ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් වූ ගෝත්‍රික ලිපිය..
සමාජ මාධ්‍ය පුරා සැරිසරන ජනාධිපති කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන අංශයේ නිල මුද්‍රාව සහිත මෙම ලිපිය, ශ්‍රී ලංකාවේ ඉහළම පරිපාලන ආයතනයක වගකීම් විරහිත සහ ප්‍රාථමික ක්‍රියාකලාපය මැනවින් පසක් කරන කැඩපතකි.
පෙත්සමක් ලද පමණින්, එහි ඇති කරුණු පිළිබඳව මූලික සොයා බැලීමක් හෝ තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව මෙවැනි නිල ලිපි ජනගත කිරීම ඇත්තෙන්ම පුදුමයට මෙන්ම හාස්‍යට කරුණකි.
මෙම ලිපියේ ඇති බරපතල අවිධිමත්භාවයන් සහ ප්‍රාථමික අඩුපාඩු රාශියකි...
පුද්ගල අනන්‍යතාවය සහ තනතුරු පිළිබඳ මූලික නොදැනුවත්කම ඉන් ප්‍රධානතම අඩුපාඩුවයි..
ලිපියේ සිරස්තලය සහ ප්‍රස්තුතය වී ඇති සරත් වීරසේකර මහතා හඳුන්වා දී ඇත්තේ "හිටපු වෙරළ සංරක්ෂණ ජනරාල්" ලෙසය.
ඔහු කිසි දිනෙක වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ "අධ්‍යක්ෂ ජනරාල්" (Director General) වැනි රාජ්‍ය සේවා තාක්ෂණික තනතුරක් දරා නැත.
ලිපියෙ මැදට යනකොට ලිපියෙ ප්‍රධාන ප්‍රස්තුතය මෙහෙම වෙනස් වෙලා තියෙනවා..
" සරත් වීරසේකර මහතාගේ උපකාර ඇතිව රැකියාව ලබාගෙන තිබූ සංචාරක සංවර්ධන අධිකාරියේ සේවය කරන නිලධාරියෙකු විසින් අධිකාරියේ සභාපති සමග එකතු වී මෙම ගනුදෙනුව සිදු කර ඇති බවත් ලිපියේ සඳහන් කර ඇත..."
රටේ ඉහළම කාර්යාලයක් මෙවැනි ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුගේ තනතුරක් පිළිබඳව පවා මූලික කරුණු සොයා නොබලා ලිපියක් සැකසීම පට්ට විහිළුවකි.
ලිපියෙ භාෂා විලාසයේ ඇති ප්‍රාථමික සහ අවිධිමත් ස්වභාවය දැක්කාම ජනාධිපති ලේකම් කාර්යාලය වැනි ඉහළ ආයතනයක් ගැන ඊයා කියලා හිතෙනවා..
රාජ්‍ය ආයතනයක්, විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය වැනි උත්තරීතර ආයතනයක් නිල ලිපි හුවමාරු කිරීමේදී භාවිත කරන සම්මත, රාජ්‍ය තාන්ත්‍රික භාෂා විලාසයක් (Official/Formal style) ඇත.
නමුත් මෙම ලිපිය පුරාම දක්නට ලැබෙන්නේ කටකතා, ඕනෑ එපාකම් හෝ පෙත්සමක ඇති ප්‍රාථමික වාක්‍ය ඛණ්ඩ ඒ අයුරින්ම පිටපත් කර (Copy-Paste) ඇති ස්වභාවයකි.
කිසියම් නිර්නාමික හෝ සේවකයෙකු විසින් එවන ලද පැමිණිල්ලක්/පෙත්සමක් ලැබුණු විට, රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයට අනුව ප්‍රථමයෙන් කළ යුත්තේ එහි අන්තර්ගතයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව මූලික අභ්‍යන්තර විමර්ශනයක් කිරීමයි. එසේ නොමැතිව, මූලික කරුණු පවා වැරදිසහගත පෙත්සමක කරුණු නිල ලිපියකට ඇතුළත් කර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යැවීම හරහා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම පරිණතභාවය සහ වෘත්තීයවේදීත්වය (Professionalism) දැඩි ලෙස ප්‍රශ්න කෙරේ.
රටේ ඉහළම පුරවැසියා නියෝජනය කරන "ජනාධිපති ලේකම් කාර්යාලය" වැනි වගකීම් සහගත ආයතනයකින් මෙවැනි බාල ගණයේ, කරුණුමය වශයෙන් වැරදි සහගත ලිපි නිකුත් වීම සමස්ත රාජ්‍ය පරිපාලන පද්ධතියම ජනතාව ඉදිරියේ සමච්චලයට ලක් කිරීමකි..
මේ ලිපියේ ලියල තියෙන්නෙ කලුතර කැලිඩෝ වෙරළ තීරය ගැන ජනාධිපති ලේකම් කාර්‍යාලයට ලැබුණු පෙත්සමක් ගැන..
ආරංචි හැටියට මේ පෙත්සම ලියල තියෙන්නෙ සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්ම තමයි.
කළුතර කැලිඩො වෙරලතීරය වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් කාලෙකට කලින් ඉඳන් කරන්න උත්සහ කල ව්‍යාපෘතියක්. මෙයට සංචාරක මණ්ඩලය සම්බන්ධ වෙන්නෙ මේ ආණ්ඩුවත් එක්ක. කලුතර හෝටල් හිමියන්ගේ සංගමය සංචාරක මණ්ඩලයේ සභාපතිට කල ඉලීමක් නිසා බව කියවෙනව.
මෙහි තියෙන අනිත් විහිළුව තමයි වැලි කපන කමිටුවක් ගැන ඇති සටහන..
මේ පෙත්සම්කරු මහා වේදනාවකින් කියනව වැලිකපන කමිටුවට සංචාරක අමාත්‍යංශයේ කවුරුත් පත් කරල නෑ කියල.
මොකක්ද මේ වැලිකපන කමිටුව..?
අපි මේ ගැන අදාළ ආයතන වලින් විමසීමක් කලා.
මේ වැලිකපන කමිටුව කියල කියන්නේ විශේෂඥ කමිටුවකට...
කැලිඩෝ වෙරළ තීරය ප්‍රතිස්ථාපන කිරීම විශාල කර්ත්‍යවයක්. එය පරිසරය සමග බැඳුණු පාර්ශව කිපයක් අගතියට පත්වූණු ගැටලුවක්.
ඒ වගේම මෙම වෙරළ තීරය නැවත ප්‍රතිස්ථනය කිරීමෙන් ඇති වන හොද මෙන්ම එහි අනෙක් පසද සැලකිල්ලට ගත යුතු වෙනව.
විශේෂයෙන්ම කළුතර කැලිඩෝ වෙරළ තීරය නැවත සැකසීම වගේම එසෙ කලහොත් කලුතර පහත් බිම් වල ගංවතුර අවදානමක් ඇති වෙන්න ඉඩ තියෙනව කියල මතයකුත් තියෙනව.
ඉතිං මේ ව්‍යාපෘතිය මේ සියලු කාරණා සැලකිල්ලට අරන් කරනු ලබන්නක්.
මේ සඳහා අවශය වන්නේ වෙරළ සම්බන්ධ ඉන්ජිනේරුවන්, වාරිමාර්ග ඉන්ජිනේරුවන් සහ නාරා ආයතනයේ විද්‍යාඥයින්..
මේ අනුව මෙම විශේෂඥ කම්ටුවේ, විවෘත විශ්ව විදයාලයේ ආචාර්‍යවරයෙකු මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාරයවරුන් ජයවර්ධනපුර විශව විද්‍යාලයේ අචාරයවරුන් ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්ජිනේරුවන් සේම නාරා ආයතනයේ විද්‍යාඥයින්ගෙන් සමන්විතයි.
මොවුන් මේ කමිටුවව සඳහා පත් කරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඒ වැලි කැපීමට නොවේ. ඒ සමස්ත පද්ධතිය අධ්‍යනය කර නිර්දේශ ලබා දීමට.
ඉතිං මල්කාන්තිට(පෙත්සම්කරු ඇය නම්) අනුව සංචාරක අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ට මේ වැඩේ කරන්න බෑ.
ඒක තමයි මේ ලියුමේ මම දැක්ක ලොකුම විහිලුව.
තව විහිළු ගොඩක් මේකෙ තියෙනව. වැඩේ කියන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලය මේ පෙත්සමට දක්වල තිබෙන ප්‍රතිචාරය හරි ඉහලයි. ඒක හරියට මල්කාන්තිගේ යෙහෙළියක් තම තනතුරෙන් යාළුකමට දුන්නු තෑග්ගක් කියලා තමයි තතු දන්නො කියන්නෙ..
මේ තමයි අපේ රටේ සංචාරක මණ්ඩලයට වෙලා තියෙන දේ. ..
දැන් ඒක හරියට ගමේ නාන ලිඳ ලඟ වගේ..
අපේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් දැන්නම්.
(නිලන්ත සත්සර ගමගේ ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහනාහිමිවරු විරුද්ධයි.. නීතීඥ ප්‍රජාව විරුද්ධයි.. ජනතාව විරුද්ධයි.. ජාත්‍යන්තරය විරුද්ධයි.. මේ කවුරු විරුද්ධ වුණත් රජය 22 ගේන්න අවදානම ගන්නවාලු..
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න..
ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?
යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!
22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..
දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.