්වීමට නිරායාසයෙන් ම බණ්ඩාර නම යෙදෙයි. දන්තුරෙන් ආ තැනැත්තා, දන්තුරේ බණ්ඩා(ර) ය. දුම්බරින් ආ තැනැත්තා දුම්බර බණ්ඩා(ර) ය. එය වර්තමාන ව්‍යවහාරයේ 'මහත්තයා' යනුවෙන් යෙදෙන ආමන්ත්‍රණයට සමාන යැයි මගේ විශ්වාසය වේ. 'බිසෝබණ්ඩාර' යනු ද එවැනි ම ය. ගොවිකුල කාන්තාවන් විෂයෙහි එය යෙදෙන්නට ඇතැයි සිතිය හැක.
සැබෑ හන්දුරු හෙවත් ව්‍යවහාරිත රදල උප කුලයේ කිසිවෙකුට 'බණ්ඩාර' යෙදී නැත. යම් රදල යැයි කියනු ලබන පෙළපතකට 'බණ්ඩාර' යන්න එකතු වී ඇත්නම් ඉන් ස්ඵුට වන්නේ ඔවුන්, ගොවිගම කුලයට අයත් බවත්, පසුව රාජප්‍රසාද ලබා හිමි වූ තනතුරුධාරින් වන බවත් ය.
උඩරට සැබෑ රදළ පේරුවේ පෙළපත්වලට 'බණ්ඩාර' යන්න එක් වී නැත. ඇතැම් විට පසුකාලීනව එකතු කරගෙන තිබිය හැකි වුවත් 1815ට පෙර සන්නස් ආදියෙහි එසේ යෙදී ඇති තැන් සෙවීම දුෂ්කර ය.
එවැනි පෙළපත්වලට උදාහරණ කිහිපයක් මෙසේ ය.
1. ඇහැලේපොල විජයසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර
2. කපුවත්ත විජයසුන්දර රාජකරුණා නවරත්න බණ්ඩාරනායක
3. කැප්පෙටිපොල රාජකරුණා චන්ද්‍රසේකර වාහල තෙන්නකෝන්
4. අමුණුගම දුම්බර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන්
5. ඇරැව්වාවල සේනානායක භුවනෙකබාහු නාරායන රාජගුරු වාහල පණ්ඩිත
6. මාම්පිටියේ අමෘතහස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක පණ්ඩිත වාහල
7. මුල්ලේගම හේරත් දවුන්ඩසේකර වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ
8. රත්වත්තේ විජයවර්ධන සෙනෙවිරත්න පණ්ඩිත අභයකෝන් බන්ඩාරනායක
9. දුනුවිල රාජකරුණාධර ඒකනායක ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත වාහල
10. කොබ්බෑකඩුව රාජකරුණා රාජපක්ෂ නවරත්න වික්‍රමසිංහ සෙනෙවිරත්න දිසානායක
මේ අනුව බණ්ඩාර යන්න සැබෑ රදල පවුල් විෂයෙහි නොයෙදෙන බව වටහාගැනීම දුෂ්කර නොවේ.
නැවත බණ්ඩාර 'කට්ටු' දෙසට හැරෙමු.
උඩරට ප්‍රදේශවල මලවුන් දේවත්වයට පත්කිරීම සුලභව සිදු වී ඇත. හැටහත් කට්ටුව, දොලොස්කට්ටුව, හත්කට්ටුව ලෙස කාණ්ඩ කොට, පුදලබන්නේ ද එසේ මරණයෙන් පසු දෙවි බවට පත් වූ උඩරට වැසියෝ ය.
ටිකිරි බණ්ඩාර, හෙණකඳ බිසෝබණ්ඩාර, කුඹල්ඔලුවේ බිසෝබණ්ඩාර, යටිගල්ඔලුවේ බිසෝබණ්ඩාර, වන්නි බණ්ඩාර, ගඟේ බණ්ඩාර, නමනැති බණ්ඩාර, අලුත් බණ්ඩාර, කිවුලේගෙදර බණ්ඩාර, දුනුමාලේ බිසෝබණ්ඩාර ඇතුළුව එසේ මරණයෙන් පසු දෙවි බවට පත් බණ්ඩාරලා සිය ගණනක් සොයාගත හැකිය.
එමෙන් ම, අලුත්නුවර දේවතා බණ්ඩාර, ඉරරැස් බණ්ඩාර, සඳරැස් බණ්ඩාර, සූනියම් බණ්ඩාර, කලු බණ්ඩාර ආදි, ඉතිහාසයක් අපැහැදිලි පැරණි දෙවිවරු රැසකට ම ද 'බණ්ඩාර' ලෙස යොදා තිබේ.
මේ බණ්ඩාර දෙවිවරු සිය බලය පතුරුවා හරින්නේ කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ය. ගඟේ බණ්ඩාර කොත්මලේ ද, ඉරුගල් බණ්ඩාර හන්තාන ද, වත්හිමි බණ්ඩාර කුරුණෑගල ද ආදි වශයෙන් බලය පතුරුවයි. සෑම බණ්ඩාර දෙවි කෙනෙකුට ම එවැනි බලප්‍රදේශයක් පැවති යි.
'බණ්ඩාර' යන්න උසස් කුලවතුන් සඳහා උඩරට ප්‍රදේශවල දී පොදුවේ යෙදුණු ගෞරවාන්විත ආමන්ත්‍රණයක් බව මා කියන්නේ මේ පදනමෙහි පිහිටා ය. ඒ ගැන දෙස්දෙන ලේඛණ රැසක් පවතියි.
කුල සම්ප්‍රදායන් කෙසේ වෙතත්, උඩරට පළාත්වල මානවවිද්‍යා පර්යේෂණයන්ට මෙවැනි අපූරු තැන් ගෝචර වී නොතිබීම සැබැවින් ම කණගාටුදායක කරුණකි.
(මෙතුමා විසින් ප්‍රකාශනයට පත් කරන ලද 'කන්ද උඩරට පැරණි පුස්කොළ ලියවිලි, කුරුණෑගල විස්තරය කියවන්න.)
ස්තුතිය 'Old images of Ceylon's
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්