News Category
From Date
To Date
Maximum Number of Result

සිංහලෙන් දෙමළට පරිවර්තනය කරන කෘති පළ කරන්න ප්‍රකාශකයන් නැති වීම අභියෝගයක් - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල්

Dec 27, 2025 at 01:22 PM
|

ඔහු උතුර දකුණ යා කරන සාහිත්‍යයකරුවා ලෙස හැඳින්විය හැකිය. ඔහු විසින් පරිවර්තනය කරන ලද “තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය ” සහ “වට්ටුක්කෝට්ටෙයි සිට මුලතිව් දක්වා ” යන ග්‍රන්ථ විසල් පිරිසකගේ අවධානයට ලක්විය. ඔහු උතුරේ ජනතාවාදී සාහිත්‍යකරුවන් දකුණේ පාඨකයන්ට හඳුන්වාදීමට වෙහෙසකාරී වැඩකොටසක් ද සිදුකෙරෙමින් පවතියි. යාපනය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන සාමිනාදන් විමල් මහතා අද වටමඬල සාහිත්‍ය කථිකාව සඳහා එක්ව සිටියි.

ප්‍රශ්නය –

ඔබ උතුර දකුණ එක්කළ සාහිත්‍යකරුවා. විශේෂයෙන් දමිළ සාහිත්‍ය කෘති දකුණේ ප්‍රජාවට සමීප කරන්න කැපවීම් කළ අයෙක්. මේ කාර්යයේ දී ඔබ මුහුණ දුන් බාධා මොනවා ද?

පිළිතුර –

“ඔබ කියන කාරණයට අදාළව ගත්තහම මම උතුර දකුණ එක්කළ සාහිත්‍යකරුවෙක් වෙනව නම් ඒ ප්‍රධාන වශයෙන්ම භාෂා පරිවර්තකයෙක් කියන භූමිකාවට අදාළව කියලයි මම හිතන්නේ. නමුත් එහිදී නිර්මාපකයාගේ නැතිනම් ලේඛකයාගේ දායකත්වය තමයි වැදගත් වන්නේ. නිර්මාපකයා තමන්ගේ නිර්මාණ වෙනත් භාෂාවකට පරිවර්තනය වෙද්දී ඒ භාෂා සමාජය සමග සංවාදයක් ගොඩනැඟෙනවා. ඒ සංවාදයට ඔහු හෝ ඇය ඍජුව ම සම්බන්ධ නොවුණත් ඔහුගේ හෝ ඇයගේ නිර්මාණය ඒ සමාජය නියෝජනය කරමින් අදාළ සංවාදයට සම්බන්ධ වෙනවා. ඒ නිසා මම හිතනවා පරිවර්තකයා වගේම නිර්මාණකරුවා හෝ කාරිය වැදගත් දායකත්වයක් සපයනවා කියලා. පරිවර්තකයෙක් හැටියට ගත්තත් මම වගේම තව විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ තම කැපකිරීම් කරමින් සිටිනවා. දෙමළ සාහිත්‍ය කෘති දකුණේ ප්‍රජාවට දායක කිරීම කියන කාර්යයේදී ප්‍රචාරාත්මක නොවන කෘති පරිවර්තනය නොකර සිටීමට පරිස්සම් වීම තමයි මම හිතන්නෙ ජය ගතයුතු ලොකුම අභියෝගය.

මක් නිසාද කියනවා නම් බොහෝවිට ජනප්‍රිය මාධ්‍ය භූමිකාව තුළ මුල් තැනක් දෙන්නේ එවැනි කෘතිවලට. මෙය වඩාත් අදාළ වන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයට ගැනෙන කෘති සම්බන්ධයෙන්. මම පරිවර්තනය කරන ලද සමහර කෘති ප්‍රබන්ධ සාහිත්‍යයට අයත් නොවන ඒවා. ඒවා බොහෝවිට සමාජ දේශපාලන මතවාදයන් හා ක්‍රියාකාරකම් සමග සම්බන්ධ ඒවා. එවැනි කෘති පරිවර්තනය කිරීමේදී බොහෝවිට එම කෘතිවල අන්තර්ගතය පරිවර්තකයාගේ අදහස්වල අන්තර්ගතය ලෙස සැලකීමට ලක්වීම තමයි අභියෝගයක් වූවේ.

මම දකින ලොකුම බාධාව සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවට පරිවර්තනය කරන කෘති පළකිරීම සඳහා ප්‍රකාශකයන් හිඟකමයි. ලංකාවේ දෙමළ සමාජය සාපේක්ෂව ගත්තහම අඩු වෙළෙඳපොළක් සහිත ග්‍රන්ථ ව්‍යාපාරයක් තියෙන්නේ. ඒ නිසා සිංහල භාෂාවෙන් පළකෙරෙන සමහර ශාස්ත්‍රීය කෘති පරිවර්තනය වී දෙමළ සමාජයට ලැබෙන්නේ නම් එය දැනුම් පෝෂණය සඳහා වගේම සමාජ සංවාදය සඳහාත් වැදගත් දායකත්වයක් දක්වනවා.”

ප්‍රශ්නය –

ඔබ පරිවර්තනය කරන ලද “තියුණු අසිපතක සෙවණ යට” දකුණේ මෙන්ම උතුරේ යන දෙපැත්තේම අයගේ විවේචනයට ලක්වුණා. මේ ගැන යම් අදහසක් පළ කළොත්?

පිළිතුර –

තමලිනීගේ ස්වයං චරිතාපදානය ලෙසින් හැඳින්වියහැකි තියුණු අසිපතක සෙවණ යට කෘතිය උතුරේ වගේම දකුණේ අයගේත් විවේචනයට ලක්වුණා යැයි ඔබ කියනවිට එය සතුට දනවන කාරණයක්. මොකද කියනව නම් එවැනි කෘතියක් තුළින් බලාපොරොත්තු වන්නෙත් සමාජ සංවාදයක් ඇති වීම. ඒ නිසා ඒක හොඳ දෙයක්. උතුරේ එහෙම නැත්නම් දෙමළ සමාජය තුළ එම කෘතියට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණා. අගය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම කියන එකට වඩා එය මඟහැර යා නොහැකි කෘතියක් බවට පත්වීම තමයි එයට හේතුව. එල්.ටී.ටී. ඊ. සංවිධානයට පක්ෂ වීම සහ එරෙහි වීම යන කාරණයට එහා ගිය සංවාදයක් සඳහා ඒ කෘතිය හේතු වුණා. එයට හේතුව ඒ වනවිටත්, එයට පසුවත් එවැනි වර්ගයේ කෘති දෙමළ සමාජය තුළ ප්‍රකාශනය වීම. දකුණේ සමාජය තුළ මෙම කෘතියට විවේචනයක් එල්ල වුණා නම් එය පදනම් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව තිබූ රොමැන්තික අදහස්වලට පහරක් එල්ල වීම නිසයි කියලයි මම හිතන්නේ. ”

ප්‍රශ්නය –

සාහිත්‍යකරුවාට නිර්මාණ කරුවන්ට නිදහසේ සිය නිර්මාණ කාර්යන් කරගෙන යන්න පුළුවන් සමාජ, දේශපාලන වටපිටාවක් ඇතිවෙලා තියෙනවද?

පිළිතුර –

“නිදහස කියන්නේ පුළුල් වපසරියක පැතිරෙන දෙයක්නේ. ඔබ අදහස් කරන්නේ භාෂණයේ හා ලේඛනයේ නිදහස කියන එකනම් ඒ ගැන කිව හැක්කේ මෙහෙමයි. රජය කියන ආයතනය සහ එහි උපකරණ විසින් භාෂණයේ සහ ලේඛනයේ නිදහස උදුරා ගැනීමට එරෙහි වීම කියන එකට පමණක් අදාළ කාරණය ලඝු නොවිය යුතුයි කියලයි මම හිතන්නේ. විශේෂයෙන් ම ජාතිවාදය සහ ආගම්වාදය පරාජය කිරීම කියන අරමුණ සමග ගත්තොත් මේ වනවිට අපට ලොකු සටනක් කරන්න තියෙන්නේ රජය කියන ආයතනයට සම්බන්ධව නොවෙයි. සාහිත්‍යකරුවාට සිය නිර්මාණ කාර්යය කරගෙන යන්න පුළුවන් සමාජ දේශපාලන වටපිටාවක් ඇතිකර ගැනීම සඳහා කටයුතු කළහැකි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියල හිතන්න පුළුවන්. නමුත් එම වටපිටාව ගොඩනැඟෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ක්ෂේත්‍රවල ඇති කෙරෙන ප්‍රගතිශීලී වර්ධනයත් සමගින්”

ප්‍රශ්නය –

යුද්ධයෙන් පස්සෙ උතුරේ තරුණ ප්‍රජාව තුළ පොත් පත් පරිශීලනය කෙරෙහි යම් සාධනීය වෙනසක් ඇතිවී තිබෙනවද?

පිළිතුර –

“අද කාලයෙහි බාලවියත් තරුණවියත් මුළුමනින්ම වාගේ වැය වෙන්නේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ ජයග්‍රහණයන් කරා යෑමේ අරමුණ ඉටුකර ගන්නයි. මෙම අධ්‍යාපන ක්‍රමයේ පොත්පත් පරිශීලනය කියන දෙය අපේක්ෂා කරන දෙයක් නොවෙයි. ඒ නිසා බොහෝවිට පාසල් අධ්‍යාපනයෙන් පසුව එසේත් නැතිනම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුවයි තරුණ පිරිස යම්තාක් දුරටවත් පොත්පත් පරිශීලනය කරන්නේ. නමුත් යුද්ධයෙන් පසුව පොතපත කියවීම වැඩිවෙලා තියනවා. බාධාවකින් තොරව පොත පත උතුරට පැමිණීමේ වාතාවරණය ඇතිවීම මීට හේතුවයි. විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ ප්‍රකාශ කෙරෙන පොතපත උතුරට ලැබීම එයට හේතුවක්.

ප්‍රශ්නය –

පරිවර්තනය බොහෝ භාරධූර කාර්යයක්. විශේෂයෙන් බෙදුණු සමාජයක එය සීරුමාරුවට කළයුතු දෙයක්. ඔබ විසින් කරනු ලැබූ එම පරිවර්තන සහ ඒවා තෝරාගැනීමට පදනම් වූ යම් විශේෂිත හේතු මොනවද?

පිළිතුර –

“ ඔව්. හරවත් සංවාදයකට හේතුවනු ඇතැයි කියන පදනම මත පරිවර්තනය සඳහා පොතක් තෝරාගැනීමට බොහෝවිට කටයුතු කරනවා. නමුත් සාහිත්‍යය කෘති සම්බන්ධව ගත්විට ප්‍රචාරක බවින් තොර කෘති තෝරාගැනීමට උත්සහ දරනවා. සමහර කෘති මා විසින් තෝරාගත් කෘති උවත් තවත් සමහර අවස්ථාවල වෙනත් අයගේ තෝරාගැනීම් පරිවර්තනය කිරීමටත් සිදුවෙනවා. ජාතිවාදී හැඟීම් ආමන්ත්‍රණය කරන කෘතිවලට ලැබෙන ජනප්‍රියත්වය අධික වුණත් එය අදාළ සමාජයට කුමන බලපෑමක් කළ හැකිද යන්න පිළිබඳව පූර්ව විනිශ්චයක් කිරීම බොහෝවිට කරනවා.”

ප්‍රශ්නය –

කඳුකර දෙමළ ප්‍රජාව, උතුර, දකුණ යා කෙරෙන සාහිත්‍යයමය කඳවුරක් තනා ගැනීම අරඹයා කළ හැකි යැයි ඔබ විශ්වාස කරන කාරණා මොනවද?

පිළිතුර –

“පළමුව මම හිතනවා ලංකාවේ සාහිත්‍ය කලා ඇකඩමියක් පිහිටුවීම වැදගත් කියලා. ඉන්දියාවේ සාහිත්‍ය කලා ඇකඩමියේ කටයුතු පිළිබඳව තියෙන අදහස් මතයි මම එහෙම කියන්නේ. එය දීර්ඝව සාකච්ඡා කළයුතු කාරණයක්. සිංහල , දෙමළ , ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම කෙරෙන සාහිත්‍යය කටයුතු සම්බන්ධීකරණයක් වගේම ලාංකේය සාහිත්‍ය කෘති ලෝකයේ අනෙත් ප්‍රජාව කරා රැගෙන යෑමටත් කටයුතු කිරීම වැදගත්. ලංකාව ඇතුළත ගත්විට කඳුකරයේ දෙමළ ප්‍රජාව, උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රජාව වගේම ලංකාව පුරාම ජීවත්වන දෙමළ ප්‍රජාවටත් තම භාෂාවෙන් පළවෙන හරවත් කෘති ළඟාවෙන තත්ත්වයක් ඇති කිරීමට පළාත් සභා සහ මධ්‍යම රජය විසින් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කිරීම වැදගත්. දෙමළ සමාජය ගත්තහම තවමත් පොතපත පළකෙරෙන්නේ ප්‍රාදේශීය මට්ටමින්. අඩුම වශයෙන් අපි අයි.එස්.බී.එන්. අංක ගතකිරීම සහ ලියාපදිංචි වීම පවා කෙරෙන්නේ අඩුවෙන්.

ප්‍රශ්නය –

වත්මන් සරසවි සිසු ප්‍රජාව සාහිත්‍ය කලා කටයුතුවලට දක්වන උනන්දුව පිළිබඳව ඔබ තෘප්තිමත්ද?

පිළිතුර –

“කිසිසේත්ම නෑ. නමුත් එය හුදු ඔවුන්ගේම වරදක් යැයි මම හිතන්නේ නෑ. එක අතකින් සාහිත්‍ය කලා කටයුතු කියන ඒවා සරසවි සිසු පරපුර තුළ තමන්ට අදාළ නොවන ඒවා කියල හිතන මට්ටමට දුරස්ත කිරීමක් කෙරී තියෙනවා. ඒනිසා ඒ උනන්දුව කියන එක බොහෝවිට සරසවි පරිසරය තුළින් ඇති නොකෙරෙන තත්ත්වයක් තුළ පවා සමහර සිසු ප්‍රජාව එවැනි කටයුතුවල යෙදෙනවා. මම හිතනවා ඒ සම්බන්ධව ගත්විට ලංකාවේ දකුණේ සරසවි ශිෂ්‍ය සංගම් ඇගයීමට ලක් කළයුතු අන්දමේ දායකත්වයක් සහ කැපකිරීමක් සාහිත්‍ය කලා කටයුතු සඳහා කරනවා.”

ප්‍රශ්නය –

උතුර දේශපාලනික වශයෙන් යම් වෙනස් තීරණයක් ගනුලැබුවා. මේ ඔබ බලාපොරොත්තු වූ වෙනසද?

පිළිතුර –

“මම හිතන්නේ එය දීර්ඝ පිළිතුරක් ලබාදියයුතු ප්‍රශ්නයක්. නමුත් මම මේ අවස්ථාවේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ අයකු ලෙස කිසිම පැකිළීමකින් තොරව ඔව් කියන පිළිතුර දෙන්න කැමැතියි.”

ප්‍රශ්නය –

රටක සාහිත්‍යයමය පෙරළියක් ඇති කිරීමට රජයකට ගතහැකි යැයි ඔබ යෝජනා කරන වැඩ පිළිවෙළ කුමක්ද?

පිළිතුර –

“ රජයක් විසින් යහපත් සමාජයක් උදෙසා ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම සාහිත්‍යයමය වශයෙනුත් විශාල වෙනස්කම් ඇතිකිරීමට සමත් වෙනවා.

ප්‍රධාන වශයෙන් හෞතිකමය ජීවිතය වගේම සංස්කෘතික ජීවිතය කියන අංශ දෙකම සමබරව වර්ධනය කරා ගෙන යෑඅමට ගන්නා ක්‍රියාමාර්ග විසින් ඇතිවන එක් ප්‍රතිඵලයක් තමයි සාහිත්‍යයමය පෙරළිය.”

ප්‍රශ්නය –

අවසාන වශයෙන් ඔබේ නවතම සාහිත්‍යයමය කටයුතු මොනවාද කියල දැනගන්න කැමැතියි?

පිළිතුර –

“ මේ වනවිට සිංහල නවකතා කිහිපයක සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ කීපයක පරිවර්තන කටයුතුවල නිරත වෙනවා. ”

දිවයින 2024 දෙසැම්බර් 26 වන ගුරු දින

සාකච්ඡා කළේ – සුගත් ප්‍රේමතිලක

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.