News Category
From Date
To Date
Maximum Number of Result

ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය

Dec 31, 2025 at 06:35 AM
|

ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්‍ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කිරීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.

වෙරළබඩ වැද්දන් හෙවත් මූදු වැද්දන් යනු නැඟෙනහිර වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වන වැදි ජනයාය. අතීතයේ රට අභ්‍යන්තරයේ ජීවත් වූ වැදි ජනයා, ගංගා මාර්ග ඔස්සේ ආහාර සොයමින් යන අතරතුර වෙරළබඩට සේන්දු වීම, වෙරළබඩ වැදි ජනයාගේ ආරම්භය යැයි විශ්වාස කරයි. එහෙත්, අද වන විට වෙරළබඩ වැද්දන් ඔවුන්ගේ අසල්වැසි දෙමළ ජනයා සමඟ සම්මිශ්‍රණය වීම හේතුවෙන්ම තම වැදි උරුමයෙන් ඈත්ව ගොසිනි.

සාම්ප්‍රදායික වැදි ජනයා හට තම ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉටුකර ගත යුතුව ඇත්තේ ඉතා සීමිත අවශ්‍යතා කිහිපයක් පමණි. එකී සීමිත අවශ්‍යතා අතර, ආහාරවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. වැදි ජනයාගේ ආහාර පුරුදු, සිරිත් විරිත්, ආහාර සොයා යෑම, ආහාරවල භාවිතය මෙන්ම, ආහාර කල් තබා ගැනීම් ආදිය පොදු ජන සමාජයේ භාවිතාවන්ට වඩා සුවිශේෂී ලක්ෂණවලින් පෝෂිත වූවකි.

මී පැණි භාවිතය

මී පැණි යනු වැද්දන්ගේ ප්‍රියතම ආහාරයකි. මී වද සොයා යෑමේදී වැද්දන් භාවිත කරන ක්‍රම සැබැවින්ම විස්මයජනකය. එය නූතන විද්‍යාඥයන් ද මවිත කරවන්නකි. මන්ද, වැද්දන් තම ජීවිත අත්දැකීමෙන් හා පාරම්පරික ඥානයෙන් උරුම කරගත් දැනුම, නූතන පර්යේෂණ ප්‍රතිඵලවලට ද එහා ගිය මහා දැනුම් සම්භාරයකි. මී මැස්සන් යනු ගණාවාසී දිවි පැවැත්මක් ගත කරන ජීවී කොට්ඨාසයකි. එහිදී තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සුවිශේෂ සන්නිවේදන හැකියාවක් මී මැස්සන් සතුය. ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළ මහාචාර්ය කාල් ෆොන් ෆ්රිෂ් හට 1973 වසරේදී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

නූතන පර්යේෂණවලින් හඳුනාගත් මී මැස්සන් සතු එක් සන්නිවේදන සංඥා ක්‍රමයක් ලෙස, ‘බිඟු නැටුම‘ හැඳින්විය හැකිය. බිඟු නැටුම යනු රිද්මයාකාර ශරීර චලන ක්‍රම කිහිපයකි. එම බිඟු නැටුම රඟ දක්වන්නේ බිඟුවකු තමන් සොයා ගත් ආහාර ප්‍රභවයක් පිළිබඳ අන් බිඟුන්ට දැන්වීමටය. එහිදී, නූතන පර්යේෂකයන් සොයාගත් පරිදි, වට නැටුම, දෑකැති හැඩ නැටුම හා උර ලෙළන නැටුම ආදී බිඟු රැඟුම් ආකාර කිහිපයකි. මේ එක් එක් බිඟු රැගුම මඟින්, ආහාර ප්‍රභවයට කැදැල්ලේ සිට ඇති දුර පිළිබඳ වටහා ගත හැකිය. නිදසුනක් ලෙස, චර බිඟුවකු වට නැටුම රඟ දක්වන්නේ නම්, එහි අදහස ආහාර ප්‍රභවය කැදැල්ල ආසන්නයේම ඇති බවය. එහෙත්, උර ලෙළන නැටුම රඟ දක්වන්නේ නම් එහි අදහස, ආහාර ප්‍රභවය ඇත්තේ කැදැල්ලේ සිට මීටර දෙකකට වඩා වැඩි දුරකින් බවය. මේ නූතන පර්යේෂණවලින් මී මැස්සන්ගේ සන්නිවේදන හැකියා පිළිබඳ කළ අපූර්ව සොයා ගැනීම්ය. එහෙත් විස්මයජනක කරුණ නම්, මෙරට වැදි ජනයා මේ නූතන පර්යේෂණ කිරීමටත් පෙර සියවස් ගණනාවක ඈත අතීතයේ සිටම, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානය මඟින් මී මැස්සන්ගේ මෙකී අපූර්ව සන්නිවේදන හැකියා පිළිබඳ මීට වඩා දැන සිටීමය.

වැද්දන්ට මී මැස්සන්ගේ චර්‍යා විධි නිරීක්ෂණය කර, බොහෝ පුරෝකථන කළ හැකිය. එම හැකියා, මී වද සොයා ගැනීමට ඔවුහු භාවිත කරති. නිදසුන් ලෙස, මල් රොන් රැගෙන පියාසර කරන මී මැස්සන් දුටු විට, එම මී මැස්සන් පියාසර කරන දිශාවෙන් හා පියාසර කරන විට නැඟෙන හඬින් මී වද ඇති දිශාව නිවැරැදිවම ප්‍රකාශ කිරීමට, වැද්දෝ සමත්කම් දක්වති. මී මැස්සන් නොදැක වුව ද, ඔවුන්ගේ පියාසර හඬට සවන්දී, මී මැස්සන් පියාසර කරන්නේ මී වදය දෙසට ද? නැතහොත් මී වදයෙන් ඉවතට ද? යන්න නිවැරැදිව කිව හැකිය.එපමණක් නොව, මී මැසි චර්‍යා නිරීක්ෂණය කර, එම මී මැස්සන් තනා ඇති මී වදය නොදැකම එහි ඇති පැණි ප්‍රමාණය මෙන්ම, අලුතින් බැඳි මී වදයක් ද? පරණ මී වදයක් ද? ආදී ලෙස නිවැරැදිව බොහෝ පුරෝකථන කිරීමේ හැකියාව, වැද්දන් සතුවේ.

මී පැණි සොයා යෑමේදී පමණක් නොව, දඩයමේ යන විට ද වැද්දෝ තමා සතු පාරම්පරික ඥානය ප්‍රකට කරවති. වැද්දෝ සතුන් නොදැක ඔවුන්ගේ වසුරු, පා සලකුණු , ශබ්දය, ගන්ධය ආදියෙන් අවට සැරිසරන සතුන් පිළිබඳ නිවැරැදිව නිගමනයකට එළැඹීමට සමත්කම් දක්වති.

වැද්දන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර, මී පැණි මෙන්ම දඩමස් වලට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එහෙත්, ඔවුහු සමහර සතුන්ගේ මස් ආහාරයට නොගනිති. ඉබ්බා, ගවයා, නරියා, ගම් කුකුළා, හබන් කුකුළා, වලිකුකුළා, කොටියා ආදී සතුන්ගේ මෙන්ම සේරු, කොකුන් ආදී ජලාශ්‍රිත පක්ෂීන් ද ආහාරයට නොගනිති. වැද්දෝ, අමු දඩමස් මෙන්ම, වියළි දඩමස් ද විවිධාකාරයෙන් පිළියෙළ කර ආහාරයට ගනිති. මෙහිදී සමහර මස් වර්ග පිසින විශේෂ ක්‍රම ද දැකිය හැකිය.

හම භාවිත කර අමු මස් පිසීම

වැද්දන්, දඩයම් කළ ස්ථානයේදීම මස් ආහාරයට ගන්නාවිට, ඒවා පිස ගැනීම සඳහා බඳුන් වෙනුවට දඩයම් කළ සතාගේ හම භාවිත කරන අවස්ථා ද ඇත. ගෝනකු දඩයම් කළ විට, එම සතා හම ගසාගත් පසු ඔවුහු එම හම තිරස්ව වියනක් ලෙස ලී කණු ආධාරයෙන් ගැට ගසා ගනිති. මෙය ගැට ගසන්නේ මස් පිසීමට දල්වන ලද ගිනි මැළයට ඉහළින් හා ප්‍රමාණවත් උසකිනි. එමෙන්ම, ඔවුන් දෙසට මුහුණ ලා තිබෙන අයුරින් හා එම හම මධ්‍යයේ වක්‍ර හැඩයක් ගන්නා අයුරිනි. මෙහිදී සතාගේ මස් කපා, උගේ ලේ සමඟ මිශ්‍ර කර, හම මත තබා පිස ගැනේ.

සමහර සතුන්ගේ උදරයේ හම භාවිත කර, අමු මස් පිසින අවස්ථා ද ඇත. එහිදී ඔවුහු පළමුව දඩයම් කළ සතා හම ගසා ගනිති. පසුව උදර ප්‍රදේශයේ හම යොදාගෙන, එයින් හමේ ඇතුළු පැත්තට මිරිස්, කරපිංචා ආදිය යොදා වැල්වලින් ගැට ගසා ගනියි. මස් පිටතට නොපෙනෙන පරිදි මේ මස් පොදිය ගිනි අඟුරු ගොඩේ බහා, හොඳින් තැම්බුණු පසු ඔවුහු එය ආහාරයට ගනිති.

මස් සම්බොලය

මස් සම්බෝලය සෑදීමට ගන්නේ, හොඳින් වියළන ලද මස්ය. වැද්දෝ, වියළන ලද මස් වංගෙඩියේ ලා කොටා, එයට මිරිස් හා ලුණු ද එක් කර සම්බෝලය සාදති. එසේ නොවේ නම්, මස් කැබැලි සමඟ ලුණු හා කොච්චි එක්කාසු කර, වංගෙඩියේ දමා කොටා සම්බෝලය සාදයි. අවසානයේ සම්බෝලයට ඇඹුල් ද එක්කර අනා ගනියි.

මස් මැල්ලුම

මස් මැල්ලුම සෑදීමේදී වියළන ලද මස් ජලයෙහි පොඟවා ගත යුතුය. පසුව එය වංගෙඩියෙලා කොටා එයට ලුණු කුඩු හා මිරිස් එක් කර අනා මළවා ගැනේ.

ලේ පිරුම

වැද්දෝ දඩමස් පමණක් නොව දඩයම් කළ සතාගේ රුධිරය ද පිස ආහාරයට ගනිති. මෙහිදී මස් මෙන්ම අල වර්ග ද භාවිත කර රුධිරය ද සමඟ පිස ආහාරයට ගැනීම සිදුවේ. මේ ආහාර ‘ලේ පිරුම‘ ලෙස හැඳින්වේ. දඩයම් කළ සතාගේ අන්ත්‍ර කොටස් භාවිත කරමින් ද ඔවුන් ලේ පිරුම පිළියෙළ කරයි. මෙහිදී සතකු දඩයම් කළ පසු එම අන්ත්‍ර කුහර තුළ සතාගේ ලේ පුරවා, එහි කෙළවරවල් ගැට ගසා, ඒවා ගිනි මැළයකට උඩින් එල්ලා තබයි. අන්ත්‍ර තුළවූ ලේ කැටි ගැසුණු පසු, එම අන්ත්‍ර කොටස් ආහාරයට ගැනේ. මේ අන්ත්‍ර තුළ ලේ පිරුම වර්තමානයේ නිපදවන සොසේජස්වලට අනුරූප ආහාර සැකසීමේ ක්‍රමයකි.

නූතන ලෝකයේ මස් ආහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රමයක් නම්, මස් පුළුස්සා ආහාරයට ගැනීමයි. එහෙත්, වැද්දන් මෙලෙස මස් හා මාළු වර්ග පුලුස්සා ආහාරයට ගැනීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ සාමාන්‍ය අංගයකි.

මෙහිදී මස් වියළීම සඳහා මස් මැස්ස භාවිත කරන අතර, මාළු වියළීමට හා පුලුස්සා ගැනීමට මාළු මැස්ස භාවිත කරයි. වැද්දෝ මස් හා මාළු වලට දුම් ගැසීම සඳහා වනයේ ඇති සියලුම ශාකවල දර භාවිත නොකරති. තම පාරම්පරික ඥානය හා ජීවන අත්දැකීම් තුළින්, දුම් ගැසීමට වඩාත් සුදුසුම වන්නේ කවර වර්ගයේ දර දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ඔවුහු බුරුත, වැලිකෝන්, කරඳ ආදී දර දුම් ගැසීම සඳහා භාවිත නොකරති. මන්ද, එම දර යොදා වියළා ගන්නා මස් ආහාරයට ගත් විට, මත් ගතියක් දැනෙන අතර, උදරාබාධද ඇති වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. සියලුම ශාක දැව පිලිස්සීමේදී පිටවන දුමෙහි රසායනික සංයුතිය එක හා සමාන නොවේ. සමහර ශාක දැවවලින් හට ගන්නා දුම්වල, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ද අඩංගුවේ.

වැද්දෝ කිසි විටෙක විනෝදය උදෙසා සතුන් දඩයම් කිරීමක් සිදු නොකරති. හුදෙක් ඔවුන් දඩයමේ යන්නේ, කුසගින්න උදෙසා සතකු දඩයම් කිරීමටය. එහිදී ඔවුන් දඩයම් කරන්නේ, තම පිරිසට ප්‍රමාණවත් තරමේ සතුන් පමණි. කිසි විටෙක ආහාර අපතේ නොදැමීම වැද්දන්ගේ සිරිතකි. යම් හෙයකින් ආහාර අපතේ දැම්මේ නම්, නෑ යකුන් කෝපවී, තමාට අනාගතයේදී ආහාර අහිමි කරවන බව තරයේ විස්වාස කරන වැද්දන්, කිසි විටෙක ආහාර අපතේ නොදමයි. එහෙයින්ම ඔවුහු ආහාර පරීක්ෂණ ක්‍රම මඟින් වැඩිපුර ආහාර කල් තබා ගැනීමට හුරුපුරුදු වූහ. එකී පරීක්ෂණ ක්‍රමවේද සරලය. එහෙත්, විද්‍යාත්මක පසුබිමකින් යුක්තය. එම විද්‍යාත්මක කරුණු, පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානයෙන් ලද දායාදය. මස්, පැණිවල බහාලා කල් තබා ගැනීම එයට කදිම නිදසුනකි..

පැණි තුළ බහා මස් කල් තබා ගැනීම ආකාර කිහිපයකටම සිදු කෙරේ. ඒ, මැටි බඳුන්, ගස් බෙන හා ගල් බෙන තුළට පැණි දමා, එයට මස් එක් කිරීමෙනි. වැද්දන්, මැටි මුට්ටි තුළ මී පැණි බහා මස් කල් තබා ගැනීමේදී, පළමුව වියළන ලද මස්, කැබැලිවලට කපා ගැනීමය. පසුව, මැටි මුට්ටියක් ගෙන, එහි පතුලට මී පැණි ස්ථරයක් හෙළා, ඒ මත මස් කැබැලි ස්ථරයක් ද තැන්පත් කරති. ඊට පසු නැවත මී පැණි ස්ථරයක් ඒ මතට එක් කෙරේ. මෙලෙස අනුයාත මස් හා මී පැණි ස්ථර පිළිවෙළින් මුට්ටිය තුළට තැන්පත් කරන අතර, අවසානයේ තැන්පත් කරන්නේ ද මී පැණි ස්ථරයකි. මෙලෙස මැටි මුට්ටිය මී පැණි හා මස්වලින් පිරී ගිය පසු, උයන් හෝ කැන්ද කොළයක් ගෙන, එහි කට වසා, වාතය ඇතුළු නොවන සේ මුට්ටිය වටා බාහිරින් මැනවින් මැටි ගසයි. මෙහිදී මී පැණි මස්වලට යහමින් උරා ගැනේ. එම මස් ඉතා ප්‍රණීතය. මෙලෙස සැකසූ මස් බඳුනක් අවුරුදු කිහිපයක් හෝ නරක් නොවී කල් තබා ගත හැකි බව, වැද්දෝ තම අත්දැකීමෙන් දනිති.

පැණි යනු අධි සාන්ද්‍ර සීනි ද්‍රාවණයකි. මී පැණි තුළ දඩමස් ගිල්වා තැබීමේදී, ආස්‍රැති ක්‍රියාවලිය හේතු කොට ගෙන දඩමස්වලවූ සැලකිය යුතු තරමේ ක්‍රියාකාරී ජල ප්‍රමාණයක් එයින් ඉවත්ව, මී පැණි ද්‍රාවණයට එක්වේ. එමනිසා, දඩමස්වල අඩංගු වන්නේ අඩු ක්‍රියාකාරී ජල ප්‍රමාණයකි. එය ආහාර නරක් වීමට බලපාන එන්සයිම හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම හා නිශේධනයට බලපායි. එමෙන්ම, බහාලන දඩමස් කැබැලි කිරීම නිසා, දඩමස්වල පෘෂ්ඨික වර්ගඵලය වැඩිවී, මී පැණි සමඟ එම මස් මැනවින් ස්පර්ශවේ. එහෙයින්, දඩමස්වලින් ජලය ඉවත් වීම කාර්යක්ෂමව සිදුවේ. කැන්ද කොළ හා මැටි ස්ථරය මඟින් වායුරෝධනයවී, බාහිර පරිසරයෙන් ආහාර නරක් කරන ක්ෂූද්‍ර ජීවීන්ගේ ඇතුළුවීම වළක්වයි. මේ සරල විද්‍යාත්මක පසුබිම සාම්ප්‍රදායික වැද්දෝ පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීමෙන් දනිති.

වැද්දෝ ආහාර රසකාරක පිළියෙළ කිරීමේදී, හොඳින් මෝරා පැසුණු වට්ටක්කා ගෙඩිවල ඇට සෝදා, අව්වේ වේලා ගනිති. පසුව, වියළා ගත් එම වට්ටක්කා ඇට කබලේ බැද, වංගෙඩියේලා කොටා පිටි ලබා ගැනේ. මේ පිටි ස්වල්පයක් ගෙන, වෑංජන රසකාරකයක් ලෙස යොදා ගැනේ. එය වෑංජනවල රසය මෙන්ම සුවඳ ද තීව්‍ර කරවයි. වර්තමානයේ සමහර පිළිකා ඇති කරන කෘත්‍රිම රසකාරක සඳහා මෙය කදිම, රසවත් හා ගුණවත් ආදේශකයක් වනු ඇත.

වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය අධ්‍යයනයේදී පැහැදිලි වන තවත් එක් සුවිශේෂී කරුණක් නම්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව, අතීත ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයාගේ ආහාර රටාව සමඟ දැක්වූ බන්ධුතාවයි.

බලංගොඩ මානවයාගේ සමහර ගල් ආයුධ, උසස් ශිල්පීය ලක්ෂණවලින් යුක්ත ඒවාය. එම ආයුධ අතර, ගල් දුන්නෙන් විදීමට යොදා ගත් ගල් මූනිස්සම් ද විය. වැද්දන් තම ආහාර සොයා යාමේදී භාවිත කළ එක් ප්‍රධාන මෙවලමක් වූයේ ගල් දුන්නය. එමෙන්ම, බලංගොඩ මානවයා මෙන්ම වැද්දන් ද වනයේ ගහකොළ සතා සීපාවන්ගෙන් තම ආහාර අවශ්‍යතාව සපුරා ගත්හ. මේ අනුව වැද්දන්ගේ ආහාර හා සැබැඳි තාක්ෂණික ඥානයේ මූලාරම්භය, අතීත බලංගොඩ මානවයාගෙන් උරුම වූවා යැයි සිතිය හැකිය.

(මූලාශ්‍රය : වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය නමැති පර්යේෂණ කෘතිය ඇසුරිනි.)

(අන්තර්ජාලය ඇසුරින්)



සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.