News Category
From Date
To Date
Maximum Number of Result

සිංහලෙන් දෙමළට පරිවර්තනය කරන කෘති පළ කරන්න ප්‍රකාශකයන් නැති වීම අභියෝගයක් - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්

Dec 27, 2025 at 01:22 PM
|

ඔහු උතුර දකුණ යා කරන සාහිත්‍යයකරුවා ලෙස හැඳින්විය හැකිය. ඔහු විසින් පරිවර්තනය කරන ලද “තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය ” සහ “වට්ටුක්කෝට්ටෙයි සිට මුලතිව් දක්වා ” යන ග්‍රන්ථ විසල් පිරිසකගේ අවධානයට ලක්විය. ඔහු උතුරේ ජනතාවාදී සාහිත්‍යකරුවන් දකුණේ පාඨකයන්ට හඳුන්වාදීමට වෙහෙසකාරී වැඩකොටසක් ද සිදුකෙරෙමින් පවතියි. යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන සාමිනාදන් විමල් මහතා අද වටමඬල සාහිත්‍ය කථිකාව සඳහා එක්ව සිටියි.

ප්‍රශ්නය –

ඔබ උතුර දකුණ එක්කළ සාහිත්‍යකරුවා. විශේෂයෙන් දමිළ සාහිත්‍ය කෘති දකුණේ ප්‍රජාවට සමීප කරන්න කැපවීම් කළ අයෙක්. මේ කාර්යයේ දී ඔබ මුහුණ දුන් බාධා මොනවා ද?

පිළිතුර –

“ඔබ කියන කාරණයට අදාළව ගත්තහම මම උතුර දකුණ එක්කළ සාහිත්‍යකරුවෙක් වෙනව නම් ඒ ප්‍රධාන වශයෙන්ම භාෂා පරිවර්තකයෙක් කියන භූමිකාවට අදාළව කියලයි මම හිතන්නේ. නමුත් එහිදී නිර්මාපකයාගේ නැතිනම් ලේඛකයාගේ දායකත්වය තමයි වැදගත් වන්නේ. නිර්මාපකයා තමන්ගේ නිර්මාණ වෙනත් භාෂාවකට පරිවර්තනය වෙද්දී ඒ භාෂා සමාජය සමග සංවාදයක් ගොඩනැඟෙනවා. ඒ සංවාදයට ඔහු හෝ ඇය ඍජුව ම සම්බන්ධ නොවුණත් ඔහුගේ හෝ ඇයගේ නිර්මාණය ඒ සමාජය නියෝජනය කරමින් අදාළ සංවාදයට සම්බන්ධ වෙනවා. ඒ නිසා මම හිතනවා පරිවර්තකයා වගේම නිර්මාණකරුවා හෝ කාරිය වැදගත් දායකත්වයක් සපයනවා කියලා. පරිවර්තකයෙක් හැටියට ගත්තත් මම වගේම තව විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ තම කැපකිරීම් කරමින් සිටිනවා. දෙමළ සාහිත්‍ය කෘති දකුණේ ප්‍රජාවට දායක කිරීම කියන කාර්යයේදී ප්‍රචාරාත්මක නොවන කෘති පරිවර්තනය නොකර සිටීමට පරිස්සම් වීම තමයි මම හිතන්නෙ ජය ගතයුතු ලොකුම අභියෝගය.

මක් නිසාද කියනවා නම් බොහෝවිට ජනප්‍රිය මාධ්‍ය භූමිකාව තුළ මුල් තැනක් දෙන්නේ එවැනි කෘතිවලට. මෙය වඩාත් අදාළ වන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයට ගැනෙන කෘති සම්බන්ධයෙන්. මම පරිවර්තනය කරන ලද සමහර කෘති ප්‍රබන්ධ සාහිත්‍යයට අයත් නොවන ඒවා. ඒවා බොහෝවිට සමාජ දේශපාලන මතවාදයන් හා ක්‍රියාකාරකම් සමග සම්බන්ධ ඒවා. එවැනි කෘති පරිවර්තනය කිරීමේදී බොහෝවිට එම කෘතිවල අන්තර්ගතය පරිවර්තකයාගේ අදහස්වල අන්තර්ගතය ලෙස සැලකීමට ලක්වීම තමයි අභියෝගයක් වූවේ.

මම දකින ලොකුම බාධාව සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කරන කෘති පළකිරීම සඳහා ප්‍රකාශකයන් හිඟකමයි. ලංකාවේ දෙමළ සමාජය සාපේක්ෂව ගත්තහම අඩු වෙළෙඳපොළක් සහිත ග්‍රන්ථ ව්‍යාපාරයක් තියෙන්නේ. ඒ නිසා සිංහල භාෂාවෙන් පළකෙරෙන සමහර ශාස්ත්‍රීය කෘති පරිවර්තනය වී දෙමළ සමාජයට ලැබෙන්නේ නම් එය දැනුම් පෝෂණය සඳහා වගේම සමාජ සංවාදය සඳහාත් වැදගත් දායකත්වයක් දක්වනවා.”

ප්‍රශ්නය –

ඔබ පරිවර්තනය කරන ලද “තියුණු අසිපතක සෙවණ යට” දකුණේ මෙන්ම උතුරේ යන දෙපැත්තේම අයගේ විවේචනයට ලක්වුණා. මේ ගැන යම් අදහසක් පළ කළොත්?

පිළිතුර –

තමලිනීගේ ස්වයං චරිතාපදානය ලෙසින් හැඳින්වියහැකි තියුණු අසිපතක සෙවණ යට කෘතිය උතුරේ වගේම දකුණේ අයගේත් විවේචනයට ලක්වුණා යැයි ඔබ කියනවිට එය සතුට දනවන කාරණයක්. මොකද කියනව නම් එවැනි කෘතියක් තුළින් බලාපොරොත්තු වන්නෙත් සමාජ සංවාදයක් ඇති වීම. ඒ නිසා ඒක හොඳ දෙයක්. උතුරේ එහෙම නැත්නම් දෙමළ සමාජය තුළ එම කෘතියට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණා. අගය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කියන එකට වඩා එය මඟහැර යා නොහැකි කෘතියක් බවට පත්වීම තමයි එයට හේතුව. එල්.ටී.ටී. ඊ. සංවිධානයට පක්ෂ වීම සහ එරෙහි වීම යන කාරණයට එහා ගිය සංවාදයක් සඳහා ඒ කෘතිය හේතු වුණා. එයට හේතුව ඒ වනවිටත්, එයට පසුවත් එවැනි වර්ගයේ කෘති දෙමළ සමාජය තුළ ප්‍රකාශනය වීම. දකුණේ සමාජය තුළ මෙම කෘතියට විවේචනයක් එල්ල වුණා නම් එය පදනම් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව තිබූ රොමැන්තික අදහස්වලට පහරක් එල්ල වීම නිසයි කියලයි මම හිතන්නේ. ”

ප්‍රශ්නය –

සාහිත්‍යකරුවාට නිර්මාණ කරුවන්ට නිදහසේ සිය නිර්මාණ කාර්යන් කරගෙන යන්න පුළුවන් සමාජ, දේශපාලන වටපිටාවක් ඇතිවෙලා තියෙනවද?

පිළිතුර –

“නිදහස කියන්නේ පුළුල් වපසරියක පැතිරෙන දෙයක්නේ. ඔබ අදහස් කරන්නේ භාෂණයේ හා ලේඛනයේ නිදහස කියන එකනම් ඒ ගැන කිව හැක්කේ මෙහෙමයි. රජය කියන ආයතනය සහ එහි උපකරණ විසින් භාෂණයේ සහ ලේඛනයේ නිදහස උදුරා ගැනීමට එරෙහි වීම කියන එකට පමණක් අදාළ කාරණය ලඝු නොවිය යුතුයි කියලයි මම හිතන්නේ. විශේෂයෙන් ම ජාතිවාදය සහ ආගම්වාදය පරාජය කිරීම කියන අරමුණ සමග ගත්තොත් මේ වනවිට අපට ලොකු සටනක් කරන්න තියෙන්නේ රජය කියන ආයතනයට සම්බන්ධව නොවෙයි. සාහිත්‍යකරුවාට සිය නිර්මාණ කාර්යය කරගෙන යන්න පුළුවන් සමාජ දේශපාලන වටපිටාවක් ඇතිකර ගැනීම සඳහා කටයුතු කළහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියල හිතන්න පුළුවන්. නමුත් එම වටපිටාව ගොඩනැඟෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රවල ඇති කෙරෙන ප්‍රගතිශීලී වර්ධනයත් සමගින්”

ප්‍රශ්නය –

යුද්ධයෙන් පස්සෙ උතුරේ තරුණ ප්‍රජාව තුළ පොත් පත් පරිශීලනය කෙරෙහි යම් සාධනීය වෙනසක් ඇතිවී තිබෙනවද?

පිළිතුර –

“අද කාලයෙහි බාලවියත් තරුණවියත් මුළුමනින්ම වාගේ වැය වෙන්නේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ ජයග්‍රහණයන් කරා යෑමේ අරමුණ ඉටුකර ගන්නයි. මෙම අධ්‍යාපන ක්‍රමයේ පොත්පත් පරිශීලනය කියන දෙය අපේක්ෂා කරන දෙයක් නොවෙයි. ඒ නිසා බොහෝවිට පාසල් අධ්‍යාපනයෙන් පසුව එසේත් නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුවයි තරුණ පිරිස යම්තාක් දුරටවත් පොත්පත් පරිශීලනය කරන්නේ. නමුත් යුද්ධයෙන් පසුව පොතපත කියවීම වැඩිවෙලා තියනවා. බාධාවකින් තොරව පොත පත උතුරට පැමිණීමේ වාතාවරණය ඇතිවීම මීට හේතුවයි. විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ ප්‍රකාශ කෙරෙන පොතපත උතුරට ලැබීම එයට හේතුවක්.

ප්‍රශ්නය –

පරිවර්තනය බොහෝ භාරධූර කාර්යයක්. විශේෂයෙන් බෙදුණු සමාජයක එය සීරුමාරුවට කළයුතු දෙයක්. ඔබ විසින් කරනු ලැබූ එම පරිවර්තන සහ ඒවා තෝරාගැනීමට පදනම් වූ යම් විශේෂිත හේතු මොනවද?

පිළිතුර –

“ ඔව්. හරවත් සංවාදයකට හේතුවනු ඇතැයි කියන පදනම මත පරිවර්තනය සඳහා පොතක් තෝරාගැනීමට බොහෝවිට කටයුතු කරනවා. නමුත් සාහිත්‍යය කෘති සම්බන්ධව ගත්විට ප්‍රචාරක බවින් තොර කෘති තෝරාගැනීමට උත්සහ දරනවා. සමහර කෘති මා විසින් තෝරාගත් කෘති උවත් තවත් සමහර අවස්ථාවල වෙනත් අයගේ තෝරාගැනීම් පරිවර්තනය කිරීමටත් සිදුවෙනවා. ජාතිවාදී හැඟීම් ආමන්ත්‍රණය කරන කෘතිවලට ලැබෙන ජනප්‍රියත්වය අධික වුණත් එය අදාළ සමාජයට කුමන බලපෑමක් කළ හැකිද යන්න පිළිබඳව පූර්ව විනිශ්චයක් කිරීම බොහෝවිට කරනවා.”

ප්‍රශ්නය –

කඳුකර දෙමළ ප්‍රජාව, උතුර, දකුණ යා කෙරෙන සාහිත්‍යයමය කඳවුරක් තනා ගැනීම අරඹයා කළ හැකි යැයි ඔබ විශ්වාස කරන කාරණා මොනවද?

පිළිතුර –

“පළමුව මම හිතනවා ලංකාවේ සාහිත්‍ය කලා ඇකඩමියක් පිහිටුවීම වැදගත් කියලා. ඉන්දියාවේ සාහිත්‍ය කලා ඇකඩමියේ කටයුතු පිළිබඳව තියෙන අදහස් මතයි මම එහෙම කියන්නේ. එය දීර්ඝව සාකච්ඡා කළයුතු කාරණයක්. සිංහල , දෙමළ , ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම කෙරෙන සාහිත්‍යය කටයුතු සම්බන්ධීකරණයක් වගේම ලාංකේය සාහිත්‍ය කෘති ලෝකයේ අනෙත් ප්‍රජාව කරා රැගෙන යෑමටත් කටයුතු කිරීම වැදගත්. ලංකාව ඇතුළත ගත්විට කඳුකරයේ දෙමළ ප්‍රජාව, උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රජාව වගේම ලංකාව පුරාම ජීවත්වන දෙමළ ප්‍රජාවටත් තම භාෂාවෙන් පළවෙන හරවත් කෘති ළඟාවෙන තත්ත්වයක් ඇති කිරීමට පළාත් සභා සහ මධ්‍යම රජය විසින් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කිරීම වැදගත්. දෙමළ සමාජය ගත්තහම තවමත් පොතපත පළකෙරෙන්නේ ප්‍රාදේශීය මට්ටමින්. අඩුම වශයෙන් අපි අයි.එස්.බී.එන්. අංක ගතකිරීම සහ ලියාපදිංචි වීම පවා කෙරෙන්නේ අඩුවෙන්.

ප්‍රශ්නය –

වත්මන් සරසවි සිසු ප්‍රජාව සාහිත්‍ය කලා කටයුතුවලට දක්වන උනන්දුව පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

පිළිතුර –

“කිසිසේත්ම නෑ. නමුත් එය හුදු ඔවුන්ගේම වරදක් යැයි මම හිතන්නේ නෑ. එක අතකින් සාහිත්‍ය කලා කටයුතු කියන ඒවා සරසවි සිසු පරපුර තුළ තමන්ට අදාළ නොවන ඒවා කියල හිතන මට්ටමට දුරස්ත කිරීමක් කෙරී තියෙනවා. ඒනිසා ඒ උනන්දුව කියන එක බොහෝවිට සරසවි පරිසරය තුළින් ඇති නොකෙරෙන තත්ත්වයක් තුළ පවා සමහර සිසු ප්‍රජාව එවැනි කටයුතුවල යෙදෙනවා. මම හිතනවා ඒ සම්බන්ධව ගත්විට ලංකාවේ දකුණේ සරසවි ශිෂ්‍ය සංගම් ඇගයීමට ලක් කළයුතු අන්දමේ දායකත්වයක් සහ කැපකිරීමක් සාහිත්‍ය කලා කටයුතු සඳහා කරනවා.”

ප්‍රශ්නය –

උතුර දේශපාලනික වශයෙන් යම් වෙනස් තීරණයක් ගනුලැබුවා. මේ ඔබ බලාපොරොත්තු වූ වෙනසද?

පිළිතුර –

“මම හිතන්නේ එය දීර්ඝ පිළිතුරක් ලබාදියයුතු ප්‍රශ්නයක්. නමුත් මම මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අයකු ලෙස කිසිම පැකිළීමකින් තොරව ඔව් කියන පිළිතුර දෙන්න කැමැතියි.”

ප්‍රශ්නය –

රටක සාහිත්‍යයමය පෙරළියක් ඇති කිරීමට රජයකට ගතහැකි යැයි ඔබ යෝජනා කරන වැඩ පිළිවෙළ කුමක්ද?

පිළිතුර –

“ රජයක් විසින් යහපත් සමාජයක් උදෙසා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම සාහිත්‍යයමය වශයෙනුත් විශාල වෙනස්කම් ඇතිකිරීමට සමත් වෙනවා.

ප්‍රධාන වශයෙන් හෞතිකමය ජීවිතය වගේම සංස්කෘතික ජීවිතය කියන අංශ දෙකම සමබරව වර්ධනය කරා ගෙන යෑඅමට ගන්නා ක්‍රියාමාර්ග විසින් ඇතිවන එක් ප්‍රතිඵලයක් තමයි සාහිත්‍යයමය පෙරළිය.”

ප්‍රශ්නය –

අවසාන වශයෙන් ඔබේ නවතම සාහිත්‍යයමය කටයුතු මොනවාද කියල දැනගන්න කැමැතියි?

පිළිතුර –

“ මේ වනවිට සිංහල නවකතා කිහිපයක සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක පරිවර්තන කටයුතුවල නිරත වෙනවා. ”

දිවයින 2024 දෙසැම්බර් 26 වන ගුරු දින

සාකච්ඡා කළේ – සුගත් ප්‍රේමතිලක

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.