ලංකාවේ අධිවේගී මාර්ගවල යන්න පුලුවන් වේගය
ලංකාවෙ අධිවේගී මාර්ග design කරලා තියෙන්නේ පැයට කිලෝමීටර් 120ක උපරිම වේගයකට යටත්ව. ඒ කියන්නෙ ඔය අධිවේගී මාර්ග වල සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල රියැදුරෙකුට, සාමාන්‍ය තත්ත්වයට වඩා දුර්වල වාහනයක වංගු, කදු, පල්ලම් වල ආරක්ශිතව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 120යි. එහෙම පාරක නීත්‍යානුකූලව යන්න පුලුවන් උපරිම වේගය පැ.කි.මී 100 යි. ඒකට කියන්නෙ posted speed කියලා. එහෙම අඩු අගයක් දාන්නෙ අධිවේගී මාර්ගය භාවිතා කරනන්නගෙ ආරක්ෂාවට.
වාහනයකට තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා වාහනේ සම්පූරණයෙන් නවත්වාගන්න අවශ්‍ය දුරට කියන්නෙ stopping sight distance කියලා. මේ stopping sight distabce එකට කොටස් දෙකක් අඩංගුයි. පලවෙනි එක brake reaction distance. දෙවෙනි එක braking distance.
Brake reaction distance කියන්නෙ තමන් ඉදිරියේ තියෙන යම්කිසි බාධකයක් දැකලා ඇහැ විසින් මොළේට පණිවිඩයක් යවලා මොළේ කකුලට බ්‍රේක් ගහපන් කියලා පැණිවිඩය යවන්න ගතවන කාලය තුල වාහනය ඉදිරියට ගමන් කරන දුර. Below average driver කෙනෙක්ට මේ සදහා තත්පර 2.6 ක් ගතවෙනවා AASHTO guidelines වලට අනුව. ඒ කියන්නෙ දල වශයෙන් පැයට කි.මී 100 ට යන වාහනයකට බ්‍රේක් ගහන්න හිතනකොටම මීටර 69.5 ක් ගිහිල්ලා. තරුණ රියැදුරෙක් නම් මීටර 42 ක් වගේ යනවා.
Braking distance කියන්නෙ brake එක පෑගුවට පස්සෙ වාහනේ සම්පූර්ණයෙන් නතර වෙනකොට මන්දනයෙන් වාහනේ ඇදිලා යන දුර. මේකත් below average vehicle එකකට පැයට කි.මී 100 කින් යද්දි සාමාන්‍යයෙන් මීටර්115 ක් වගේ දුරක්.
එතකොට පැයට කි.මී 100 ක වේගෙන් යද්දි අපිට හදිස්සියෙන් බ්‍රේක් ගහලා වාහනේ නවත්තගන්න ඕනෙ උනොත් උපරිම වශයෙන් මීටර් 185ක් විතර ඕනෙ වෙනවා. වාහනේ අලුත් නම් රියැදුරා තරුණ නම් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන කෙනෙක් නම් මේක මීටර් 100-120ක් විතර වෙනකල් අඩු වෙයි. මේ දුර වැස්ස දවසක් නම් තවත් වැඩි වෙනවා
ඔය ටික කියලා කතාව පටන් ගත්තේ තත්වේ බරපතල කම ගැන අවබෝධයක් දෙන්න. හයිවේ එකේ වම් ලේන් එකේ බරවාහන ඉතාම සෙමින් ගමන් කරනවා. ඔවුන්ව පසු කරන සමහරක් වාහන දකුනු මන්තීරුවෙන් එන වාහන ගැන තැකීමක් නොකර ක්ශ්ණිකව දකුනු මන්තීරුවට දානවා. එතකොට ඒ මන්තීරුවේ අධිවේගයෙන් එන වාහන වලට නවත්තගන්න තරම් දුරක් වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ. ඒ නිසා බොහොමයක් අනතුරු වෙනවා. ඊලග එක තමයි අධිවේගයේ ගොඩක් වාහන නියමිත දුර පවත්වා ගන්නෙ නෑ. අවම වශයෙන් වාහන දෙකක් අතරේ මීටර් 100ක් වත් දුරක් පවත්වා ගන්න. එතකොට ඉදිරියේ වාහනය හදිසියේ නැවතුනත් ඔබත් ඔබේ වාහනයේ ගමන් කරන සියල්ලත් ආර්ක්ශිතයි.
තුන්වෙනි එක තමයි රාත්‍රි කාලයේ අධිවේගයේ පහ දල්වා නොමැති කම. සාමාන්‍යයෙන් රාත්‍රියට අපිට පේන්නේ අපේ වාහනයේ headlight එක වදින දුර විතරයි. ඒ නිසා රෑට අර Stopping sight distance එක 180ක් උනාට ඇත්තටම ඔයාට ඉදිරියේ මොකක් හරි බාධාවක් පේන්නෙ headlight එක වදින මීටර් පනහක හැටක දුරක් විතරයි. ඒ නිසා ඔයා පැයට කි.මී 100 ට ගියත් ඔයාට ඉස්සරහ යන වාහනේ ටේල් ලයිට් වැඩ කරන්නෙ නැත්නම්, එයා යන්නෙ ඉතාම සෙමින් නම් ඔයාට ඉතාම සුලු දුරක් සහ කාලයක් පමණයි තියෙන්නෙ මන්තීරු මාරු කරන්න සහ වේගය අඩාල කරන්න. ඒ නිසා රාත්‍රියට මේ තත්තවය ඉතාම බරපතලයි. ඒත් එක්කම රාත්‍රියට නිදිමතත් එක්ක අපේ reaction time වැඩි වෙනවා. ඒත් එක්කම brake reaction distance වැඩි වෙනවා. ඒ නිසා රාත්‍රියට අධිවේගය භාවිතා කරනවනම් ඉතාම පරීක්ශාකාරී වන්න.
රියැදුරන්ගෙන් ඉල්ලන්නෙ,
1. ඉස්සරහ වාහනේ පස්ස ඉඹින්න බලාගෙන පදින්න එපා. නියමිත ආරක්ශාකාරී දුර තියාගන්න.
2. වම් ලේන් එකේ පැයට කි.මී 40ට කොට කොටා යන්න එපා. එහෙනම් සාමාන්‍ය පාර පාවිච්චි කරන්න.
3. දකුනු ලේන් එක ඉස්සර කිරීමට විතරක් යොදාගන්න. වාහනයක් ඉස්සර කල සැනින් නියමිත දුරකින් පසු නැවතත් වම් ලේන් එකට මාරු වෙන්න.
4. ලොරි වල පසුපස් ක්‍රෑශ් බාර් සවි කරන්න. එවිට පිටිපස්සෙන් ඇවිත් හැප්පුනොත් ඒ වාහනයේ airbag on වෙන විදිහට crash bar එකේ වදින්නෙ. වාහනේ අස්සට ගිහින් රියැදුරාගේ ඔලුව ට්‍රේලර් එකේ වදින්නෙ නෑ.
5. Headlight, Taillight සහ signal light වැඩද බලන්න. ඒවා හරියට භාවිතා කරන්න. ඉස්සර කරනවනම් මංතීරු මාරු කරනවනම් signal light භාවිතා කරන්න.
6. 100kmph නම් 100kmph වලට යන්න.
- (මුහුණුපොතෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්