87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.
උවිඳු විජේවීර මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇති අතර, 1982 පැවැත්වූ ප්‍රථම ජනමත විචාරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඉදිරිපත් කළ මැතිවරණ පෙත්සම/නඩුව සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් කිරීමට ස්වාධීන කොමිසමක් හෝ කාරක සභාවක් පත් කිරීම මෙන්ම එහිදී සිදුවූ වංචා හෙළි වුවහොත්, 1982-1989 දක්වා පැවැති පාර්ලිමේන්තුවේ නෛතික බලය අහෝසි කිරීමට අදාළ පියවර ගැනීම යන ඉල්ලීම් මෙම ලිපියේ අන්තර්ගත ය.
1983 කළු ජූලි සංහාරය නිර්මාණය කිරීමට සහ දෙමළ ජනතාවට හිංසා කිරීමට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම මෙන්ම, කළු ජූලිය පදනම් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ තහනම් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බව තහවුරු වන්නේ නම්, එම තහනමෙන් ජවිපෙ නිදොස් කොට නිදහස් කිරීම මෙන්ම, 88/89 යුගය හුදකලා නොකොට, එම වකවානුවේ සිදුවූ සමස්ත ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා පූර්ණ ස්වාධීන කොමිෂන් සභාවක් හරහා විමර්ශනය කර සත්‍ය තොරතුරු ජනතාවට අනාවරණය කිරීම සහ විපතට පත් සියලු පුරවැසියන්ට සාධාරණය ඉටුකිරීම මෙමගින් ඉල්ලා තිබේ.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව, එකල අතුරුදහන් වූ, ඝාතනය වූ සහ වධබන්ධනවලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම සහ 1989 දී රාජ්‍ය ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් පසු අඩස්සියේදී ඝාතනය කරන ලද රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සියලු නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ ඝාතන සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීම ද මෙමගින් ඉල්ලා තිබේ.
අදාළ ලිපිය පහළින්..







සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..