රටටම මීගමු අළුවා විකුණපු කටුනායක අළුවා අම්මලා..
මේ අලූවා කැපිල්ලේ ඉතිහාසය මතක් කළොත් …
ආසන්න වශයෙන් ගත්තොත් 1970 කාලයේ ඉදන් මේ කර්මාන්තෙ කරනවා කියල කියන්න පුලූවන්.
ඒ කාලේ පරණම අය තමයි, ආනම්මා අක්කා, ඇලිස් අක්කා, ඇගි අක්කා, ජුලියට් අක්කගෙ අම්මා, මදම් අක්කා, විනී අක්කා අදත් ඒයාලගෙ පරම්පරාවන් වලින් මේ අළුවා කැපිල්ල කරගෙන යනවා..
එ කාලේ අළුවා කෑල්ලක් වික්කේ ශත 5ට, ශත 10ට, ශත 20ට. ලොකුම කෑල්ල ශත 20යි.
ඒ කාලේ පොල්, පැණි හරි ලාභයි. පැණි ගත්තේ මීගමුවෙන්. ටින් එක රු.60/-යි, 70/-යි.
ජීවත්වෙන්න පුළුවන් විදියට ලාභයක් ලැබුනා. අපේ අම්මලා ඉස්සර හම්බ කළා, කෑවා විතරයි. කිසිම දෙයක් ඉතිරි කරලා නෑ. අදත් සමහරු එහෙමයි.
ඒ කාලේ පල්ලි පන්සල්වල උත්සව වලට යන කව්රුත් කැමැති වුණා මීගමු අලූවා කෑල්ලක රහ බලන්න එහෙම නේද..?
ඇත්ත ඒ කාලෙත් වෙළදාමේ යන්නේ පල්ලිවල මංගල්‍යය වලටයි, පොළවල් වලටයි.ඉස්සර කොහේ ගියත් සෙනසුරාදා, ඉරිදා වික්කා, රෑට ගෙදර ආවා. කොච්චර වෙළදාම තිබුණත් ලඟක් වෙනකම්ම අපි ඉරිදා රෑ 12.00 බස් එකේ ගෙදර ආවා. දැන් එහෙම එන්නේ නෑ. එක එක මංගල්‍යය වල හැටියට සෙනඟ එන හැටියට දැන් සුමාන දෙක තුනක් ඉන්නවා. දවස දෙකෙන් නමි වර්තමානෙ එන්නෙම නෑ. ඒකයි ඉස්සරට වඩා ලාභ වැඩි. ඉස්සර එච්චර දුර ගියේ නෑ.සබරගමු, නුවර, අනුරාධපුර,කෝට්ටේ වගේ තමයි.
අපි අහල තියෙන්නෙ අලූවා වෙළදාමේ ගියෙත් ජොඩු පිටින් කියල…
ඒ කාලෙ අපි ජෝඩු ජෝඩු ගියේ. සමහරදාට ළමයින්වත් එක්ක යනවා. කොච්චර ඈත ගියත් මංගල්‍යය දා රෑ එනවා. දැන් නම් අපි අපේ මහත්තුරුන්ට අඩ ගැහුවත් එන්නේ නෑ. අපි කට්ටිය එකතුවෙලා යනවා. අළුවා පොළ හරිම විනෝදයි. අපේ සේරම ප්‍රශ්ණ අමතක වෙනවා එතැනට ගියාම. අපි උයාගෙන කාලා, විහිළුවෙන්, විනෝදෙන් ඉඳලා එනවා. සමහර මංගල්ල ලඟ ලඟ
වැටෙන නිසා මාසෙකට දෙපාරක් යන්නත් වෙනවා.
අලූවා වෙළඳාමේ එන්නේ කටුනායකින් විතරමද..?
අළුවා අරගෙන යන්නේ කටුනායක කට්ටිය විතරයි. මොරටුවෙන් විතරක් එක්කෙනෙක් ඒ කාලේ ආවා. ඒ ඇරෙන්න කවුරුත් නෑ. දැන් කටුනායක අපි 21 දෙනාට අමතරව දෙහියගාතෙන් එක්කෙනෙක් එනවා. මිනුවන්ගොඩ, නැදගමුව, ජාගොඩමුල්ල ප්‍රදේශවලින් කීපදෙනෙක් එනවා. ඒ ඇරෙන්න අළුතෙන් එන්න නම් හරිම අමාරුයි. බොහොම යාළුකමෙන් එන්න ඕනා. අවුරුදු තුන හතරක් යනකම් අළුත් උන් කියලා කරදර කරනවා. අපි සේරම වගේ පරම්පරාවෙන් තමයි. අපේ අම්මලා, ලොකු අම්මලා අළුවා කැපුවා. ඊට පස්සේ අපි ඒ පාරේ ගියා. ඒත් අපේ ළමයි නම් මේ කර්මාන්තෙ ගැන හිතලවත් නෑ වගේ. උදව්වටවත් එන්නේ නෑ. අපි ඉස්සර අම්මලාට පොල් ගාලා දුන්නා. පෙට්ටි බැන්දා. උදව් වුණා. අද එහෙම නෑ. අපෙන් පස්සේ මේ කර්මාන්තයේ ඉදිරිය ගැන තවම හිතාගන්න බෑ.
මේ කර්මාන්තයට සම්බන්ධ වුණේ මොනවගේ අයද..?
ගොඩ දෙනෙක් කලපු රස්සාව කළේ. එයින් ලබාපු ආදායම මදි නිසා පරණ අයත් එක්ක එකතුවෙලා ටික ටික අළුවා කපන්න පටන් අරන් තියෙන්නේ. එහෙම කියල තමයි අපි නම් දන්නෙ.. මුලින්ම අපි පරණ අයට පොල් ගාන්න, කපන්න,
පෙට්ටි ගැට ගහන්න උදව් වුණා. පස්සේ තමයි හරියට අළුවා කැපිල්ල කළේ. ඒ කාලේ ගුරුනා අයියා අපට ගොඩක් උදව් වුනා. අපි හාල් කොටා ගෙන, බඩුත් අරගෙන එහාට ගියා. එහෙන් අළුවා කපාගෙන, පෙට්ටියත් බැදගෙන තමයි වෙළදාමේ ගියේ. ඉස්සර පවුලෙ කරදර, ආර්ථීක ප්‍රශ්ණ එනකොට පරණ අය කියන්නේ අළුවා ටිකක් කපන්න ගන්න කියලයි. දැන්නම් එහෙම නෑ. අළුත් කෙනෙක් එනවට පරණ අය කැමති නෑ.
ඔයාලටත් සීසන් එකක් තියෙනවද..?
අපි අවුරුද්ද පුරාම වෙළදාමේ යනවා. නොවැම්බර් මාසෙ විතරයි මංගල්ල නැත්තේ. ජනවාරි කදානෙන් පටන්ගත්තම දළුගම, නාත්්තන්ඩිය, එඩේරමුල්ල, කටුවාපිටිය, කොටහේන, කොච්චිකඩේ, දික්ඕවිට, මත්තුමගල, තේවත්ත, මෝදර, මට්ටක්කුලිය වගේ දිගටම යනවා.
අලූවා අම්මලගෙත් සංවිධානයක් තිබුණලූ නේද..?..
මේ අළුවා කර්මාන්තෙ කරගෙන ආපු අම්මලා 1976 විතර අළුවා සමිතියක් පටන් ගත්තා. ඒ කාලේ ගමේ හිටිය ගරු ගොඩ්වින් පීරිස් පියතුමා තමයි සමිතිය හදන්න මුල්වුනේ. එතුමා ගමේ ඇවිදින්න
ආ වෙලාවක කට්ටිය එකතු කෙරුවා. කටුනායක බැංකුවේ වැඩ කරපු ඇන්ටනි මහත්තයා එක්ක ඇවිත් අපට බැංකු ණය අරගෙන දුන්නා. ඒ කාලේ අපි සේරමලා 70ක් විතර හිටියා. සේරටම රු.500/- ගණනේ ණය දුන්නා. අපි හැමෝම වගේ ඒ ණය බේරුවා. ආයෙත් දෙවෙනි පාරටත් ණය දුන්නා. ඊටපස්සේ zසදාසරණ සැලZ නමින් කඩයක් දැම්මා. අපි රු.5/- ගෙවලා සාමාජිකත්වය ගත්තා.
ඊටපස්සේ අපේ ගමට ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා ආවා. එතුමා රු.2/- ගානේ දාන්න සීට්ටු ක්‍රමයක් පටන් ගත්තා. ඒක හොඳට දියුණු වුනා. එයින් පුංචි බැංකු ක්‍රමය පටන් ගත්තා. මේ කටයුතු වලට කි්‍රස්ටීන් කන්‍යා සොයුරියත්, ක්ලැරිස් කන්‍යා සොයුරියත් උදව්වුනා. ඒ සීට්ටු සල්ලිවලින් අපේ දරුවන් කීප දෙනෙකුගේ මඟුල් ගෙවලූත් ගත්තා. දැන් තිබුනානම් අපට රු.ලක්ෂයක් ගන්න තිබුනා.
කැල්ටන් එක වගේ අළුත් රසකැවිලි කඩ, රසකැවිලි වර්ග ආවා කියල ඔයාලට තරඟයක් එහෙම නෑ වගේ..?
අපේ අළුවා වලට එතරම් බලපෑමක් වුනේ නෑ. අළුවා ගන්න කෙනා අළුවා ගන්නවාමයි. අළුවා පොළවල් වල අපට හැමදාම අපෙන්ම ගන්න අය එදත් හිටියා. අදත් ඉන්නවා. කැල්ටන් වගේ කඩවල තියෙන්නේ හතරැස් අළුවා කෑලි. අපි විකුණන්නේ හීන් දිග අළුවා. ඒවාට තමයි මීගමු අළුවා කියන්නේ. ඒනිසා ඒ කඩ අපට ප්‍රශ්ණයක් වෙලා නෑ තවම.
කපන අලූවා කොහොමද ඒ තැන් වලට අරන් යන්නේ.?
අපි ගෙදර ඉඳලම ඒ අළුවා කපාගෙනයි යන්නේ. අපට අපේ බඩු අරගෙන යන්න තමයි ටිකක් කරදර. මුලින්ම අපි ගියේ ලොරිවල. පස්සේ බස්වල. කෝච්චියෙත් ගියා ඒක හරි ලේසියි. අපේ අළුවා පෙට්ටි, පුටු, අනෙක් සේරම බඩු පටවනවා. දැන් බස්වල ගන්නෙම නෑ. අපි වෑන් කථා කරගෙන තමයි යන්නේ. කට්ටිය එකතුවෙලා වෑන් එකක් කථා කරගන්නවා. ඒක ලේසියි. දැන් අපි මේසත් ගෙනියනවා.
අළුවා බිස්නස් එක සරුද?
ගෙනියන සේරම විකුණගෙන ආවොත් ලාභයි.. පොඩි මංගල්ලයකට නම් රු.4000/- 5000/- විතර වියදම් කලාම ඇති. සෙනඟ වැඩි ලොකු පල්ලියෙ මංගල්ලයකට නම් රු.10,000/- විතර බඩු අරගෙන යනවා. එයින් රු.5000/- තරම ලාභයක් ලැඛෙනවා. ඒකෙන් ගෙදර වියදම් පිරිමහ ගෙන ඊළඟ පාරට බඩුත් ගන්නවා. සමහර වෙලාවට බඩු ණයටත් ගන්නවා. ඇවිල්ලා පියවන්න බලාගෙන. එකපාරකට පැණි බෝතල් 24ක විතර දැන් අළුවා කැපෙනවා.අපේ අළුවා නරක් නොවී මාස 2ක් විතර තියා ගන්න පුළුවන්. පොල් කේක් නම් දවස් 8ක් විතර තමයි. මේ කැවිලි කල් යන්න යන්න රසයි.
අළුවා වෙළදාමේ මොනවද තියෙන ප්‍රශ්ණ..?
එන්න එන්න බිම් කුලිය වැඩිවෙන එක. අපි අළුවා පොළට ඇතුල්වෙන කොටම බ්ම් කුලිය ගෙවන්න ඕනා. බිම් කුලී එකතු කරන්නේ පල්ලියෙන්. කලින්ට වඩා තේවත්තෙත්, වත්තලත් බිම් කුලිය වැඩිවෙලා.වත්තල බිම්කුලිය රු.850/-යි. මේක අපට අමාරුයි. අපි දුක්විඳලා හොයා ගන්න ලාභයෙන් ලොකු බිම් කුලියක් ගෙවන්න අමාරුයි. මේ ගැන අපට වගකිවයුත්තන්ට කියන්න වෙනවා. ගොඩක් පල්ලි වල අපේ අළුවා තට්ටුව තිබුන තැනම තියෙනවා. කැළණිය, වත්තල, දෙහියගාත පල්ලිවල අපි හිටි තැනින් පස්සට ගිහිල්ලා. මේ ගැනත් අපිට හිතන්න වෙනවා.
අනාගතේ ගැන….
වෙළඳ කලාපෙත් බලපෑව, අපෙන් පස්සේ පරම්පරාව මේ වැඩේට නොඑන්න.මොකද එයාල ගියා ගාමන්ට් රස්සාවලට. අපේ අලූව කපපු සමහරකුත් ගියා. හැබැයි ආයිමත් ඒ වලින් අස්වෙලා මේකටම ආවා. අපේ මේ කර්මාන්තයේ පරණම අයගෙන් පස්සේ ඉදිරි පරම්පරාව මේ කර්මාන්තය භාර නොගත්තොත් මීගමු අළුවා මේ පලාතෙන් වෙන වෙන පලාත් වලට මාරුවෙලා යාවි.
සටහන -සෙලින් ප්‍රනාන්දු
උපුටා ගැනිම -මීපුර පුවත්පත (2003 නොවැ කලාපය )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්