News Category
From Date
To Date
Maximum Number of Result

රතු ශ්‍රමයේ ලෝක පුදුමය..

Dec 22, 2025 at 08:51 AM
|

(2025 දෙසැම්බර් මස 21 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 23 වැනි කොටස)

මිනිස් ශ්‍රමයෙන් කරන්න බැරි දෙයක් නෑ. අපේ ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ ශ්‍රමයෙන් කියලා තමයි මාක්ස්වාදයෙනුත් කියන්නේ. රට ම පීඩාවට පත් කරලා තියෙන ආර්ථික අර්බුදය මැද්දේ දිට්වා සුළි කුණාටුවෙනුත් බැට කාපු අපිට ගොඩගන්නත් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමයට පුළුවන්. හැබැයි ඒ හපන්කම කරන්න නම් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය හොඳින් සංවිධානාත්මකව වැඩට යොදාගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕන. ඒත් අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. ඉතින් අපිට ගොඩ ඒමක් ගැන හිතන්නත් අමාරුයි.

ලිබරල් අන්තවාදය විසින් මිනිස්සු එකිනෙකාගෙන් වෙන් කරනවා. ඉතින් එහෙම පරිසරයක මිනිස් ශ්‍රමයේ ශක්තිය විසිරිලා යනවා. ඒත් සමාජවාදී ක්‍රමයක දී මිනිස් ශ්‍රමය හොඳින් සංවිධානගත කරලා මහ දැවැන්ත වැඩට ඒ සාමූහික ශක්තිය යොදාගන්නවා. 1960 ඉඳලා 1970 දක්වා ගතවෙච්ච දශකයක කාලය තුළ චීනයේ හදපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියෙන් කියන්නෙත් ඒ කතාව ම තමයි.

“රතු කොඩි ඇළ” හදලා තියෙන්නේ චීනයේ හ-නන් පළාතේ ලින්-චෝ කෝරළයේ. මේ කෝරළයේ මිනිස්සු ඈත අතීතයේ ඉඳලා ම වතුර නැතුව දුක් වින්දා. 1436 ඉඳලා 1949 දක්වා කාලය ගතවෙච්ච අවුරුදු 514 ක කාලය තුළ මේ ප්‍රදේශය ස්වාභාවික ආපදා 100 කට වැඩි ප්‍රමාණයකින් පීඩාවට ලක්වුණා කියලා වාර්තාවෙලා තියෙනවා. ඒ ආපදා 100 න් 30 ක් ම වාර්තාවෙලා තියෙන්නේ ජල හිඟය හින්දා භෝග වගාව මුළුමනින් ම විනාශවෙච්ච අවස්ථා විදිහට. ඉතින් එහෙම ආපදාවක් ඇතිවුණාම බඩගින්නේ මැරෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් මේ කෝරළයේ විශාල ජනගහනයකට තිබුණේ නෑ.

ඒ කාලේ ඉඳලා ම මේ කෝරළයට වතුර දෙන ව්‍යාපෘති ඇති කරලා තියෙනවා. මිං යුගයේ (ක්‍රිස්තු වර්ෂ 1368 – 1644 කාලයේ) ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියකින් ගම්මාන කීපයක වතුර ප්‍රශ්නය විසඳුවා. ඒ කාලේ ලින්-චෝ කෝරළයේ වගාබිම් හෙක්ටයාර් 66,000 ක් විතර තිබුණා. ඒත් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියෙන් වතුර ලැබුණේ හෙක්ටයාර් 825 කට විතරයි. 1949 අවුරුද්දේ මහජන චීන ජනරජය ඇති කළාට පස්සේ 1957 දක්වා ලින්-චෝ කෝරළයේ ජල ප්‍රශ්නය විසඳන ව්‍යාපෘති ගණනාවක් ම ආරම්භ කළා. ඒත් ඒවායිනුත් කෝරළයේ පිපාසය සන්සිඳුණේ නෑ.

ලින්-චෝ කෝරළය හරහා ගලාගෙන යන ගංගා ඉතාමත් ඉක්මනින් ම හි‍ඳෙනවා. ඉතින් ඒ ගංගා මුල් කරගෙන ක්‍රියාත්මක කරන වාරිමාර්ග ව්‍යාපෘති සාර්ථකවෙන්නේ නෑ. මේ කාරණය තේරුම්ගත්ත ඒ කෝරළයේ මිනිස්සු තමන්ගේ ප්‍රදේශයට වතුර ගේන්න පුළුවන් බාහිර මූලාශ්‍රයක් ගැන හොයන්න පටන්ගත්තා. මේ ප්‍රදේශයට 1958 දී ආපු මාඕ ත්ස-තුංගේ විශේෂ කණ්ඩායමක් ඉදිරිපත් කරපු අදහසක් තමයි මේ ගවේෂණයට අවශ්‍ය පෙළැඹීම ලබාදුන්නේ. “කෝරළයේ වතුර නැති නම් පිට පළාතකින් ගේන්න පුළුවන්” කියලයි ඒ කණ්ඩායමේ අය කිව්වේ. ඉතින් ඒ කතාවට ඇහුම්කන් දීපු ලින්-චෝ කෝරළයේ පක්‍ෂ කමිටුවේ ලේකම්වරයා (යං කුයි) මේ අදහස බොහොම තදින් ම හිතට ගත්තා.

මේ අලුත් අදහස තදින් ම හිතට ඇරැගෙන වැඩ කරපු යං කුයි ඇතුළු කණ්ඩායම අලුත් ජල මූලාශ්‍රයක් හොයාගත්තා. ඒක තිබුණේ ලින්-චෝ කෝරළයට වයඹ පැත්තෙන් ෂන්-ශි පළාත හරහා ගලන චුඕ-චං ගංගාවේ. ඉතින් ඒ ගංගාවේ ඉඳලා ලින්-චෝ කෝරළයට වතුර ඇරැගෙන එන ව්‍යාපෘතියක් සැලැසුම් කරන වැඩේ 1959 ඔක්තෝබර් මාසේ දී ම පටන්ගත්තා. ඒ වෙද්දිත් 1959 – 1961 කාලයේ චීනයට වදදීපු මහා සාගතය පටන් ඇරැගෙනයි තිබුණේ. (1958 ජුලි මාසයේ කහ ගඟ පිටාරගැලීමෙන් තමයි ඒ මහා සාගතය ආරම්භ වුණේ. ඒ මහා ගංවතුරින් මිනිස්සු ලක්‍ෂ හත හමාරක් විතර පීඩාවට පත්වුණා). මහා සාගතයෙන් තදින් ම පීඩාවට පත්වෙච්ච ප්‍රදේශයක් බවට ලින්-චෝ කෝරළයත් පත්වෙලා තිබුණා.

අලුතින් සැලැසුම් කරපු වැඩපිළිවෙළ “චුඕ-චං ගංගාවේ ජලය ලින්-චෝ කෝරළයට හැරැවීම ව්‍යාපෘතිය” කියලා නම් කෙරුණා. 1960 පෙබරවාරි මාසයේ දී ව්‍යාපෘතියේ වැඩ පටන්ගන්න දින නියම කරගත්තා. හැබැයි ඒ වෙද්දිත් ලින්-චෝ කෝරළය මහා සාගතයෙන් හොඳට ම බැටකමිනුයි තිබුණේ. වගා කරන්න පුළුවන් බිම් හෙක්ටයාර් 10 ක් විතරයි ආරක්‍ෂා වෙලා තිබුණේ. කෝරළ ආණ්ඩුව සන්තකව යුවාන් දශ ලක්‍ෂ තුනක මුදලක් තිබුණා. මෙහෙම වැඩකට යොදවන්න පුළුවන් ශිල්පියෝ 28 දෙනෙක් කෝරළයේ හිටියා. සැලැසුම් කරපු මහ වැඩේට ඒ සම්පත් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නෑ.

මහ ප්‍රපාතාකාර කඳු වැටියක බිත්තියේ තමයි ප්‍රධාන ඇළ මාර්ගය කපන්න සැලැසුම් කරලා තිබුණේ. ඒ දුෂ්කර බිමේ ඇළක් කපනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒත් මේ ඇළ කපන වැඩේ එක දවසකින්වත් කල්දාන්න යං කුයි ලේකම්තුමා ඇතුළු කෝරළ ආණ්ඩුව කැමැතිවුණේ නෑ. කලින් සූදානම් කරගත්ත විදිහට ම 1960 පෙබරවාරි මාසයේ දී ඇළ කපන්න පටන්ගත්තා. මේ වැඩේ වෙනුවෙන් මිනිස්සු දස දහස් ගානක් ඉතාමත් සංවිධානාත්මකව යොදවන්න ලින්-චෝ කෝරළ ආණ්ඩුවට පුළුවන් වුණා. වැඩේ පටන් ඇරැගෙන දවස් 20 ක් ඇතුළත (මාර්තු 10 වැනි දා) ඇළේ නම වෙනස් කරන්න කෝරළ ආණ්ඩුවේ ලේකම් යං කුයි යෝජනා කළා. ඉතින් අලුත් නමක් මේ ඇළට ලැබුණා. “රතු කොඩි ඇළ” කියන්නේ ඒ අලුත් නම. වැඩට බැහැපු මිනිස්සුන්ගේ ජීවගුණය තවත් සැරට ම අවුස්සන්න මේ අලුත් නමට පුළුවන් වුණා.

මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන යන්ත්‍ර සූත්‍ර කිසිම දෙයක් ලින්-චෝ කෝරළ ආණ්ඩුවට තිබුණේ නෑ. ඉතින් මිනිස්සු උදලු, කුළුගෙඩි - ගල් කටු ඇරැගෙන ඒ රළු පොළොවත් එක්ක හැප්පෙන්න පටන්ගත්තා. ගල් පුපුරුවන්න ඕන වෙඩි බෙහෙත් ඒ මිනිස්සු ම හදාගත්තා. සල්ලි නැති හින්දා සිමෙන්ති හදන වැඩෙත් ඒ අය ම කළා.

මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන කරන අත්දැකීම් ලබාගෙන තිබුණේ නැති හින්දා මුල් දවස්වල ම ලොකු අනතුරුත් සිද්දවුණා. මේ වැඩේ සැලසුම් කරන්න මූලිකවෙච්ච ප්‍රධාන ඉංජිනේරුවා (වූ ත්සූ-ථැයි) පවා එහෙම අනතුරකින් මියගියා. 1960 මාර්තු 28 වැනි දා ඔහු මියගියේ පහළින් ගල් බෝරයක් පුපුරවද්දි ඉහළින් පෙරළිලා ආපු මහ ගල් කුට්ටියකට යටවෙලා. මේ විදිහට ඇළ කපන ව්‍යාපෘතියේ දී 81 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා.

මෙහෙම එක දිගට ම වැඩ කරලා 1965 අප්‍රේල් 5 වැනි දා වෙද්දි ප්‍රධාන ඇළ මාර්ගය කපලා ඉවර කළා. ප්‍රධාන ඇලෙන් වතුර බෙදා හැරීමත් ඒ එක්ක ම ආරම්භ කෙරුණා. (ඉතින් ඇළ කපා ඉවරවීමේ සැමැරුම් දිනය අප්‍රේල් 5 වැනි දාට යෙදාගෙන තියෙනවා). අනිත් ප්‍රධාන ඇළ මාර්ගත් 1966 අප්‍රේල් වෙද්දි කපලා අවසන් කෙරුණා. ශාඛා ඇළ මාර්ග සහ බෙදාහැරීම් ඇළ මාර්ග ඔක්කොම 1969 ජුලි වෙද්දි කපලා අවසාන කළා. ඉතින් මේ විදිහට සම්පූර්ණ කරපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියට ලින්-චෝ කෝරළයේ වගා බිම් හෙක්ටයාර් 37,000 කට කිට්ටු ප්‍රමාණයක් අස්සද්දන්න පුළුවන් වුණා.

මේ ඇළ ඉංජිනේරුමය විශ්මකර්ම වැඩක් විදිහටත් සළකනවා. ඒ මුල් අවුරුදු 9 ක කාලය තුළ නිර්මාණය කරපු සම්පූර්ණ ඇළ මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1500 ක් විතර දිගයි. ඒ අතරින් ප්‍රධාන ඇළ මාර්ගය කිලෝ මීටර් 71 ක් දිගයි, මීටර් 8 ක් පළලයි. ඇළ ඉවුරු මීටර් 4 කට වඩා උසයි. මේ ඇළ මාර්ග පද්ධතියට උමං 42 කුත් ජල පාලම් 150 කුත් ඇතුළත්. “තරුණ උමග” කියලා නම් කරලා තියෙන දිග ම උමං මාර්ගය මීටර් 616 ක් දිගයි. මුළුමනින් ම තරුණ ශ්‍රමයෙන් කැනපු හින්දා තමයි ඒ නම දීලා තියෙන්නේ. ඔක්කොම උමං මාර්ගවල සම්පූර්ණ දිග කිලෝ මීටර් 4 ක් විතර ඇති. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ ඇළට තප්පරයක දී වතුර ඝන මීටර් 20 ක් ඇරැගෙන යන්න පුළුවන්.

පසුකාලීනව මේ ඇළ මාර්ග පද්ධතිය තව ලොකු මහත් කරලා තියෙනවා. ඉතින් දැන් “රතු කොඩි ඇළ” වාරිමාර්ග පද්ධතිය කිලෝ මීටර් 2500 ක් විතර දිගයි. මේ ඇළ මාර්ග පද්ධතියට ජලාශ 48 ක් සහ පොකුණු 346 ක් එකතුවෙලත් තියෙනවා. වතුර ඝන මීටර් දෙකෝටි තිස් ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් රඳවාගැනීමේ හැකියාවත් මේ ඇළ මාර්ග පද්ධතියට ලැබිලා තියෙනවා. ඉතින් “රතු කොඩි ඇළ” කියන්නේ මිනිස් ශ්‍රමයේ මහිමය ලෝකයට ම පෙන්නපු අපූරු නිර්මාණයක්.

ඒ හින්දා ම, “රතු කොඩි ඇළ” ප්‍රදේශය සංචාරක කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. මේ හපන්කම ගැන කියන චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. පාසල් පෙළ පොත්වලටත් මේ ඇළ කැපීමේ කතාව ඇතුළත් කරලා තියෙනවා. 8 වැනි ශ්‍රේණියේ ළමයි ඉගෙනගන්න චීන ඉතිහාසය පොතෙනුත් මේ ඇළ කැපීමේ හපන්කම ගැන කියනවා. මේ ව්‍යාපෘතිය චීන ජාතියේ මහා ජයග්‍රහණ ලැයිස්තුවටත් ඇතුළත් කරලා තියෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පින්තූරය: කඹවල එල්ලිලා ඇළ කපන්න හවුල්වෙච්ච මිනිස්සු

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.