News Category
From Date
To Date
Maximum Number of Result

අතීත වැදි ජනතාවගේ තතු විත්ති

Jul 3, 2024 at 07:34 AM
|

ලංකා සිවිල් සේවයේ සී.ජේ.ආර්. ලෙම්‍සිය විසින්, ලංකාවේ වැදි ජනයා පිළිබඳ කළ පර්යේෂණයක් ඇසුරෙන්, 1886 අංක 32, ix වෙළුම දරන රාජකීය ආසියාතික කලාපය වෙත ඉදිරිපත් කළ ලිපියකි.

මහනුවර පැරැණි කච්චේරියෙහි තිබූ වාර්තා නිසි පිළිවෙළට සකසා අසුරා තබන අතරවාරයේදී මට, වැදි ජනයා පිළිබඳ විස්තරයක් හමු විය. මගේ මතකය පරිදි එය නේවාසික නියෝජිතයා වෙත 1820දී එවන ලද නිල වාර්තාවක ස්වරූපයකින් යුක්ත වූවකි. රජයේ දිසාපතිවරයාගේ අවසරය ඇතිව මා එම ලේඛනයේ පිටපතක් ලබාගත් අතර, අනතුරුව එහි ගැබ්වූ තොරතුරුවල සත්‍යාසත්‍යතාව පිරික්සා බැලීමට අවස්ථා කිහිපයක්ම සැලසුණි.

එම විස්තරය කෙදිනක හෝ ප්‍රකාශයට පත් කර ඇතැයි මා නොසිතන අතර, යටත් පිරිසෙයින් ඒ පිළිබඳ කිසිදු වාර්තාවක් මට සොයාගත හැකි වූයේ නැත. එහෙයින් මම එය (ශාස්ත්‍රීය) පත්‍රිකාවක ස්වරූපයෙන් ආසියාතික සංගමයට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

මධ්‍යම සහ නැඟෙනහිර පළාත්වල මායිම් ආසන්නයේ දඩයමේ නිරතව සිටින අතර, අවස්ථා කිහිපයකදීම මට ගල් වැද්දන් මුණගැසී තිබේ. මට මුලින්ම ඔවුන් දැන හඳුනා ගැනීමට ලැබුණේ මේ අයුරිනි. මා කඳවුරු බැඳ සිටි පට්ටිපොළ ආරට තරමක් දුරින් දක්නට ලැබුණු අලියකුගේ පා සටහන් ඔස්සේ මම ඌට හෙමිහිට ළංවෙමින් සිටියෙමි. අපි ඝන වනාන්තරය මැද සිටින අතරවාරයේ, හිටි ගමන්ම මට පොරෝ පහරවල හඬක් ඇසෙන්නට විය. අලියාට ද එය ඇසෙන්නට ඇතැයි පෙනී යන්නේ, මේ වන විට අපිට ඌ පැන දුවගොස් ඇති ආකාරය, උගේ පා සටහන් අනුව පෙනීගිය හෙයිනි. එබැවින් අපි ඌ සිතින් අත්හැර දැමුවෙමු.

මේ මහා වනාන්තරයේ ගස් කපන්නේ කවුදැයි මාගේ දඩමං පෙන්වන්නා දෙසට හැරෙමින් මා කළ විමසුමට ඔහු දුන් පිළිතුර වූයේ, ඒ වැද්දෙකැයි තමා සිතන බවය. මා එකණෙහි ම ඒ ශබ්දය ආ දෙසට දුව යෑමට සැරසුණේ, මා කුතූහලයට පත් කළ ඒ තැනැත්තා දැක ගැනීමේ රිස්සෙනි. වහාම මා නවතා ගත් දඩමං පෙන්වන්නා පැවසුවේ, “වැද්දෙක් අල්ල ගන්න ඔහොම බෑ. ඔබට ආයෙත් ඔහු දකින්න ලැබෙන එකක් නෑ.” යනුවෙනි. එසේ පැවසූ ඔහු දෙකට නැමී අල්ල හා දණ මතින් ඒ ශබ්දය ආ දෙසට බඩගාන්නට විය. ‍මම ද ඔහු අනුගමනය කරන්නට වූයෙමි. අපට අවශ්‍යව සිටි මිනිසා අසලට ළං වූ අපි, එකවරම ඔහු වෙත කඩා පැන්නෙමු. මුලදී ඔහු බෙහෙවින් බියට පත්ව සිටිය ද, අපට ඔහු මොහොතින් සන්සුන් බවට පත් කළ හැකි විය. වැදි බස දැන සිටි මං පෙන්වන්නා අප අතර ඇති වූ සංවාදයේ පරිවර්තකයා හැටියට කටයුතු කිරීමට ඉදිරිපත් විය. වදන් කිහිපයක් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව, තමා සිටින්නේ තනියමදැයි මම විපරම් කළෙමි. “මාත් එක්ක මගේ බිරිය හා දරුවනුත්, මගෙ සහෝදරයා හා ඔහුගේ බිරියත් ඉන්නවා”

සමාජ සම්බන්ධතා....

විගසින් ගොස් ඔවුන් එහි කැඳවා එන ලෙස මම ඔහුට කීවෙමි. කිසිදු වදනක් නොදොඩා එතැනින් ඉවත්ව ගොස්, මඳ වේලාවකින් ඔහු නැවත පැමිණියේ තවත් පිරිමියකුත්, ගැහැනුන් දෙදෙනකුත්, දරුවන් දෙදෙනකුත් සමඟය. එක් දරුවකු සිටියේ (මවගෙන්) කිරි උරා බොමිනි. මම ඒ හැම දෙනාටම දුම්කොළ වටයක් පිරිනමා, සුහදශීලීව කතා බහ කර, ආහාර ආදිය දෙන බවට පොරොන්දු වීමෙන් පසු ඔවුන් මා සමඟ ඉතා කුලුපග විය. පසුවදා ඔවුන් මා කඳවුරුලා සිටි තැනට පැමිණි අතර, වනාන්තරය ගැන තමන් තුළ ඇති දැනුමින් ඔවුන් කළ විස්තරයෙන් දඩයම් හමුවන ස්ථාන පිළිබඳ ලබා දුන් තොරතුරු මට වනයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය. එම සිද්ධියෙන් පසු මට කිහිපවරක්ම වැද්දන් මුණ ගැසුණු අතර, ප්‍රධාන වශයෙන් මාගේ පෞද්ගලික අත්දැකීම්වල ප්‍රතිඵලය වන්නේ පහත විස්තරයන් දැක්වෙන කරුණු තහවුරු වීමය.

1. ශුද්ධ ගම් වැද්දන් බාහිර ජනයා සමඟ සමාජ සම්බන්ධතා පවත්වන්නේ කලාතුරකිනි. ඔවුන් කිසි විටෙකත් කිසිදු උත්සව අවස්ථාවකදී දක්නට ලැබෙන බවක් අසන්නට නැත. ඔවුන් යැපෙන්නේ තමන් කර ගන්නා දඩයමින් අල්ලාගනු ලබන මසුන්ගෙන්, ඇතැම් ජලජ පැළෑටිවල අල හා ඇටවලින් සහ කැලයෙන් හාරා ගන්නා අල වර්ග හා වෙනත් කැලෑ පලා වර්ගවලිනි. 

ඔවුන් වසන ප්‍රදේශය තුළ ගෝනුන්, මුවන්, වල් ඌරන්, සාවුන්, වඳුරන්, ඉත්තෑවන්, තලගොයින්, මොනරුන් හා වළිකුකුළන් බහුලව දක්නට ලැබෙන අතර, ඔවුන් තලගොයා හැරෙන්නට අනෙකුත් සතුන් මරා ගනු ලබන්නේ දුනු හී භාවිතයෙනි. ඔවුන් තලගොයින් මරා ගන්නේ තම බල්ලන් සමඟ උන් හඹා යෑමෙන් හෝ වට කර උන්ට ගසකට නැගීමට සැලැස්වීමෙනි. ඔවුහු වඩා විශාල සතුන්ගේ මස් තීරුවලට කපා, අව්වේ ලා වියළා ගනිති. වේළුණු මස් අමුවෙන් කා දමන අතර, ලුණු හෝ මීපැණි ඇති විටෙක ඒවා පදම් කර කල් තබා ගනිති. ඔවුන් තලගොයි මස් කන්නේ පුළුස්සා ගැනීමෙනි. 

ඔවුහු බල (බුලු?) නමින් හඳුන්වන ගසක, එසේ නැතහොත් කැලෑ වෝල්නට් හා සමාන කැකුණ ගසක දිරූ කොටස් ද කුඩු බවට පත්කර, තම ආහාරය පිණිස ගනිති. ඔවුන් ඒවා ආහාරයට ගන්නේ මීපැණි සමඟ රොටියක් වන සේ අනා පුලුස්සා ගැනීමෙනි. එසේ වුවත්, වඩා ගුණදායක හෝ රසවත් යමක් ආහාරයට නොලදහොත් මිස, ඔවුන් මේවා කෑමට උනන්දු නොවන බව කියැවේ. තමන් මී පැණිවලට දිරූ ලී කුඩු මුසු කරන්නේ ඒවා බඩ පුරවා ගැනීමට උපකාරී වන නිසා බැව් ඔවුහු පවසති. 

ඔවුන් එළ හරකුන්ගේ, මී හරකුන්ගේ, කොටියාගේ හෝ වලහාගේ මස් අනුභව කරන්නේ නැත. මේ වැද්දන් අතුරින් වඩාත් ශිෂ්ටාචාර බවට පත් සමහරු කුඩා බිම් කැබැල්ලක කුරහන්, බඩ ඉරිඟු, දුම්කොළ, සහ කපු ස්වල්පයක් ද වගා කරති. ඔවුහු මුවා හම ගසා උගේ සම වෙනත් ප්‍රයෝජනයක් සඳහා යොදා ගන්නා නමුදු, ගෝනාගේ හමේ මයිල් පුලුස්සා දමා කෑමට සුදුසු ආකාරයට පිළියෙල කර ගනිති. මේ සතුන්ගේ මස් බහුලව තිබෙන විට, ඔවුහු ඒවා තම්බා ගැනීමෙන්, නැතහොත් වැඩි වශයෙන් පුලුස්සා ගැනීමෙන් ආහාරයට ගනිති. අලුත මැරූ සතුන්ගේ මස් මේ ආකාරයට කෑමට සකසා ගත් විට, ඔවුන් එය සලකන්නේ රජ බොජුනක් හා සමාන ලෙස බව පෙනී යයි. වෙනත් කිසිදු ආහාරයක් සපයා ගැනීමට නොහැකිවූ විට ඔවුන් කරන්නේ, කැලයේ සෑම තැනකම පාහේ බහුලව දක්නට ලැබෙන කොර (කර කොළ) සහ තෝර කොළ තම්බා ආහාරයට ගැනීමය. බොහෝ අය සිතන්නේ ලංකාවේ වැදි ජනයා මෙරටේ ආදිවාසී ජනයා ලෙසිනි. ඔවුන්ගේ පෙනුම, සිරිත් විරිත් සහ භාෂාව මේ විශ්වාසය තහවුරු කරන්නකි. ඔවුන් පැහැදිලිවම

 (1) ගම් වැද්දන් සහ

 (2) ගල් වැද්දන් යනුවෙන් කොටස් දෙකකි.

ගම් වැද්දන් රට අභ්‍යන්තරයේ වසන සාමාන්‍ය ගැමි ජනයාට වඩා වෙනස් වන්නේ මඳ වශයෙනි. ගම් වැදි පවුල් අතුරින් බොහොමයක් එක්කෝ යාබද පිහිටි ගම් තුළට අන්තර්ග්‍රහණයට ලක්වී තිබීම හෝ තව තවත් වන ගැබ මැදිව තුළට වැදීමෙන් ගල් වැද්දන් බවට පත්වීම සිදුව ඇත.

ඔවුන් කිසි විටෙකත් අලි මැරීම හෝ ඇල්ලීම හෝ කරන්නේ නැත. ගිනි අවි භාවිත නොකරයි. ඔවුන්ගේ දුනු හී සැකසී ඇත්තේ එවන් සද්දන්ත සතෙකු මැරීමට නොවේ. ඔවුන් නිතරම සැරසෙන්නේ ඌ මඟ හැර සිටීමටය. ඔවුන්ට බෙහෙවින්ම බිය ගෙන දෙන සතුරා වන්නේ වලහා සහ කොටියාය. විශේෂයෙන්ම වලසාය. දුනුවායන් ලෙස ඔවුන්ගේ දක්ෂතාව බෙහෙවින් හීනය. ඔවුහු තම ගොදුරට යාර තුන හතරකට වඩා සමීප වනතුරු කිසි විටෙකත් හීය මුදාහරින්නේ නැත. ඌ සමඟ කළ සටන්වලදී ලද තුවාල කැළැල් බොහෝ වැද්දන් වෙතින් දිස් වේ. තමාට මුහුණ ලා සිටින සතුරා ඉදිරියේදී කෙටි මිටක් සහිත පොරවකින් (කෙටේරියකින්) ඔහුට ඉතා ප්‍රයෝජනවත් ආරක්ෂාවක් සැලසී තිබීමෙන් සාමාන්‍යයෙන් වැද්දා ජයග්‍රාහකයා බවට පත්වන නමුදු, තම මුහුණ පෙදෙසේ සිදුව ඇති තුවාල විඳ දරා ගැනීමට සිදු වන්නේය.

(මේ සතුන්ට මතුරන මන්ත්‍ර කිහිපයක්ම ඔවුන් සතුව ඇත. ඒවායේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ ශබ්දයයි.) ඔවුහු තමන් වෙත තිබෙන මුව හම්, වේළූ මස්, කපු සහ මී පැණි වෙනුවට වෙළෙඳුන් සමඟ සහල්, කුරහන්, දුම්කොළ, ලුණු, රෙදිපිළි, ඊතල හිස් සහ පොරෝ හුවමාරු කර ගනිති. මේ වෙළෙඳාම කරන්නේ, තමන් අවට ප්‍රදේශයේ වසන සිංහල සහ මරක්කල වෙළෙඳුන් සමඟය. ඔවුන් තම දුන්න සහ හීය තනා ගැනීම හැරෙන්නට වෙනත් කිසි කලාත්මක භාණ්ඩයක් හෝ අත්කම් භාණ්ඩයක් හෝ නිපදවන්නේ නැත. ඊතලයට අවශ්‍ය (ලෝහමය) හිස තනනු ලබන්නේ සිංහල කම්මල්කරුවන් විසිනි. ඔවුන් සෑම දෙනා සතුවම පොරෝ කෙටියක් තිබෙන අතර, කිහිප දෙනෙක් සතුව කුඩා උදැල්ලක් ද ඇත. එනමුදු වගා කටයුතු සඳහා ඔවුන් එය භාවිත කරන්නේ මඳ වශයෙනි. භෝගයක් වැපිරීමට පෙරාතුව ඔවුන් කරන්නේ කැලය කපා ඊට ගිනි ලෑමය. ඔවුන් ලුණු කෑමට ලොල් නමුදු, ඔවුනට තමා අවට පරිසරයෙන් එය ලබාගත හැකි නොවේ.

තම ආහාර (මස්) පදම් කර ගැනීම පිණිස ඔවුනට තිබෙන එකම ද්‍රව්‍ය වන්නේ මී පැණිය. ඔවුහු දුම්කොළවලට කැමැතිය. සපයා ගත හැකි වේනම් බුලත් ද හපත්. කෙසේ වෙතත්, ඒ වෙනුවට දුම්කොළ සමඟ ගැනීමට හැකි කිසියම් ආදේශකයක් ඔවුන් ලබා ගන්නේ එක්තරා ගසක පොත්තකිනි‍. මට ඔවුන් මුලින්ම මුණ ගැසුණේ, මේ ගසකින් පොතු ගලවා ගනිමින් සිටියදීය.

ඔවුන් අතර දුම්බීමේ පුරුද්දක් නැත. මත්පැන් පානය පිළිබඳ දැනුමක් ඇත්තේ ද නැත. ඔවුන්ගේ පානය ජලය පමණි. ඔවුහු කිසි විටෙකත් වී වපුරන්නේ නැත. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ, දඩයමට තමන් දක්වන වැඩි ලැදියාවය. කිසිවිටෙකත් රූඩ් එකක හෝ දෙකක ප්‍රමාණය නොඉක්මවන තරමේ උස් බිමක, සුළුවෙන් කරන වගාවක යෙදෙනු මිස, ඔවුහු ශ්‍රමය වැයවන ආකාරයේ වගාවක නිරත නොවෙති. ඔවුහු බල්ලන් හැරුණු විට ඉතා කලාතුරකින් කුකුළන් දෙතුන් දෙනකු ද ඇති කරති. 

ඔවුන්ගේ පැල්පත් තනා තිබෙන්නේ ඉතා ගොරහැඩි ආකාරයටය. ඒවා දිස්වන්නේ තනි කෙළින් සිටුවා ඇති කණු‍ දෙකක් මත හරහට දැමූ දණ්ඩක් මත බෑවුම් වන ආකාරයට, පොළොවේ සිටවූ රිටි තුනක් මත රඳවා තිබෙන හුදු පියස්සක් ලෙසිනි. ඉහත සමයේ දක්නට තිබූ යුද හමුදා කූඩාරමක් හා සමාන සෙසු පැල්පත්වල වහලවල් පොළොවට නැඹුරු වූ පල දෙකකින් යුක්තව, නියම ආකාරයට තනා තිබුණි. ඔවුන්ගේ පැල්පත් සෙවිලි කර ඇත්තේ ගස්වල පොතුවලිනි. නැතහොත් ඇතැම්විට වියළි තණපත් හෝ පිදුරුවලිනි. ඔවුහු මාස කිහිපයකට වඩා එක තැන නොරැදෙති. නිරතුරුව තම ලැඟුම්පලවල් මාරු කරති.

පිරිමි තම ඉණ වටා ගැට ගසා ඇති හුයෙහි දවටා, කලවා මැදින් යැවූ අඟල් හතරක් හෝ පහක් පමණ පළලැති රෙදිකඩක් පලඳියි. ඉන් අඟල් අටක් හෝ නවයක් පමණවූ කොටසක් ඉදිරියෙන් එල්ලෙන්නට හරිති. ගැහැනු කුඩා අත් ලේන්සුවක් පමණැති රෙදිකඩක් ඒප්‍රනයක් ආකාරයට හඳිති. ගැහැනු පිරිමි දෙපිරිසම තම හිසකෙස් කිසි විටෙක නොපීරයි. අප්‍රියජනක ආකාරයට හැඩපලු ගෙතී ඇති ඒවා අපිරිසුදුය. ඔවුන් කොණ්ඩය සැරසීමට අබරණ පලඳින්නේ නැත. එහෙත්, තම හිසකේ ඇස් ආවරණය වන සේ නොවැටීමට වග බලා ගැනීම පිණිස හිස වටා නූලක් ගැට ගසා ගනිති. ඔවුහු යකඩින් හෝ පිත්තලින් කළ කුඩා කරාබු පලඳිති. වැස්සට සේදී පිරිසුදු වුවහොත් හැරෙන්නට, ඔවුන් කිසි විටෙක තම සිරුර සෝදා පවිත්‍ර කර ගන්නේ නැත.

ඔවුන් සිංහල බස වහරන නමුදු, එය කෙතරම් පිරිහුණු අපවහරක් ද යත් තේරුම් ගැනීමට ඉතා අසීරු වූවකි. ඔවුහු සිංහල නොවන සමහර පද භාවිත කරති. මහා හඬින් කරන ඔවුන්ගේ කතාව අමිහිරිය. ස්වරය ගොරහැඩිය. අප්‍රසන්නය.

(මට මුණ ගැසුණු බොහෝ ගල් වැද්දන් වෙතින් දිස් වූයේ, ඇතැම්විට අභාවිතය හේතුවෙන් ඔවුනට තම කටහඬ අනුකුලනය කිරීමේ (modulating) ශක්තිය ඔවුන් වෙතින් පිරිහී ගොස් ඇති බවය.)

බහුපුරුෂ සේවනය හෝ බහුස්ත්‍රී සේවනය හෝ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතරම නොපවතී. දැරියන් නිසි වයසට එළැඹි කල, ඇගේ අත ගැනීම පිණිස තරුණයන් ඇගේ මව්පියන්ගේ අවසරය පතා ඉදිරිපත් වේ. ඇගේ අත පතා මුලින්ම එන තරුණයාට ඇය විවාහ කර දීමට, කිසි විටෙක ප්‍රතික්ෂේප කරන්නේ නැත. මඟුලේදී දෙපක්ෂය අතර තෑගිබෝග හුවමාරු කර ගැනීම කිසිදු අවස්ථාවක සිදු නොවන්නා සේම, ඒ වෙනුවෙන් උත්සවයක් හෝ භෝජන සංග්‍රහයක් හෝ පැවැත්වෙන්නේ ද නැත. ඔවුන් පවසන ආකාරයට මනාලයා කරන්නේ මනාලිය ඇගේ මාපියන්ගේ පැල්පතේ සිට තම මාපියන් වසන පැල්පතට කැන්දාගෙන යෑම පමණකි. (දෙදෙනා අඹු සැමියන් බවට පත්වූ බව හැඟවෙන්නේ, මනාලිය විසින් මනාලයාගේ ඉණ වටා නූලක් (දිය ලණුවක්) ගැට ගැසීමෙනි.)

ඔවුන්ගේ බිරියන් දරුපල ලැබීමේ අධික සරු බවින් යුත් අය වුව ද, උපන් දරුවන්ගෙන් වැඩි දෙනෙක් තරුණ වියේදීම උණ රෝගයෙන් මියැදෙති. තම බිරියන්ගේ පතිභක්තිය ගැන ඉතා ඉහළින් කතා කරන ඔවුන්, තම වර්ගයා පතිව්‍රතාව අතින් නම්දරා සිටින බව එකහෙළා කියා සිටිති. ඔවුන් කිසි විටෙකත් තම බිරියන් අත්හැර දමන්නේ නැත. කුරහන් කැපීමේදී උදව් වීම හැරෙන්නට, ඔවුනට හුදෙක් පැවරී ඇත්තේ ගේතුළ කෙරෙන වැඩ කටයුතු පමණි. සැමියන් ඔවුනට සලකන්නේ කාරුණිකවය. ඔවුන් අතර ගැහැනියට හිමි තත්ත්වය පිළිබඳ සැලැකීමේදී, පිරිමි තමාගේම සහෝදරයන්ට හෝ සහෝදරියන්ට වඩා ළෙන්ගතු බවක් දක්වන්නේ තම බිරියටය.

ඔවුන් වසන වැදි රට තුළ දින කිහිපයක් ගත කරන පිටස්තර ජනයා, කැලෑ උණ නොවැලඳී බේරෙන්නේ කලාතුරකිනි. එහෙත් ඒ දේශගුණයේ අනිටුකාරී බලපෑම්වලට වැදි ජනයා ගොදුරු වන්නේ මඳ වශයෙනි. උණ හැරුණුවිට සමේ රෝගවලට ද ඔවුහු ගොදුරු වෙති. එහෙත්, ඔවුන් අතර සමාජ රෝග හෝ වසූරිය හෝ පවතින බවක් දැන ගන්නට නැත. ඔවුන් තමන්ට ලෙඩ රෝග ඇති කරන්නා ලෙස සලකන්නේ තම ප්‍රදේශය පුරා සිටිතැයි ඔවුන් අදහන නපුරු භූතයන්ය. ඔවුන් අතර කිසිදු ආකාරයක ඖෂධ භාවිතයක් තිබෙනු දක්නට නැත. ඔවුන් මුළුමනින් විශ්වාසය තබා ඇත්තේ, තමන්ට වින කරන යක්ෂයා සතුටට පත් කිරීමේ අරමුණින් කරන යාදිනි කෙරෙහිය. බලවත් ලෙස රෝගීවූ සෑම අවස්ථාවකදීම ඔවුහු රිදී මුද්දක් සහ රෙදිකඩක්, කිසියම් තැනක තැන්පත් කරති. ඉන්පසු ඔවුන් සෑම විටම කරන්නේ ඉතා වයස්ගත තැනැත්තකු වන යක්දෙස්සා කැඳවාගෙන ඒමය.

ඔහු ආතුරයා ඉදිරියේ නටන්නේ තමන්ගේ යාදිනි කියමිනි. අවසානයේදී ඔවුන් විසින් ඔහුට සංග්‍රහ කළ යුතුය. සාමාන්‍යයෙන් ඔහු වෙනුවෙන් කරන සංග්‍රහය වන්නේ, මී පැණි සමඟ ඇනූ දිරූ ලී කුඩුවලින් සැකසූ අග්ගලාවකි. පූජාව අවසන් වන්නේ පඬුරක් ලෙස වෙන්කොට තබා ඇති මුද්ද සහ රෙදිකඩ යක්දෙස්සා විසින් රැගෙන යෑමෙනි. ඔවුහු මළවුන්ට ගරු නොකරති. ඔවුන් කරන්නේ, මළ සිරුර සතුන්ට කා දැමීම පිණිස කිසිදු චාරිත්‍ර සිදු කිරීමකින් තොරව රැගෙන ගොස්, වනයට විසි කර දැමීමය.

තමන්ට යහපත සලසන සර්වබලධාරී දෙවියෙක් පිළිබඳ හැඟීමක් ඔවුනට ඇත්තේ නැති නමුදු, නපුරු භූතයන් රැසක් සිටින බව ඔවුන්ගේ විශ්වාසයයි. මරණයෙන්මතු ජීවිතය ගැන ඔවුනට අදහසක් නැතුවා සේම, බුදු දහම හෝ හින්දු දේව කතාවල දැක්වෙන දෙවියන් පිළිබඳ හැඟීමක්ද ඔවුනට ඇත්තේ නැත. (සඳ හා හිරු ඇතුළුව මළවුන්ගේ භූතයන්ගෙන් තමන්ට සැලසෙන රැකවරණය හා පිහිට ගැන අදහන ඔවුන්, තමන්ට අවශ්‍යතාවක් පැන නැඟුණු කල නිරතුරුව කරන්නේ ඔවුන් යැදීමය.)

දැනුම සහ සදාචාරය.....

ඔවුන් තුළ පවතින දැනුම සහ සදාචාරය ඔවුන්ගේ ජීවන ක්‍රමයට සරිලන ආකාරයට සීමාවී පවතින බවක් පෙනී යයි. ඔවුන්ට පහේ සංඛ්‍යාවට වඩා ඉහළට ගණන් කිරීමට හැකියාවක් නොමැත. ඔවුන්ගෙන් සමහරකගේ අමනකම සහ උදාසීන බව බෙහෙවින් කැපී පෙනේ. එසේ වුවත්, ඔවුන්ගේ ගතිපැවතුම්වලින් දිස්වන්නේ, වනාන්තරය තුළ වසන විට මිලේච්ඡයකු වෙතින් අපේක්ෂා කළ හැකි ආකාරයේ නිදහස්ලෝලී බවක් සහ උදාසීනත්වයකි. තමා දඩයම් කරන සතාට නොදැනෙන ලෙස ඌට කිට්ටු කරන ආකාරය නිරූපණය කර පෙන්වන ලෙස ඔවුන්ගෙන් එක් අයකුගෙන් ඉල්ලා සිටි විට, ඔහු එය රඟ පා දැක්වූයේ ඉතා සිත් කාවදින ආකාරයටය. ඔහුගේ ඇස්වලින් පෙන්නුම් කළ තියුණු බව හා උනන්දුකාරී බව, පා තැබීම්වල සැහැල්ලු බව සහ ඔහුගේ සිරුරේ සෑම අවයවයකින්ම හා මස් පිඬුවකින්ම පිළිබිඹු වූ එල්ලය කෙරෙහි යොමුවීම සමාන කළ හැක්කේ, රහසින් තම ගොදුර කරා ළං වන බළලෙකුට හෝ කොටියකුට හෝ පමණි.

ඔවුන්ගෙන් දිස් වන පෙනුමම ඔවුන් ගෙවන දුෂ්කර දිවි පෙවෙත විදහා පාන්නකි. ඔවුන් උසින් මෙන්ම, සිරුරේ ප්‍රමාණයෙන් ද සාමාන්‍ය සිංහලයකුට වඩා කුඩාය. පෙනුමින් අප්‍රසන්නය. හැසිරීමෙන් ඔවුන් කඩිසර ස්වභාවයක් පෙන්නුම් කළ ද, ශාරීරික වශයෙන් හෝ ඇඟපතින් හෝ ඔවුන් එතරම් ශක්තිමත් අය බවක් පෙන්නුම් කෙරෙන්නේ නැත. ඔවුන්ගේ අතපය කේඩෑරි සහ සිහින් වුව ද, මනාව පිහිටා ඇත. සමේ පැහැය අතින් ඔවුන් සාමාන්‍යයෙන් සෙසු සිංහලයන්ට වඩා තද තලෙළලු පැහැයෙන් යුතු වුව ද, ඔවුන් අතුරින් ඇතැමෙක් සෙසු අයට වඩා පැහැපත් බවින් දිස් වේ. වනයෙන් බැහැරව යන විට ඔවුන් අඩි හතක් හෝ අටක් දිගැති දණ්ඩක් රැගෙන යයි. සිට ගන්නා විට ඔවුන් එය තමන් ඉදිරියේ සිටුවා තම හිසට මඳක් ඉහළින් අල්ලා, අතින් බදාගෙන, හිස ඉදිරියට නෙරා වැටෙනසේ එහි වාරුව මත රැඳී සිටින්නේ ඉතාමත් දීන හා අශෝභන ඉරියවුවෙනි.

2. ගල් වැද්දන් ද එම වර්ගයේම හා එම ලක්ෂණයෙන් හෙබි අයය. ඔවුන්ගේ පුරුදු සහ සිරිත් විරිත් ද බොහෝදුරට ඒ හා සමානය. එහෙත් ඔවුන් හැඳින්වෙන්නේ මිලේච්ඡ හා ප්‍රචණ්ඩකාරී ගතිපැවැතුම්වලින් යුත්තන් ලෙසටය. පළමුව එකම පවුලේ සාමාජිකයන් අතර නිරතුරුව සිදුවන ආවාහ විවාහ නිසා ද දෙවනුව තම ප්‍රදේශයේ දඩයම් හීනවී යෑමෙන් පැන නගින ආහාර අහේනිය නිසා ද, ගල් වැද්දෝ ශීඝ්‍රයෙන් වඳ වී යමින් පවතී.

ඔවුන් සමීපයට යන ජනයාට අනතුරට මුහුණ පෑමට සිදු වෙතැයි සැලකේ. ඔවුන් තම සියලුම අසල්වාසීන් සමඟ හතුරු බවින් යුතුව පසුවෙතැයි කියැවේ. (මේ විස්තරය 1820දී රචිත බැව් සලකන්න.)

වැද්දන් විසින් කප්පම් වශයෙන් රජයට මීපැණි සහ වියළි දඩමස් සැපයිය යුතු කාල නියමව තිබිණි. එහෙත්, ගල් වැද්දන් කිසිදු නගරයක් හෝ ගමක් හෝ අසලට කිසි විටෙකත් නොයන හෙයින්, හොරබොර වැද්දන් කළේ තමන්ගේ වාසස්ථාන අසල එක්තරා ස්ථානයකට ගොස් මී පැණි සහ වියළි දඩමස් එතැන තබා ඒමය. එසේ වුවත් ඔවුනට මිනිසුන් ඇස ගැසීමට ලැබුණේ කලාතුරකිනි. එබඳු අවස්ථාවක ඔවුන් කරන්නේ, අනතුරුදායකය යන හැඟීමෙන් ජනයාගෙන් වසන්ව සිටීමය. ගල් වැදි සහ ගම් වැදි යන දෙකොටසම සැලකෙන්නේ (සිංහලයන්ගේ ඉහළම කුලය වන) වෙල්ලාල කුලයට අයත් වූවන් බවය. වෙල්ලාල කුලයට අයත් වූවන්, වන වැද්දන් අතුරින් වඩාත් ශීලාචාර බවට පත් අය (ගම් වැද්දන්) ඒ පළාතේ ජන ප්‍රධානියකුගේ ගෙදරට ගිය විට ඔවුනට මැටි කොතලයකින් දිය පානය කිරීමට ලැබෙන අතර, එය වෙල්ලාල කුලයේ ජනයාට පමණක් හිමි වරප්‍රසාදයකි.

ගල් වැදි පිරිමින් තවමත් තම විලි වසා ගන්නේ ඔවුනගේ අසල්වාසී ජනයාට වඩා අඩුවෙනි. එයට හේතුව විලි වසා ගැනීමට ප්‍රමාණවත් තරමට එක්කොට කොළ අතුවලින් සකසාගත් ඇඳුමක් මිස ඔවුනට රෙදිපිළි නොමැති වීමය. ඔවුන්ගේ ගැහැනුන් කිසි විටෙකත් දැකගන්නට නොලැබෙන තරම්ය. ඔවුන් වනය තුළ සැඟවී ඈත මුල්ලක හෝ කඳුකරයේ තිබෙන ගුහාවල හෝ රැඳී සිටිමින් පසු වන්නේ පිරිමින්ට සමානව නිරුවතිනි.

ගල්වැද්දන් කතා කරන්නේ සිංහල ජනයාට හෝ දෙමළ ජනයාට හෝ තේරුම්ගත නොහැකි බසකින් වන නමුදු, එහි ඇතැම් සිංහල වචන ගැබ්ව තිබෙන බවක් හඳුනාගත හැකිය.

මෙයට පරස්පර මත ඉදිරිපත් කර තිබුණ ද, මාගේ විශ්වාසය වන්නේ වැදි බස යනු සාමාන්‍ය නූගත් සිංහල ගැමියන් වහරන බස බවය. වැද්දන් වහරන බොහේ වදන් සිංහල බසේ ප්‍රභවයෙන් යුත් ඒවා බවට ලකුණු ඇති බව පහත දැක්වෙන නිදසුන් බඳු ඒවායින් මෙකල පවා දක්නට හැකි වේ.

වැදි බස සිංහල බස

දිය - කනවා (දිය බොනවා) වතුර කනවා

නිදෙනවා (නිදියනවා) නිදා ගන්නවා

පොළොගා (සර්පයා) පොළගා

ගිනි වැටුණා (හෙණ ගහනවා) ගින්දර වැටුණා

ඔවුනට අක්ෂර භාවිතය පිළිබඳ දැනුමක් නොතිබීම ගැන සැලකීමේදී, ඔවුන් සතුවූ කිසිදු ආකාරයක සාහිත්‍යයක් නොතිබීමත්, ඔවුන්ගේ ව්‍යවහාර බසෙහි නිරතුරුව සිදුවන වෙනස්කම් වළකාලීමට හැකි කිසිවක් නොමැති වීමත් පිළිබඳ කරුණු සැලකීමේදී, ඔවුන් ව්‍යවහාර කරන බස සහ සිංහල බස අතර ඇති සමානත්වය දක්වන කිසියම් සාධකයක් ශේෂව තිබීම සැලකියයුතු කරුණකි.

ඔවුනට තම ලැඟුම්පළවල් නිරතුරුව මාරු කිරීමට සිදුව ඇත්තේ ද, අලුත් දඩමං සොයා යාමට සිදුවීමේ හේතුවෙනි. ඔවුහු කිසිම ධාන්‍ය වර්ගයක් වගා නොකරයි. දුනු හී තැනීම හැරෙන්නට අන් කිසිවක් නිපදවන්නේ නැත. ඔවුන් ඊතල හිස් සහ පොරෝ සපයා ගන්නේ පහත සඳහන් ආකාරයටය.

ඔව්හු වියළි මස් කිසියම් ප්‍රමාණයක් සහ මී පැණි සිංහල කම්මල්කරුවාගේ ගෙදර ආසන්නයට රැගෙන ගොස් ඒවා බල්ලන්ට සහ නරියන්ට ළඟා විය නොහැකි උසකින් එල්ලා තබන්නේ, තමාට අවශ්‍ය කරන ලෝහ උපකරණයේ හැඩයට කැලෑ කොළයකින් කපාගත් අනුරුවක් ද සහිතවය.

ඔවුන් කිසි විටෙකත් තම ශිෂ්ටසම්පන්න අසල්වාසීන්ට අයත් බව භෝග හෝ ඔවුන් සතු කිසිදු ආකාරයක වස්තුවක් හෝ පැහැර ගත් බවක්වත්, තමන් වසන වනය මැදින් වැටී තිබූ මංපෙත් ඔස්සේ නිරතුරුව එහාමෙහා යන එන වෙළෙඳුන්ගෙන් හෝ මගීන්ගෙන් වස්තුව මංකොල්ල කෑ බවක්වත් අසන්නට ලැබී නැත.

ඔවුන් අමනාප කර ගැනීම අනතුරුදායක වූවකි. චේතනාත්මකව සිදු කළ මිනීමැරුමක් මඟින් ඔවුන් තමන්ට සිදු වූ අසාධාරණයකට පළිගත් අවස්ථා ගැන මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අසන්නට ලැබී ඇත. මේජර් ජොන්ස්ටන් යටතේ 1804දී හමුදා අනුඛණ්ඩයක් මඩකලපුවේ සිට මහනුවර බලා ඉදිරියට ඇදෙන ගමනේදී එම අනුකණ්ඩයේ සිටි යුද සෙබළෙකු මුලින්ම මරණයට පත්වී ඇත්තේ, වැද්දෙකුගේ හී සැරයට ලක්වීමෙනි. හමුදා අනුඛණ්ඩය මඩකලපුව දිස්ත්‍රික්කයේ නාඩකාඩු පළාත සහ වෙල්ලස්ස දේශ සීමා අතර ප්‍රදේශය හරහා ඉදිරියට ඇදෙන අතරවාරයේ එක් එළිමහන් ස්ථානයක කඳවුරු බැඳ, එදින රැය එහි ගත කිරීමට තීරණය කෙරිණ. සෙබළුන් පිරිසක් ඒ අසල වූ වන ගහනය තුළට වැදුණේ දර සෙවීම පිණිසය. වැද්දන් කිහිප දෙනෙක් තම තාවකාලික පැල් අටවාගෙන සිටියේ, ඒ වන ගහනය තුළය.

සෙබළුන් දුටු විගස ඔවුන් පලා ගියෙන්, ඔවුන් දමා ගොස් තිබූ දේ සෙබළුන් විසින් පැහැර ගන්නා ලදී. ඒ අතුරින් ඔවුන් සතුව තිබූ අගනාම වස්තුව වූයේ බේරීම සඳහා තම හාම්පුතුන් ද සමඟ පලා ගිය කුකුළන් දෙතුන් දෙනෙකි. එක් සෙබළකු කුකුළකු අල්ලා ගැනීම පිණිස ඌ පසුපස එළවා යද්දී සැඟව හුන් වැද්දෙක් ඔහුගේ ඉඟටිය පෙදෙස පසාරු කරගෙන යන ලෙසට හීයක් විද්දේය. එය සිදු වූයේ කඳවුරට යාර කිහිපයක් නුදුරිනි. තුවාල ලත් සෙබළා කඳවුර වෙතට රැගෙන ආවේය. වෛද්‍ය නිලධාරියා හීය ඔහුගේ සිරුරින් ඇද ඉවත් කළ ද, පැය කිහිපයකට පසු ඔහු මියැදුනි. වැද්දෝ පලා ගොස් අතුරුදන් වූහ. වැද්දන් තම පළිය ගත් ආකාරය දැක්වෙන සිද්ධියක් 1822දී පමණ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුව ඇත.

ගල් වැදි පවුලක් සමඟ හිතවත්කමක් ගොඩනඟාගත් එක් ගම් වැදි තරුණයකුට, එම පවුලේ තරුණියක කෙරෙහි සිත ඇදී ගියෙන්, ඔහු ඈ පිළිබඳ ඇගේ මාපියන්ට යෝජනාවක් ඉදිරිපත් කළේය. කිසියම් හේතුවක් නිසා ඒ මඟුල සිදු නොවූණි. ඉන් මඳ කලකට පසු තරුණිය රෝගාතුරවී මියැදුණාය. ඇගේ පවුලේ අයගේ විශ්වාසය වූයේ, තරුණයා විසින් කරන ලද වින කැටීමක් නිසා මරණය සිදුව ඇති බවය. එම හැඟීමෙන් මැ‍ඬෙන්නටවූ ඇගේ සහෝදරයෙක් ඉන් වසර හතර, පහකට පසු එම තරුණයාගෙන් පළි ගැනීමේ චේතනාවෙන් ඔහු සොයා යන්නට විය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරක් මුර කරමින් සිටි එම තැනැත්තා සොයා ගැනීමට අන්තිමේදී ඔහුට හැකි විය. ඒ මහ දවාලේ ඔහු ආසන්නයට ගිය ගල් වැදි තරුණයා, ඔහුගේ සිරුර පසාරු කර යන සේ හීයක් විද්දේය. ඔහු එය කළේ එම කුඹුරේම ඊට මඳ දුරකින් සිටි මලබාර් ජාතිකයකුගේ ඇස් ඉදිරිපිටය. තමා සොයමින් යන තැනැත්තාගේ අනන්‍යතාව ගල් වැදි තරුණයා තහවුරු කරගෙන තිබුණේ, එම මලබාර් ජාතිකයාගෙනි. මාරක ඊතලය මියගිය තරුණයාගේ සිරුරින් ඉවතට ඇදගත් මිනීමරුවා, වනය තුළට වැදී අතුරුදන් විය.

ඔවුහු තමන්ට සිදු වන අසාධාරණකම්වලදී පමණක් නොව, තම හිතවතුන්ට සිදුවන අසාධාරණකම්වලදී ද සාධාරණය ඉටු කරවා දීම පිණිස මැදිහත් වෙති. අර්ධ ශිෂ්ටාචාර තත්ත්වයෙන් පසුවන වැද්දන්ගේ සහ සමාජ ඇසුරින් සහ ශිෂ්ටාරබවින් මුළුමනින්ම තොරව පසුවන වැද්දන්ගේ අතරමැදියන් වශයෙන් කටයුතු කිරීමට පුරුදුව සිටින මරක්කලයෝ සහ මලබාර් ජාතිකයෝ, වැදි ජනයා තුළ පවත්නා මේ ස්වභාවයෙන් අනිසි ලෙස ප්‍රයෝජනය ගනිති. එම සමයේදී වාගේ ඒ ආකාරයේ සිද්ධියක් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු විය. පට්ටිපොල පළාතේ එක් ගම්දෙටුවකුගෙන් වැදි රටට නුදුරුව (නීතිවිරෝධී) හේන් වගා කළවුන්ට කරදර පැමිණෙන්නට විය.

 ගම් දෙටුවා විසූ ගමට රාත්‍රි කාලයේ දී හොර රහසේ පැමිණි වැද්දන් පිරිසක්, ඔහුගේ ගෙය වටලා මංකොල්ල කා ගම් දෙටුවා ද මරා දැමූහ. රට අභ්‍යන්තරයේ සහ මඩකලපුව යන පළාත්වල වසන මේ අර්ධ ශිෂ්ටාචාර ගෝත්‍රිකයන් පාලනය කරන සුළු නිලධාරීන් තෝරා ගන්නේ, සිංහල, මලබාර් සහ මරක්කල යන ජන කොටස් අතුරිනි. ගල් වැද්දන්ගේ ගති ස්වභාවය ගැන දන්නා එම නිලධාරීන්ගේ අසල්වැසියන් මහත් භීතියකින් පසුවන්නේ, ඔවුන් තම අතකොලු බවට පත් කර ගැනීමට එකී නිලධාරීන්ට ඇති හැකියාව ගැන දන්නා හෙයිනි.

ඔවුන්ගේ ප්‍රභවය පිළිබඳ කරුණු මැනවින් දන්නා උඩරට ජන ප්‍රධානීන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වසන අතිශයින් බුද්ධිමත් දෙමළ වැසියන් සපයන මුඛපරම්පරාගතව පැවත එන විස්තර ඉතා නිවැරැදි ආකාරයට එකිනෙකට ගැළපෙන්නේ පුදුමාකාර අන්දමිනි.

(වැදි ජනයාගේ ඓතිහාසික ප්‍රභවය මෙසේය: විජය ලක්දිවට සපැමිණි පසු යක්ෂ ප්‍රධානියකුගේ දියණිය වූ කුවේණිය ආවාහ කර ගත්තේය. ඇය තම ජනයා ඔහුට පාවා දෙමින් ඔවුනට ද්‍රෝහී වූවාය. එහෙත් තම අරමුණු මුදුන්පත් කරගත් පසු ඔහු ඇය අතහැර දැමීය. ඇය තම ජනයා වෙතට පෙරළා ගිය නමුදු, ඔවුන් ඇය සමඟ කෙතරම් වියරුවෙන් පසුවීද යත්, ඔවුහු ඇය මරණයට පත් කළහ. විජයට දාව ඇයට උපන් දරු දෙදෙනා ඔවුන්ගේ මාමාගේ මැදිහත්වීමෙන් එම ඉර‍ණමෙන් බේරී ඔහුත් සමඟ සමනල කන්ද අසල වනයට පැන ගත්හ. මඳ කලක් ඇවෑමෙන් සහෝදරයා සහ සහෝදරිය අඹුසැමියන් බවට පත්ව වන ගත වංශයක් පහළ කර ගත් අතර තම සියලු ඥාති වර්ගයාගෙන් දුරස් වූහ.)

භාරතීය ආක්‍රමණිකයන් ඒ ප්‍රදේශයට පැමිණෙන්නට වූ විට ඔවුහු වෙල්ලස්සේ සහ බිම්තැන්නේ වනාන්තරවලට පසු බැස නොක්ස් සඳහන් කරන වන ගත ජනයා නැතහොත් ලංකාවේ වැදි ජනයා (දඩයක්කාරයන්) බවට පත් වූහ.

 උඩරට ජනතාව පවසන්නේ, වැද්දන් යනු නියම සිංහල වෙල්ලාල ජන කොටසක් බවය. ඉතා මෑත සමයේ දී ඔවුන් වාසය කර ඇත්තේ මෙකල මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් එක්තරා භූමි ප්‍රදේශයකය. විදෙස් රටකින් ආ ද්‍රවිඩ ආක්‍රමණිකයන් විසින් ඔවුන් එතැනින් පලවා හරිනු ලැබුවෙන්, අපට ඔවුන් මෙකල දක්නට ලැබෙන වනාන්තරවල රැකවරණය පතා තිබේ. ඔවුන් මෙරටේ වෙනත් ජනයා සමඟ මිශ්‍ර නොවන නමුදු, අපරාධකරුවන්ට හා ඔවුන්ගේ පිහිට පතා එන රැකවරණයක් නොමැති පලා යන්නවුන්ට, තම හාම්පුතුන් හැර දමා පැන දුවන දාසයන්ට සාමාන්‍යයෙන් ආගන්තුක සත්කාර දක්වමින් රැකවරණ සලසා දුන්න ද, රෙදිපිළි ආදි තෑගිභෝග ලද කල්හි ඔවුන් පාවා දීමට ඉඩ ඇත.

ඔවුනට අක්ෂර භාවිතය පිළිබඳ කිසිදු දැනුමක් ඇත්තේ නැති වුව ද, විවිධ හැඩයට කපන ලද කුඩා ලී කැබැලි මාර්ගයෙන් විවිධ ගෝත්‍ර ඔවුනොවුන් අතර තම අදහස් රළු ආකාරයට හුවමාරු කර ගනිති. වනය හරහා පලා යන ජනයාට එක ‍ගෝත්‍රයක් පසුකර යෑමේදී මේ ආකාරයේ අවසර පත්‍ර ලබා දීම සිදු කෙරේ. ඊළඟ මුරපළේදී ඔවුන් ලබන සැලකිල්ල රැඳී පවතින්නේ මේ ලී කැබැලි මඟින් සන්නිවේදනය කරන පණිවිඩය මතය.

ස්වභාව ධර්මය සමඟ හෝ එයට ආසන්න මට්ටමක හෝ ජීවත් වන මිනිසා සෑමවිටම ශිෂ්ටාචාර ලෝකයේ කුතුහලයට පත් වේ. එබැවින් ලංකාවේ වසන වැද්දන් පිළිබඳ ඇති දැනුම, ඔවුන්ගේ ප්‍රභවය සහ ඉතිහාසය ගැන තොරතුරු දැන ගැනීමට ඇති උනන්දුව අවුස්සාලන්නකි. එසේ වුවත්, ඔවුන් වෙතින් ඒ පිළිබඳ නිසි තොරතුරක් දැනගත හැකි වන්නේ නැත. ස්වකීය අනාගතය ගැන ඔවුන් වෙහෙසෙන්නේ මඳ වශයෙනි.

අතීතය ඔවුනට හිස් අවකාශයකි. ඔවුන් මහනුවර රජු ඇමැතීමට පුරුදුව සිටින්නේ ‘සහෝදරයා’ යන අරුත ගම්‍ය වන පදයකින් බව කියති. ('අලුවා' (යාළුවා) බෙයිලි පවසන්නේ හූන් (හූරා) යන පදයෙන් ගම්‍යවන කුළුපග බවට හේතුවී ඇත්තේ තමන් ද රාජකීය ප්‍රභවයෙන් යුතු වූවන් බවට වැද්දන් කරන හැඟවීමක් බවය. යන පදය ඔවුන් තමන් මිතුරුකම් පවත්වන සියලු දෙනා සමඟ කතාබහ කිරීමේදී හෝ ඔවුන් ගැන සඳහන් කිරීමේදී හෝ භාවිත කරන්නක්ය. එයට හුදෙක් හේතු වී ඇත්තේ, ඔවුන්ගේ වාග් කෝෂයෙහි ඇති දිළිඳු බවය. මේ කරුණ සැලකිල්ලට ගනිමින්, කලින් සිටි රජතුමා ඉදිරියේදී සුපුරුදු පදයෙන් ඔහු ඇමැතීමට ඔවුනට අවසර ලැබී තිබුණ ද, ඔවුන්ගේ වෙනත් ඕනෑම රටවැසියකු එය අනුගමනය කළේ නම් සිදු විය හැක්කේ, ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

(උපුටා පළකිරීමකි)
පරිවර්තනය
චන්ද්‍ර ශ්‍රී රණසිංහ
උපුටාගැණීම dinamina.lk 





සම්බන්ධිත පුවත් | Related News

සාම්ප්‍රදායිකව හෘද රෝග විශේෂඥයන් බටහිර බෙහෙත් වට්ටෝරු නියම කළද ආහාර රටාව වෙනස් කිරීම මගින් රෝගී තත්ත්වයන් අවම කිරීමට හැකි බව පෙන්වා දෙන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.
අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.