"ලියනගේ අමරකීර්ති කුලකයට" වැරදුණේ කොතැනද ?
මාලිමා දේශපාලනය සමග මහාචාර්ය අමරකීර්ති දේශපාලන මධුසමයකට පිවිසෙන්නේ අපූරු පැහැදිලි කිරීමක් සහිතවය.
ඒ අනුව ඔහු මෙරට ජාතික පුවත්පතක් සමග කළ සංවාදයක් තුළ කීයේ
"මා අනුර දිසානායක සමග එකඟතාවකට පැමිණියේ ඔහු ලෙනින්වාදයෙන් වියෝවූ නිසාය" කියාය.
මහාචාර්ය අමරකීර්ති නොදැන සිටියේ ලෙනින්වාදයෙන් නික්ම සිටිනා අනුර දිසානායක යන්නේ කොහේදැයි කියාය.
ඔහු හිතුයේ අනුර දිසානායක හතරැස් ලෙනින්වාදයෙන් නික්මී රවුම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණියා කියාය.
අද අමරකීර්ති මහාචාර්ය වෙත පටිසන් දී තිබෙනුයේ මහා සංස්කෘතිකවාදියෙක් වූ වී.අයි.ලෙනින් වැරදියට කියවා ගැනීමේ පාපකර්මයයි.
මෙරට බොහෝ බුද්ධිමතුන් ලෙනින් කියවා ගන්නේ සාර් දේශපාලන පවුල පමණක් නොව බල්ලාත් මරා දැමූ දෘඩ බොල්ෂෙවිකයෙකු ලෙස මිස තත්ත්වයන් තුළ කාර්යයන් කළ සංස්කෘතික මිනිසෙකු ලෙස නොවේ.
අද ආචාර්ය අමරකීර්ති ලෙනින්වාදී දේශපාලන ශෝකයකින් වැළපෙන්නේ, හතරැස් ජේවීපීකාරයන් දන්නේ රුසියානු සාහිත්‍යය ගැන මිස "ඇනා කැරනිනා" ගැන නොවේ කියාය.
ඔහු නොදන්නේ අද ජේවීපීකාරයන් දන්නා රුසියානු විප්ලවයක්ද නැත කියාය.
එසේම ඇනා කැරනිනා, එමා බෝවාරි, පමණක් නොව ඊවා ලූනා ද ලෙනින්වාදය තුළ ජේවීපීකාරයන්ට අකැපව නොතිබූ බවයි.
ලෝකය වෙත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පැමිණියේ රුසියානු විප්ලවයට වඩා බිහිසුණු භීෂණයක් සහිතව බව මෙරට බොහෝ බුද්ධිමතුන්ට අමතක වූයේ මෙරට වැඩවසම් පක්‍ෂ දේශපාලනයට කඩේ යාම බඩ රස්සාව හෝ ඓතිහාසික සමාජ මෙහෙවර කොට ගත් නිසාය.
බුද්ධිමතුන් එසේ කළ සහ කරනා නිසා නූතන ජේවීපීකාරයන් කල්පනා කළේ බුද්ධිමතුන්ට ආතල් එකක් දිය යුතුය කියාය.
ඒ අනුව මහජන ප්‍රජාතන්ත්‍රවාදයකට පෙම්බැඳි බුද්ධිමතුන් පිරිසක් දක්කාගෙන අනුර දිසානායක ප්‍රමුඛ ජේවීපීකාරයන් අජූව වැඩවසම්වාදයට පසුබැස්සේ
"අපි දැන් සමාජවාදීන් නෙමේ!" කියාය.
මහාචාර්ය අමරකීර්තිලා, මහාකිවි රත්න ශ්‍රී විජේසිංහලා වැටුණේ එහෙම වළකය.
දැන් අමරකීර්ති මහාචාර්යවරයා විස්සෝපයෙන් කියන්නේ,
"සංස්කෘතික මිනිසෙකු හදමු කියා මාලිමා ආණ්ඩුවට කොච්චර කිව්වත් අහන්නේ නෑ!" කියාය.
ඒ මාලිමාවටත් ඕනෑ කෙහෙල්මල් සංස්කෘතික මිනිසෙකු නොව දැක්කිය හැකි දේශපාලන හරකෙකු බව නොවැටහෙනා නිසාය.
ලියනගේ අමරකීර්ති මේ කරනා පැහැදිලි කිරීම තුළ වඩාත් ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබෙනුයේ, මෙරට වැඩවසම් පක්‍ෂ දේශපාලනය තුළ පොරකමින් සිටිනා දේශපාලන මිතුරු කැළ සමග හාදව හොඳ රටක් හදන්නට අපේක්ෂා කරනා මෙරට අහිංසක බුද්ධිමතුන්ටය.
එපමණයි.
2026.08.11
ජනමිත්‍ර මහජන සාමූහිකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?