යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!
යුක්රේන නිලධාරීන් උපුටා දක්වමින් Financial Times පුවත්පත සෙනසුරාදා(15) වාර්තා කළේ, රුසියානු මිසයිල බිම දැමීමට යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිවලට නොහැකි වීම හේතුවෙන්, එම පද්ධති මගින් විනාශ කළ රුසියානු මිසයිල සංඛ්‍යාව වාර්තා කිරීම යුක්රේන ගුවන් හමුදාව නතර කර ඇති බවයි.
යුක්රේන නිලධාරීන් පුවත්පතට පවසා ඇත්තේ, ප්‍රතිහරන මිසයිල හිඟය මේ වන විට ඉතා උග්‍ර වී ඇති බැවින්, ප්‍රතිහරණය කිරීමට නොහැකි වන මිසයිල සංඛ්‍යාව සඟවා තැබීමට යුක්රේන ගුවන් හමුදාවට අවශ්‍ය වී ඇති බවයි. ජාතික ආරක්ෂක හේතු මත මෙන්ම මහජනතාවගේ චිත්ත ධෛර්යය පවත්වාගෙන යාම සඳහාද යුක්රේනය මෙම පියවර ගෙන ඇති බව මූලාශ්‍ර සඳහන් කර තිබේ.
යුක්රේන ගුවන් හමුදාව රුසියානු මිසයිල බිම දැමීම පිළිබඳ සංඛ්‍යාලේඛන අවසන් වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ අගෝස්තු 8 වැනිදාය. මීට පෙර එය සෑම උදෑසනකම රුසියාව භාවිත කළ මිසයිල වර්ග සහ ඒවායේ සංඛ්‍යාව පිළිබඳ වාර්තා නිකුත් කළේය. එහෙත් දැන් නිකුත් කරන වාර්තාවල සඳහන් වන්නේ රුසියානු යුදෝපකරණවල වර්ග පමණක් වන අතර, ඒවායේ සංඛ්‍යාව හෝ සාර්ථකව බිම දැමූ මිසයිල පිළිබඳ දත්ත සඳහන් නොවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
1981 සිට සිදු වූ සියලු ඝාතනවලට යුක්තිය ඉටු කරන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න..
ජපානයේ යටත් වීමෙන් වසර 81කට පසු: ආසියාව සැබවින්ම මිලිටරිවාදයේ සෙවණැල්ලෙන් ඔබ්බට ගොස් තිබේද?
යුක්රේනය සතු Patriot මිසයිල තොග අවසන් වීමත් සමඟ බිම දැමූ රුසියානු මිසයිල දත්ත ප්‍රකාශයට පත් කිරීම අත් හිටුවයි!
22ට එරෙහිව නඩු වැලක් එයි.. දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකතුවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම අරඹයි..
දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය