නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ 19,892ක් වූ මෙම පොත් තොගය කිලෝග්‍රෑම් 1600ක බරට විකුණා රුපියල් 47,000ක මුදලක් ලබාගෙන ඇති බවයි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12ක් වෙත බෙදා හැරීම සඳහා මෙම පොත් තොගය 2026 මැයි 24 වන දින බාර දී ඇත්තේ බියගම, සියඹලාපේ ප්‍රදේශයේ ආයතනයක් සඳහායි.
නමුත් අදාළ පොත් තොගය නියමිත පරිදි නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන වෙත ලැබී නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත් බාර නිලධාරී ජගත් වන්නිහාරච්චි විසින් ඉකුත් 07 වන දින අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (නිෂ්පාදන හා බෙදාහැරීම්) එන්. ඩබ්ලිව්. ඩී. හිරෝෂි ගුණවර්ධන විසින් ඉකුත් 12 වන දින තලංගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලට අනුව සැකකාර රියදුරු දොම්පේ, කුඩාමාපිටිගම පිහිටි සිය නිවසේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මැයි 24 වන දින බාරගත් පොත් තොගය දොම්පේ පිහිටි තමන්ගේ නිවස වෙත රැගෙන ගොස් ගබඩා කර තබාගෙන ඇති බවයි.
අනතුරුව දින කිහිපයකට පසු පරණ පත්තර සහ ප්ලාස්ටික් එකතු කිරීමට පැමිණි ලොරි රථයකට කිලෝ බරට විකුණා රුපියල් 47,000ක මුදලක් සැකකරු විසින් ලබාගත් බව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
එහිදී, අදාළ පොත් මිලදී ගත් පුද්ගලයා විසින් ඒවා පෑලියගොඩ පිහිටි පරණ පත්තර සහ කඩදාසි අඹරන ආයතනයකට විකුණා ඇති අතර, විමර්ශන කණ්ඩායම් අදාළ ආයතනය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම පොත් තොගය අඹරා දින කිහිපයකට පසු ඉන්දියාවට පවා අපනයනය කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හයදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..