News Category
From Date
To Date
Maximum Number of Result

රතු ශ්‍රමයේ ලෝක පුදුමය..

Dec 22, 2025 at 08:51 AM
|

(2025 දෙසැම්බර් මස 21 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 23 වැනි කොටස)

මිනිස් ශ්‍රමයෙන් කරන්න බැරි දෙයක් නෑ. අපේ ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසාගේ ශ්‍රමයෙන් කියලා තමයි මාක්ස්වාදයෙනුත් කියන්නේ. රට ම පීඩාවට පත් කරලා තියෙන ආර්ථික අර්බුදය මැද්දේ දිට්වා සුළි කුණාටුවෙනුත් බැට කාපු අපිට ගොඩගන්නත් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමයට පුළුවන්. හැබැයි ඒ හපන්කම කරන්න නම් අපේ මිනිස්සුන්ගේ ශ්‍රමය හොඳින් සංවිධානාත්මකව වැඩට යොදාගැනීමේ හැකියාවක් අපිට තියෙන්න ඕන. ඒත් අපේ රටේ එහෙම ක්‍රමයක් නෑ. ඉතින් අපිට ගොඩ ඒමක් ගැන හිතන්නත් අමාරුයි.

ලිබරල් අන්තවාදය විසින් මිනිස්සු එකිනෙකාගෙන් වෙන් කරනවා. ඉතින් එහෙම පරිසරයක මිනිස් ශ්‍රමයේ ශක්තිය විසිරිලා යනවා. ඒත් සමාජවාදී ක්‍රමයක දී මිනිස් ශ්‍රමය හොඳින් සංවිධානගත කරලා මහ දැවැන්ත වැඩට ඒ සාමූහික ශක්තිය යොදාගන්නවා. 1960 ඉඳලා 1970 දක්වා ගතවෙච්ච දශකයක කාලය තුළ චීනයේ හදපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියෙන් කියන්නෙත් ඒ කතාව ම තමයි.

“රතු කොඩි ඇළ” හදලා තියෙන්නේ චීනයේ හ-නන් පළාතේ ලින්-චෝ කෝරළයේ. මේ කෝරළයේ මිනිස්සු ඈත අතීතයේ ඉඳලා ම වතුර නැතුව දුක් වින්දා. 1436 ඉඳලා 1949 දක්වා කාලය ගතවෙච්ච අවුරුදු 514 ක කාලය තුළ මේ ප්‍රදේශය ස්වාභාවික ආපදා 100 කට වැඩි ප්‍රමාණයකින් පීඩාවට ලක්වුණා කියලා වාර්තාවෙලා තියෙනවා. ඒ ආපදා 100 න් 30 ක් ම වාර්තාවෙලා තියෙන්නේ ජල හිඟය හින්දා භෝග වගාව මුළුමනින් ම විනාශවෙච්ච අවස්ථා විදිහට. ඉතින් එහෙම ආපදාවක් ඇතිවුණාම බඩගින්නේ මැරෙනවා ඇරෙන්න වෙනත් විකල්පයක් මේ කෝරළයේ විශාල ජනගහනයකට තිබුණේ නෑ.

ඒ කාලේ ඉඳලා ම මේ කෝරළයට වතුර දෙන ව්‍යාපෘති ඇති කරලා තියෙනවා. මිං යුගයේ (ක්‍රිස්තු වර්ෂ 1368 – 1644 කාලයේ) ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියකින් ගම්මාන කීපයක වතුර ප්‍රශ්නය විසඳුවා. ඒ කාලේ ලින්-චෝ කෝරළයේ වගාබිම් හෙක්ටයාර් 66,000 ක් විතර තිබුණා. ඒත් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියෙන් වතුර ලැබුණේ හෙක්ටයාර් 825 කට විතරයි. 1949 අවුරුද්දේ මහජන චීන ජනරජය ඇති කළාට පස්සේ 1957 දක්වා ලින්-චෝ කෝරළයේ ජල ප්‍රශ්නය විසඳන ව්‍යාපෘති ගණනාවක් ම ආරම්භ කළා. ඒත් ඒවායිනුත් කෝරළයේ පිපාසය සන්සිඳුණේ නෑ.

ලින්-චෝ කෝරළය හරහා ගලාගෙන යන ගංගා ඉතාමත් ඉක්මනින් ම හි‍ඳෙනවා. ඉතින් ඒ ගංගා මුල් කරගෙන ක්‍රියාත්මක කරන වාරිමාර්ග ව්‍යාපෘති සාර්ථකවෙන්නේ නෑ. මේ කාරණය තේරුම්ගත්ත ඒ කෝරළයේ මිනිස්සු තමන්ගේ ප්‍රදේශයට වතුර ගේන්න පුළුවන් බාහිර මූලාශ්‍රයක් ගැන හොයන්න පටන්ගත්තා. මේ ප්‍රදේශයට 1958 දී ආපු මාඕ ත්ස-තුංගේ විශේෂ කණ්ඩායමක් ඉදිරිපත් කරපු අදහසක් තමයි මේ ගවේෂණයට අවශ්‍ය පෙළැඹීම ලබාදුන්නේ. “කෝරළයේ වතුර නැති නම් පිට පළාතකින් ගේන්න පුළුවන්” කියලයි ඒ කණ්ඩායමේ අය කිව්වේ. ඉතින් ඒ කතාවට ඇහුම්කන් දීපු ලින්-චෝ කෝරළයේ පක්‍ෂ කමිටුවේ ලේකම්වරයා (යං කුයි) මේ අදහස බොහොම තදින් ම හිතට ගත්තා.

මේ අලුත් අදහස තදින් ම හිතට ඇරැගෙන වැඩ කරපු යං කුයි ඇතුළු කණ්ඩායම අලුත් ජල මූලාශ්‍රයක් හොයාගත්තා. ඒක තිබුණේ ලින්-චෝ කෝරළයට වයඹ පැත්තෙන් ෂන්-ශි පළාත හරහා ගලන චුඕ-චං ගංගාවේ. ඉතින් ඒ ගංගාවේ ඉඳලා ලින්-චෝ කෝරළයට වතුර ඇරැගෙන එන ව්‍යාපෘතියක් සැලැසුම් කරන වැඩේ 1959 ඔක්තෝබර් මාසේ දී ම පටන්ගත්තා. ඒ වෙද්දිත් 1959 – 1961 කාලයේ චීනයට වදදීපු මහා සාගතය පටන් ඇරැගෙනයි තිබුණේ. (1958 ජුලි මාසයේ කහ ගඟ පිටාරගැලීමෙන් තමයි ඒ මහා සාගතය ආරම්භ වුණේ. ඒ මහා ගංවතුරින් මිනිස්සු ලක්‍ෂ හත හමාරක් විතර පීඩාවට පත්වුණා). මහා සාගතයෙන් තදින් ම පීඩාවට පත්වෙච්ච ප්‍රදේශයක් බවට ලින්-චෝ කෝරළයත් පත්වෙලා තිබුණා.

අලුතින් සැලැසුම් කරපු වැඩපිළිවෙළ “චුඕ-චං ගංගාවේ ජලය ලින්-චෝ කෝරළයට හැරැවීම ව්‍යාපෘතිය” කියලා නම් කෙරුණා. 1960 පෙබරවාරි මාසයේ දී ව්‍යාපෘතියේ වැඩ පටන්ගන්න දින නියම කරගත්තා. හැබැයි ඒ වෙද්දිත් ලින්-චෝ කෝරළය මහා සාගතයෙන් හොඳට ම බැටකමිනුයි තිබුණේ. වගා කරන්න පුළුවන් බිම් හෙක්ටයාර් 10 ක් විතරයි ආරක්‍ෂා වෙලා තිබුණේ. කෝරළ ආණ්ඩුව සන්තකව යුවාන් දශ ලක්‍ෂ තුනක මුදලක් තිබුණා. මෙහෙම වැඩකට යොදවන්න පුළුවන් ශිල්පියෝ 28 දෙනෙක් කෝරළයේ හිටියා. සැලැසුම් කරපු මහ වැඩේට ඒ සම්පත් ප්‍රමාණය කොහොමවත් ප්‍රමාණවත් නෑ.

මහ ප්‍රපාතාකාර කඳු වැටියක බිත්තියේ තමයි ප්‍රධාන ඇළ මාර්ගය කපන්න සැලැසුම් කරලා තිබුණේ. ඒ දුෂ්කර බිමේ ඇළක් කපනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒත් මේ ඇළ කපන වැඩේ එක දවසකින්වත් කල්දාන්න යං කුයි ලේකම්තුමා ඇතුළු කෝරළ ආණ්ඩුව කැමැතිවුණේ නෑ. කලින් සූදානම් කරගත්ත විදිහට ම 1960 පෙබරවාරි මාසයේ දී ඇළ කපන්න පටන්ගත්තා. මේ වැඩේ වෙනුවෙන් මිනිස්සු දස දහස් ගානක් ඉතාමත් සංවිධානාත්මකව යොදවන්න ලින්-චෝ කෝරළ ආණ්ඩුවට පුළුවන් වුණා. වැඩේ පටන් ඇරැගෙන දවස් 20 ක් ඇතුළත (මාර්තු 10 වැනි දා) ඇළේ නම වෙනස් කරන්න කෝරළ ආණ්ඩුවේ ලේකම් යං කුයි යෝජනා කළා. ඉතින් අලුත් නමක් මේ ඇළට ලැබුණා. “රතු කොඩි ඇළ” කියන්නේ ඒ අලුත් නම. වැඩට බැහැපු මිනිස්සුන්ගේ ජීවගුණය තවත් සැරට ම අවුස්සන්න මේ අලුත් නමට පුළුවන් වුණා.

මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන යන්ත්‍ර සූත්‍ර කිසිම දෙයක් ලින්-චෝ කෝරළ ආණ්ඩුවට තිබුණේ නෑ. ඉතින් මිනිස්සු උදලු, කුළුගෙඩි - ගල් කටු ඇරැගෙන ඒ රළු පොළොවත් එක්ක හැප්පෙන්න පටන්ගත්තා. ගල් පුපුරුවන්න ඕන වෙඩි බෙහෙත් ඒ මිනිස්සු ම හදාගත්තා. සල්ලි නැති හින්දා සිමෙන්ති හදන වැඩෙත් ඒ අය ම කළා.

මෙච්චර ලොකු වැඩක් කරන්න ඕන කරන අත්දැකීම් ලබාගෙන තිබුණේ නැති හින්දා මුල් දවස්වල ම ලොකු අනතුරුත් සිද්දවුණා. මේ වැඩේ සැලසුම් කරන්න මූලිකවෙච්ච ප්‍රධාන ඉංජිනේරුවා (වූ ත්සූ-ථැයි) පවා එහෙම අනතුරකින් මියගියා. 1960 මාර්තු 28 වැනි දා ඔහු මියගියේ පහළින් ගල් බෝරයක් පුපුරවද්දි ඉහළින් පෙරළිලා ආපු මහ ගල් කුට්ටියකට යටවෙලා. මේ විදිහට ඇළ කපන ව්‍යාපෘතියේ දී 81 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා.

මෙහෙම එක දිගට ම වැඩ කරලා 1965 අප්‍රේල් 5 වැනි දා වෙද්දි ප්‍රධාන ඇළ මාර්ගය කපලා ඉවර කළා. ප්‍රධාන ඇලෙන් වතුර බෙදා හැරීමත් ඒ එක්ක ම ආරම්භ කෙරුණා. (ඉතින් ඇළ කපා ඉවරවීමේ සැමැරුම් දිනය අප්‍රේල් 5 වැනි දාට යෙදාගෙන තියෙනවා). අනිත් ප්‍රධාන ඇළ මාර්ගත් 1966 අප්‍රේල් වෙද්දි කපලා අවසන් කෙරුණා. ශාඛා ඇළ මාර්ග සහ බෙදාහැරීම් ඇළ මාර්ග ඔක්කොම 1969 ජුලි වෙද්දි කපලා අවසාන කළා. ඉතින් මේ විදිහට සම්පූර්ණ කරපු “රතු කොඩි ඇළ” ව්‍යාපෘතියට ලින්-චෝ කෝරළයේ වගා බිම් හෙක්ටයාර් 37,000 කට කිට්ටු ප්‍රමාණයක් අස්සද්දන්න පුළුවන් වුණා.

මේ ඇළ ඉංජිනේරුමය විශ්මකර්ම වැඩක් විදිහටත් සළකනවා. ඒ මුල් අවුරුදු 9 ක කාලය තුළ නිර්මාණය කරපු සම්පූර්ණ ඇළ මාර්ග පද්ධතිය කිලෝ මීටර් 1500 ක් විතර දිගයි. ඒ අතරින් ප්‍රධාන ඇළ මාර්ගය කිලෝ මීටර් 71 ක් දිගයි, මීටර් 8 ක් පළලයි. ඇළ ඉවුරු මීටර් 4 කට වඩා උසයි. මේ ඇළ මාර්ග පද්ධතියට උමං 42 කුත් ජල පාලම් 150 කුත් ඇතුළත්. “තරුණ උමග” කියලා නම් කරලා තියෙන දිග ම උමං මාර්ගය මීටර් 616 ක් දිගයි. මුළුමනින් ම තරුණ ශ්‍රමයෙන් කැනපු හින්දා තමයි ඒ නම දීලා තියෙන්නේ. ඔක්කොම උමං මාර්ගවල සම්පූර්ණ දිග කිලෝ මීටර් 4 ක් විතර ඇති. සාමාන්‍ය තත්ත්වයන් යටතේ මේ ඇළට තප්පරයක දී වතුර ඝන මීටර් 20 ක් ඇරැගෙන යන්න පුළුවන්.

පසුකාලීනව මේ ඇළ මාර්ග පද්ධතිය තව ලොකු මහත් කරලා තියෙනවා. ඉතින් දැන් “රතු කොඩි ඇළ” වාරිමාර්ග පද්ධතිය කිලෝ මීටර් 2500 ක් විතර දිගයි. මේ ඇළ මාර්ග පද්ධතියට ජලාශ 48 ක් සහ පොකුණු 346 ක් එකතුවෙලත් තියෙනවා. වතුර ඝන මීටර් දෙකෝටි තිස් ලක්‍ෂයකට වැඩි ප්‍රමාණයක් රඳවාගැනීමේ හැකියාවත් මේ ඇළ මාර්ග පද්ධතියට ලැබිලා තියෙනවා. ඉතින් “රතු කොඩි ඇළ” කියන්නේ මිනිස් ශ්‍රමයේ මහිමය ලෝකයට ම පෙන්නපු අපූරු නිර්මාණයක්.

ඒ හින්දා ම, “රතු කොඩි ඇළ” ප්‍රදේශය සංචාරක කලාපයක් බවටත් පත් කරලා තියෙනවා. මේ හපන්කම ගැන කියන චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. පාසල් පෙළ පොත්වලටත් මේ ඇළ කැපීමේ කතාව ඇතුළත් කරලා තියෙනවා. 8 වැනි ශ්‍රේණියේ ළමයි ඉගෙනගන්න චීන ඉතිහාසය පොතෙනුත් මේ ඇළ කැපීමේ හපන්කම ගැන කියනවා. මේ ව්‍යාපෘතිය චීන ජාතියේ මහා ජයග්‍රහණ ලැයිස්තුවටත් ඇතුළත් කරලා තියෙනවා.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පින්තූරය: කඹවල එල්ලිලා ඇළ කපන්න හවුල්වෙච්ච මිනිස්සු

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.