බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධ විහාරගම් සහ දේවාලගම් යනු මෙරට ඒකීය රාජ්‍යය සහ සංස්කෘතිය ආරක්ෂා කරන ප්‍රධාන පවුරක් බවයි. පැරණි රජවරුන් විසින් මෙම ඉඩකඩම් පූජා කර ඇත්තේ විහාරස්ථානවල නඩත්තුව උදෙසා බවත්, එහි පදිංචි ජනතාවට විහාරස්ථානයේ නායකත්වය යටතේ සාමකාමීව ජීවත් වීමට අවස්ථාව සැලසී ඇති බවත් ඔහු සඳහන් කරයි.
මෙම පද්ධතිය වෙනස් කිරීමට දැරෙන උත්සාහය පිටුපස බෞද්ධ සංස්කෘතිය කෙරෙහි ඇති බලපෑමක් පවතින බව පවසන ඒ මහතා, රටේ සංස්කෘතිය බිඳවැටීම තුළින් රාජ්‍යයේ ඒකීයභාවයට ද හානි සිදුවිය හැකි බවටත් පෙන්වා දෙයි.
ඒ මහතා මේ පිළිබඳව දක්වන අදහස පහළින්..
"හින්දුම සුනිල් සෙනෙවි බුද්ධ ශාසන ඇමතිතුමාට ලොකු කැක්කුමක් ඇති වෙලා තියෙනවා විහාරගම් දේවාලගම් පනත වෙනස් කරලා ඒ ඉඩකඩම්වල ජීවත් වෙන මිනිස්සු නඩු මඟට පොළඹවලා ඒ විහාරගම්වල ස්වභාවය,වෙනස් කරන්න.
මං හිතන්නේ බුද්ධ ශාසන ඇමතිතුමා ඊට ඉස්සෙල්ලා හිතන්න ඕන කාරණයක් තමයි, මේ විහාරගම් දේවාලගම් කියන්නේ බෞද්ධ විහාරගම් දේවාලෙගම්. ඒවා මේ වෙනත් ආගම්වලට සම්බන්ධය ස්ථාන ඉඩකඩම් නොවෙයි. පෙර රජවරු මේ ඉඩකඩම් පූජා කරලා තිබෙන්නේ මේ ස්ථානවල නඩත්තුවට ඒ ස්ථානවල නඩත්තුව සිදුකිරීමට අවශ්‍ය යම් සම්පත් සොයා ගැනීමටයි.
ඇතැම් විට ඒ ඉඩකඩම් බදු දීලා මුදල් හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ ඉඩකඩම්වල කාලයක් තිස්සේ පදිංචි වෙලා සිටින අය ඉන්නවා. ඒ ඉඩකඩම් නිදහස් නෑ කියලා ඒගොල්ලො හිතනවා ඇති. නමුත් ඇත්ත කතාව නං විහාරස්ථානයේ යටතේ ඒ අයට සාමකාමීව ඒ බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වෙන්න ඉඩකඩ තිබෙනවා.
ඉතින් ඒක වැරැද්දක් නෙවෙයි මොකද විහාරස්ථානයේ නායකත්වය යටතේ ඒ අයගේ ආගමික භාවිතාවන් සංස්කෘතික භාවිතාවන්ට නායකත්වයක් එතනින් සැපයෙනවා. පැරණි රජවරු ඒ කටයුතු ඒ විදිහට විහාරස්ථානයේ මූලිකත්වයෙන් කරන්ට ඕන කියල හිතලයි නීති රීති පැනෙව්වේ. මේ රටේ සංස්කෘතිය බිඳ වැටීම තුළින් රාජ්‍යයත් බිඳ වැටෙනවා යන සංකල්පය උඩයි, එහෙම කළේ.
රාජ්‍යයේ ඒ කීයභාවය ඇති කරන්නට තමයි මේ වගේ සංකල්පයක් මේ වගේ විහාරගම් ඇති කරලා මේ සිද්ධ කරේ. ඒ වගේම බෞද්ධ දේවාලෙගම්. මේ බෞද්ධ දේවාලගම් කිව්වහම මේවා හින්දු දේවාලගම් නෙවෙයි. හින්දු සංස්කෘතිය තුළ තියෙන ඇතැම් අංග අපේ සිංහල සංස්කෘතියට එකතු වීම තමයි මේ දේවාලගම්වල ස්වභාවය. ඉතින් ඒකෙනුත් කියන්නේ අර විහාරස්ථානයත් සහ ඒ දේවාල යටතේ තියෙන සංස්කෘතිය තුළ ඒ ඉඩකඩම් පහසුවෙන් කළමනාකරණය කරගැනීමට අවස්ථාව දෙන බවයි.
ඒ වගේම ඒ ජීවත් වෙන ජනතාව බෞද්ධයන් විදියට ජීවත් වෙන්නට අවස්ථාව සලසා දීම. ඉතින් මේ තත්ත්වය ඇහැට කටු වඳිනවා වගේ වෙන්න පුළුවන් වර්තමාන බුද්ධ ශාසන ඇමතිතුමාට ඒක නිසා තමයි මේ ඉඩකඩම්වල වර්තමානයේ ජීවත්වෙන ජනතාව උසිගන්වලා විහාරස්ථානයට විරුද්ධව නඩු කියන්ට පොළඹවන්න ඔහු උත්සාහ කරන්නෙ. මේ, උත්සාහය තුළ, තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය කෙරෙහි තියෙන වෛරයයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්