News Category
From Date
To Date
Maximum Number of Result

යුධ හමුදාවේ 1500 කට වඩා දිවි අහිමි කළ මුලතිව් මහ බේදවාකයෙන් මිය ගිය සෙබළුන් සිරිලක මහපොළවට අළුවී වසර 29 යි..

Jul 18, 2025 at 09:46 AM
|

1996 ජූලි 18 වන බදාදා  LTTE ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය.  දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි. 

මෙම ප්‍රහාරය සාර්ථක කරගැනීමට කොටි ඔත්තු කරරුවෙකු ලෙස කඳවුරේ කාලතුවක්කු භාරව සිටි කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට උපකාර කරන ලදි. මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූයේ දෙමළ හමුදා නිලධාරියකු බවත් ඔහුගේ ක්‍රියාකාරිත්වය සමස්ත කඳවුරටම තර්ජනයක් වූ බවත් ප්‍රකාශ කළේය. එහෙත් එවකට සිටි හමුදා බලධාරීන් මේ පිලිබඳව පියවරක් ගත්තේ නැත.  2009 යුද ජයග්‍රහනයෙන් පසු  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳව තවමත් පැහැදිලි වාර්තා ලැබී නොමැත.

තිස් වසරක ඊලාම් යුද්දයේ දෙවන විශාලම පරාජය මෙයයි මේ සටන පුරා දින 12 ක් සිදුවුණා ,  රිවිරැස මෙහෙයුමෙන් යාපන මුදාගැනිමෙන් පස්සෙ යානේ හිටපු කොටි සාමාජිකයන් 3000ක් පමන වන්නි ප්‍රදෙශයට පලා ආවා . යාපනෙ නැති වු අවමානය නැති කරගන්න ඔවුන් වන්නි ප්‍රදෙශයෙ හුදකලා කදවුරකට පහර දිමට තිරනය කලා.. මෙම ප්‍රහාරය සදහා කොටි සාමාජිකයන් 4000ක් පමන කැදවු අතර මුහුදු කොටි සුසෙයී යටතෙත් . ගොඩබිම් කන්ඩායම් බල්රාජ්ගෙ නායකත්වයෙන් ස්වර්නම් , තීපන් , භානු යටතෙ මෙහෙයවනු ලැබිනි .. එවගෙම කදවුර තුල සිටි කාල තුවක්කු අනු කන්ඩය භාරව සිටි කැප්ටන් සුරෙශ් රාජ් එල් .ට් .ට් යට ඔත්තු සැපවු බවටද පසුව වාර්තා වුනිමෙම ප්‍රහාරය ආරම්භ වන විට මුලතිවු කදවුරේ සෙබළුන් 1407 කු සිටියා එනම් යුද හමුදාවේ – 1268නාවික හමුදාවේ – 09 පොලිසියේ – 49සිවිල් සේවකයින් – 81මේ අතරින් ප්‍රහාරයෙන් බේරී පැමිණියේ නිලධාරීන් 2කු සහ සෙබළුන් 60 දෙනෙකු පමණි . මේ අනුව 1343 ක් වූ අනිත් සියල්ලෝම අතුරුදහන් වුනා . ඒ වගේම ත්‍රිවිධ පහර ක්‍රියාන්විතය යටතේ ඔවුන්ව මුදා ගැනිමට පැමිණි සෙබළුන්ගෙන් 100 දෙනෙකුද මිය ගොස් සිටියා ඒ අනුව සෙබළුන් 1443 ක් මුලතිවු මහා සටනේදී අපට අහිමි වුණා .

1996 ජූලි 17 වන බදාදා රාත්‍රියේ සුපුරුදු පරිදි කඳවුරේ රාජකාරි සඳහා සෙබළුන් ස්ථාන ගත කෙරුණු අතර අඳුරු රාත්‍රිය ගෙවී පසුදිනට එළිවන්නට විය.

මධ්‍යම රාත්‍රී 12.15 සිට අලුයම 1.00 දක්වා මුළු කඳවුරම උපක්‍රමිකව සීරුවෙන් තැබුණු අතර එය ලිහිල් කළ වහාම භට පිරිස් තමන්ට නියමිත රාජකාරි සඳහා වෙන් කෙරිණි. ඒ හරියටම ජූලි 18දා අලුයම 1.30ට පමණය.

අඳුර මැදින් මුලිතිව් වෙරළ රත් පැහැ ගන්වමින් දරුණු වෙඩි වරුසාවක් සමග මුහුදු කොටි බළකාය කඳවුර වෙත කඩා පැන්නේය. මරාගෙන මැරෙන කළු කොටි මුලතිව් මුහුදු වෙරළ හරහා පැමිණ කඳවුරට කඩා වැදී හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දෙන්නට වූයේ නිමේෂයකිනි. පන්දහසක පමණ කොටි බළමුළුවක් කඳවුර වටකරගෙන පහර දුන්හ.

නොසිතූ මොහොතක එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ සෙබළුන් වික්ෂිප්ත වූහ. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළලු බිඳගෙන කඳවුර තුළට ඇතුළුවීම නවතා ගැනීම අසීරු විය.

හුදකලා කඳවුරක් වූ මෙය ඕනෑම මොහොතක ප්‍රහාරයට ලක්වීමේ අවදානමක් තිබුණ ද කඳවුරේ ඉහළ නිලධාරීන් මෙවැනි ප්‍රහාරයක් සඳහා සෙබළුන් සූදානම් කර නොතිබූ නිසා එහි ආරක්ෂක වළලු සරුංගලයක නූලක් කැඩී ගිය අයුරෙන් විසිර ගියේය.

කඳවුරේ අණදෙන්නට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොමැති වූයෙන් සෙබළුන්ට අණදීම හා පාලනයද දුෂ්කර විය. කඳවුරට තිබූ ලොකුම වෙඩි බලය දුන් කාලතුවක්කු අවි දෙක ප්‍රහාර එල්ල නොකරම එය භාරව සිටි ලුතිනන් ධර්මේන්ද්‍රන් සමගම කොටින්ගේ භාරයට ගෙන තිබුණි. සෙබළුන්ට හෝ ආරක්ෂක ස්ථාන කරා යාමටද කොටි ත්‍රස්තයන් ඉඩ නොතැබූයෙන් තම දිවි නොතකා එක දිගට සටන් කරන්නට සෙබළු උත්සුක වූහ. දෙපැත්තේම සාමාජිකයන් වෙඩි වරුෂා මැද බුරුතු පිටින් මැරී වැටෙන්නට වූහ.

කඳවුරේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් අලිබා පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කුරුණෑගල බෝයගනේ වූ තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සබඳතා තබා ගනිමින් ආධාර ඉල්ලා සිටියේය.

එදින දහවල් 2.00 වන විටත් බළසේනා මූලස්ථානය ආක්‍රමණය කළ කොටි ත්‍රස්තයෝ එහි වූ හෙලිකොප්ටර ධාවන පථයද අත්පත් කර ගත්හ. සිංහ රෙජිමේන්තු භටයින් හෙලිකොප්ටර් ධාවන පථය යළිත් දරුණු සටනක් කර අත්පත් කර ගන්නා විට වේලාව සවස 4.00ට පමණ විය. හෙලිකොප්ටර් ධාවන පථය අල්ලාගත් භට පිරිස් ගුවනේ සහායක භට පිරිස් එවන්නැයි කොළඹින් ඉල්ලා සිටියහ.

මුලතිව් කඳවුරේ සෙබළුන් 1500ක් සමග බළසේනාවක් කොටින්ට මැදිවී වික්ෂිප්ත තත්ත්වයට පත්ව තිබූ අතර පණිවුඩ හුවමාරු හරහා සෙබළුන්ගේ අ¼ෙදා්නා පමණක් ඇසෙන්නට විය.

රිවිරැස මෙහෙයුම මගින් යාපනය අර්ධද්වීපය මුදාගත් පසුව වන්නියට පසුබැස ගත් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන්ට එය දරාගත නොහැකි එකක් වූයේය. යාපනය අහිමි වූ පසුව එල්.ටී.ටී.ඊ.යට වූ පාඩුව පිරිමසා ගැනීමට එල්.ටී.ටී.ඊ. නායකයා සැලසුම් සකස් කළේය. ඒ වාඩුව මුලතිව් කඳවුරෙන් ගන්නට සැලසුම් කරන්නේ ඒ අනුවය. මුලතිව් කඳවුරට අලුතෙන් ගෙන ආ මිලිමීටර් 122 කාලතුවක්කු අවි දෙක ගැන ඒ වන විටත් එල්.ටී.ටී.ඊ.යට කඳවුරේ සිටි ද්‍රවිඩ නිලධාරියකුගෙන්ම ඔත්තුව ලැබි තිබිණි. ඒ අනුව ප්‍රභාකරන් සැලසුම් කළේ කාලතුවක්කු අවි දෙක හා එහි වූ මිලිමීටර් 120 මෝටාර් අවි පැහැර ගැනීමටය.

1994 සිට බළසේනා මූලස්ථානයක් වූ මුලතිව් කඳවුරේ යුද හමුදාවට අමතරව නාවික හමුදා ඛණ්ඩයක් හා සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ඇතුළු ‍පොලිස් කණ්ඩායමක්ද සිටියහ. එක්දහස් පන්සියයක් පමණ රඳවා සිටි මෙම කඳවුර හුදෙකලා කඳවුරක් වූ අතර එයට සැපයුම් තිබුණේ මුහුදෙන් හා ගුවනින් පමණි.

1996 ජූලි මාසය වන විට එල්.ටී.ටි.ඊ.ය කඳවුරට පහරදීමට රහසිගතව සැලසුම් කළ අතර ඒ අවට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්ද වැඩි විය. ජූලි 17 බදාදා වන විට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය සැලසුම් කරන විට එහි බළසේනාධිපති වූ කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දු (විශ්‍රාමික මේජර් ජෙනරාල්) සිටියේ නිවාඩු පිටය. ඔහුගේ දෙවැනියා වූ බළසේනා මේජර්ද නිවාඩු පිට සිටියේය. බළසේනා මූලස්ථානය භාරව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කපිතාන්වරයකු වූ ජානක කස්තුරිආරච්චිය. කඳවුරේ උතුරු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ ලුතිනන් කර්නල් සේනාධීර ගුණරත්න අණ දුන් නවවන සිංහ රෙජිමේන්තුවටය. ඔහුද නිවාඩු ලබා සිටියෙන් එම වගකීම භාර වූයේ දෙවන අණදෙන නිලධාරියා වූ මේජර් හිරාන් දාබරේරා වෙතටය.

කඳවුරේ දකුණු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ හයවන විජයබා රෙජිමේන්තු වැඩබලන අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් අලිබාටය. ඒ අනුව මුළු කඳවුරු සංකීර්ණයටම ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිටියේ මේජර්වරුන් දෙදෙනකු හා කපිතාන්වරයකු පමණකි.

ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානීන් රැස්වී ගුවනින් හා මුහුදින් විශේෂ බළකාය ඇතුළු පාබළ රෙජිමේන්තු මුලතිව් වෙත යැවීමට තීරණය කළහ. මේ වන විට හමුදාපති ධුරය දැරුවේ ලුතිනන් ජෙනරාල් රොහාන් දලුවත්තය.

පාබළ රෙජිමේන්තු මුහුදින් හා ගුවනින් පිටත් කරනතුරු ගුවනින් කොටින්ට ප්‍රහාර එල්ල කිරීම පැවරුණේ බළගණ නායක කපිල වනිගසූරිය ඇතුළු එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බළගණය වෙතය.

මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා වහාම කඳවුරට වාර්තා කරන්නැයි ජූලි 18 දා පාන්දර 3.00ට පමණ ඔහුට දැනුම් දුන්නේය. ඒ වන විට මින්නේරිය කඳවුරේ සිටි බළගණ නායක කපිල වනිගසූරිය (මේ වන විට ගුවන් කොමදෝරුවරයෙකි) ත්‍රිකුණාමල චයින බේ කඳවුර බලා ආවේ සටන් පෙරමුණට යාමටය. ඒ වන විටත් චයින බේ කඳවුරට තවත් ප්‍රහාරක යානා කිහිපයක් ගෙන්වාගෙන තිබුණේය.

මුලතිව් කඳවුරේ තත්ත්වය දරුණු වූයෙන් වහාම ප්‍රහාරක යානා මුලතිව් බලා පියාසර කළේය. කොටින්ට නොදැනෙන්නට ගණ කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හා මුහුදු වෙරළ ඔස්සේ පැමිණ සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයෙන් මුලිතිව් කඳවුරේ සෙබළුන්ට එය අස්වැසිල්ලක් විය. මේ වනවිටත් මුහුදු කොටින්ගේ ග්‍රහණයේ තිබූ මුලතිව් මුහුදු තීරයේ කොටි යාත්‍රා, ඉලක්ක කර පුපුරුවා හැරීමටද ගුවන් හමුදා නියමුවන් සමත් වූහ. තොප්පිගල සඳහා පිටත්ව යාමට සූදානමින් පළමුවැනි විශේෂ බළකායේ සියලු දෙනා නින්දට ගිය ද මුලතිව් කඳවුර රෑ පහන්වන තුරු දරුණු කොටි ප්‍රහාරයකට ලක්වෙමින් තිබිණි. මාදුරුඔය කඳවුරේ නිලධාරී නිවස්නයේ දුරකථනය ජූලි 18 දා අලුයම 3.30ට පමණ එක දිගට නාද වන්නට විය. දුරකථනය දිගින් දිගටම නාද වන අතරේ පළමුවැනි විශේෂ බළකායේ දෙවැනි අණදෙන නිලධාරී තනතුරේ වැඩබැලූ මේජර් ජයන්ත රත්නායක (දැනට බ්‍රිගේඩියර්) වහාම දිවවිත් රිසිවරය අතට ගත්තේය.

දුරකථනයේ අනෙක් පසින් කතා කළේ යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි කර්නල් ලලිත් දවුලගලය. හමුදා මූලස්ථානයෙන් මෙම ඇමතුම දුන්නේ අණදෙන නිලධාරීනට වහාම මුලතිව් යෑමට සූදානම් වන ලෙසට දන්වන්නටය.

---------------------------------------------------------------

යාපනය රිවිරැස මෙහෙයුමට දායක වී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකායේ භට කණ්ඩායම් තවත් රහසිගත මෙහෙයුමක් සඳහා මාදුරුඔය සිය කඳවුරට පැමිණ සිටියහ.

ගුවනින් ගොස් තොප්පිගල පිහිටි කොටින්ගේ නැගෙනහිර බලමූලස්ථානය අත්පත් කර ගැනීම විශේෂ බළකායට පැවරී තිබූ ඉලක්කය විය. ලුතිනන් කර්නල් රාජ් විජේසිරි අණදුන් දෙවන විශේෂ බළකාය වැලිකන්ද පුනානි දෙසින් හතරවන ගජබා රෙජිමේන්තුව සමග කැලෑ මාර්ග ඔස්සේ තොප්පිගල බලා යන අතරේ පළමුවන විශේෂ බළකාය ගුවනින් කඳවුරට කඩා වැදීමට සැලසුම් කර තිබිණි.

මෙහෙයුමේ සැලසුමට අනුව දෙවැනි විශේෂ බළකාය 1996 ජූලි 17දා තොප්පිගල බලා ගමන් කරන අතර ජූලි 18දා අලුයම පළමු වන විශේෂ බළකා භට කණ්ඩායම් මෙහෙයුමට එක්වීමට නියමිත විය.

කර්නල් ෆස්ලි ලෆීර් මෙහෙයුමට පෙර තම සෙබළුන් දිරිමත් කළේ ඔවුන්ට අපේ රජවරු රට එක්සේසත් කරන්නට කළ මෙහෙවර ඇතුළුව ඉතිහාසයද මතක් කර දෙමිනි. ඔහුගේ සෑම වචනයක්ම විශේෂ බළකායේ සුවිශේෂ පුහුණුව ලද සෙබළුන්ට තව තවත් චිත්ත ධෛර්යය වඩවන්නටද විය. දුටුගැමුණු රජු හා එළාර සටන් කියමින් සෙබළුන්ට ජාත්‍යාලය ඇති කරන්නට ඔහු සමතකු විය.

“කොල්ලනේ උඹලා ගමේ රස්තියාදු ගහන, බෝක්කු උඩ බිඩි බොන එවුන් දැකලා තියෙනවානේ. එල්.ටී.ටී.ඊ.යේ ඉන්නෙත් එහෙම එවුන්. නමුත් උඹලා හොඳින් ට්‍රේනින් වෙලා ආයුධ එක්ක යන එස්.එෆ්. කොල්ලෝ. සතුරාගේ ශක්තිය දන්නේ නැති අය තමයි බයෙන් ඉන්නේ. අපි දුර්වල වුණොත් තමයි සතුරගෙන් ගුටි කන්නේ. ඒ සතුරා දක්ෂ නිසා ‍නෙවෙයි. ඒ නිසා අපි සතුරා කරන්න යන දේ හිතලා අපි උන්ට වඩා ට්‍රැක්ටිස් පාවිච්චි කරන්න ඕනෑ” මේ කර්නල් ලෆීර් තම විරු පුතුන්ගේ හදවතට දැනෙන්නට කියන කතාය.

ප්‍රහාරය එල්ල වන මොහොතේ මුලතිව් බලසේනාවේ ඉතිරිව සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨම නිලධාරියා වූ මේජර් ජානක කස්තුරිආරච්චි

විශේෂ බළකාය කළ මෙහෙයුම් සියයට අනූනවයක්ම සාර්ථක වූයේත් මෙවැනි නිර්භීත නායකත්වයත් නිසාය. ලුතිනන් කර්නල් ජයිව් ප්‍රනාන්දුගෙන් පළමුවන විශේෂ බළකාය භාරගත් ෆස්ලි එස්.එෆ්. නම දැනුණද සතුරා බිය වන තරමට තම සගයන්ගේ ප්‍රහාරක හැකියාව ඔප් නංවා තිබුණේය.

මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු සංහිඳියාව ඔප්නංවමින් සැබෑ දේශප්‍රේමියකු ලෙස රුදුරු ත්‍රස්තවාදය නිමා කරන්නට සැලසුම් කළ අයකු විය.

රිවිරැස මෙහෙයුමෙන් යාපනය අල්ලා ගත් පසුව තෙන්නමරච්චි-වඩමාරච්චි මුදාගැනීමේ මෙහෙයුමේ භාරදූර වගකීම පැවරෙන්නේද ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකා රෙජිමේන්තුවටය.

මෙම මෙහෙයුමේදී අභියෝගාත්මක මෙහෙයුමක් සැලසුම් කරන කර්නල් ලෆීර් තම භට පිරිස් සමග පුතුර් කලපුවෙන් බැස කලපුව තරණය කර කිලෝමීටර් දහතුනක් පමණ දුරක් කිසිදු හානියකින් තොරව සරසා‍ලේ දක්වා පැමිණෙන්නේ කොටි විස්මයට පත් කරමිනි.

යම් හෙයකින් කලපුවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූවා නම් වතුරේදීම විශාල පිරිසකට හානියක් වුවද සිදුවන්නට ඉඩ තිබිණි. එතැනදී කිසි දෙයක් නොවූ නිසා අවදානමක් ගෙන කළ ඒ විස්මිත මෙහෙයුම කරළියට ආවේය. මේ වන විටත් කොටි ත්‍රස්තයන් සියලුම ප්‍රධානම මාර්ගවල පාලම් පුපුරුවා හැරීම නිසා මාර්ගවලින් ගමන් කිරීම අසීරු විය. මේ සියලු බාධක ජයගෙන පුතුර් කලපුව හරහා ඉදිරියට ගොස් සරසාලෙන්, චාවාකච්ච්ෙරි, කිලාලි, කොඩිකාමම් දක්වා ත්‍රස්තයන් පීරමින් බලය පෙන්වන්නට විශේෂ බළකා විරුවෝ සමත් වූහ.

ඉවෙන් මෙන් කොටි ඉලක්ක සොයා ගන්නට හැකියාවක් අති කර්නල් ලෆීර් තම කණ්ඩායම් අතරින් චාලි බළගණයේ කණ්ඩායම් භාර නිලධාරියා වූ කපිතාන් ස්ටැන්ලි සිරිමාන්නට සිතියමේ කොටසක් පරීක්ෂා කරන්නට නියෝග කළේය.

ඒ අනුව මීටර් පනහේ, පනහේ වගේ කොටුවක් තමයි අපිට පරීක්ෂා කරන්න තිබුණේ. එළවළු කොටුවක් වගේ අතුරළා දාලා තිබුණ තැනක් ඉදිරියට යද්දී අපේ කුඩා කණ්ඩායමකට ගේ‍රනේඩ් (අත්බෝම්බ) එකක් දමලා ගැහුවා. එසැණින් මම මගේ කණ්ඩායම දාගෙන වට කරගෙන ගහගෙන ඉස්සරහට ගියා. එතැනදී ෆයර් ෂයිට් එකෙන් පස්සේ අපිට එල්.ටී.ටී.ඊ. හැත්තෑහයකගේ බොඩීස් හම්බ වුණා. එදා කර්නල් ලෆීර් දුන්න නායකත්වය නිසා අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වුණා යැයි කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න වසර විස්සකට පසු සිය මතකය අවදි කළේය.

එදා එම මෙහෙයුමේදී කොටින්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය.

හමුදා පාලන ප්‍රදේශයේ සිවිල් වැසියන් අතරේ සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙන් කර හඳුනා ගැනීම සඳහා කර්නල් ලෆීර් හට මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයා මහත් සේ උපකාරි විය. එම කොටි සාමාජිකයා භාර දී තිබුණේ කපිතාන් චන්දිමාල් පීරිස්ටය.

මේ වන විට රිවිරැස මෙහෙයුමෙන් කොටි සාමාජිකයා මිය ගිය බව සිතා පවු‍ලේ අය ගම පුරා ‍පෝස්ටර් පවා අලවා තිබෙනු හමුදා නිලධාරීන්ටද දැකගත හැකි විය. දිනක් කර්නල් ලෆීර් තමන්ගේ වාහනයට කොටි සාමාජිකයාත් දමාගෙන වලිකාමම් බටහිර ප්‍රදේශයට ගෙන ගොස් කොටි සාමාජිකයාගේ පවු‍ලේ කෙනෙකු මග යනවා නම් පෙන්වන්නැයි කියා පවු‍ලේ කෙනෙකු සොයා ගත්තේය.

එම ඥාතියා සවස් යාමයේ කඳවුරට ගෙනැවිත් කොටි සාමාජිකයාටත් හොරෙන් ඔහුගේ මව ගැන තොරතුරු සොයාගෙන මවට කඳවුරට එන්නැයි දැනුම් දුන්නේය. ඒ අනුව කොටි සාමාජිකයාගේ මව ඥාතියකු සමග කඳවුරට ආ මොහොතේ දෙමළ භාෂාව හොඳින් දන්නා නිලධාරියකු වූ කර්නල් ලෆීර් ඔවුන්ව පිළිගෙන පුතාට වූ දෙය විමසුවේ මොකුත් නොදන්නා අයුරෙනි. එල්.ටී.ටී.ඊ.ය නිසා තමාට පුතා නැති වූ බව කියමින් එකී මව දෙස් දෙවොල් තියමින් බැණවදින්නට වූවාය.

ඉන්පසුව දෙමළ අම්මා තවත් හඬවනු නොහැකි නිසා ඇය මිය ගියායැයි සිතන පුතාව ඇය ඉදිරියට ගෙන්වන්නේ මව පුදුම කරවන්නටය. දරු සෙනෙහස වාවාගත නොහැකි වූ ඒ අම්මා බිම වැල්‍ලේ වැලි කන්නට වූයේ තමාට පුතු ජීවත් වනු දැක වාවාගත නොහැකි වූ නිසාවෙන්ය.

තම දරුවා බදාගෙන හඬන්නට වූ ඒ අම්මාට පුතා රැගෙන යන්නැයි කර්නල් ලෆීර් කීවේද දරු උණුසුමෙන් පිරී ගිය අම්මා සතුටු කරන්නටය. නමුත් ඒ අම්මා එය ප්‍රතික්ෂේප කළේ දරුවා ගෙදර ගෙන ගියොත් එල්.ටී.ටී.ඊ.ය යළි රැගෙන යනවාට වඩා හමුදාව භාරයේ සිටීම ආරක්ෂිත යැයි ඇයට හැඟුණ නිසාය. සටන් බිමේ සතුරාටත් මානුෂීය ගුණාංග පෙන්වූ කර්නල් ලෆීර්ගේ මනුස්සකම නිසාම හමුදාවට ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට එකී කොටි සාමාජිකයා කැප වුණේය.

යාපනයෙන් නැගෙනහිර මෙහෙයුම් සඳහා පිටත් වෙද්දී බුද්ධි අංශය වෙත එම කොටි සගයා භාරදී එන්නට ඔවුහු කටයුතු කළහ.

යාපනයේ සිට පැමිණි පසුව මීළඟ නැගෙනහිර මෙහෙයුම් සඳහා තම බළ මුළු සූදානම් කළ නස්ලි දක්ෂ සටන්කාමියකු රණකාමියකු වුවද ඒ දැඩි සිත් ඇත්තා සිය බිරිඳට සෙනෙහෙබර සැමියකු වූවා සේම විටෙක පෙම්වතකු ද විය. ඒ තම ආදරණීය බිරිඳ අනෝමා ලෆීර්ට යුද බිමේ කොතරම් කාර්යබහුල වුවද සෑම රාත්‍රියක දිගු පෙම් හසුනක් ලියන්නට අමතක නොකළ සෙනෙහෙබර සැමියකු වූ නිසාය.

ෆස්ලි හා අනෝමා ආදරය ජාති, ආගම් කුලභේද පසෙකලා සැබෑ ආදරවන්තයින්ගේ එක්වීමක් විය. උසස් අධ්‍යාපනය ලබා සිටියද වෛද්‍යවරයකු වූ සිය පියා ගිය මග නොගොස් වෛද්‍යවරයකුගේ සිහිනය අතහැර ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට එඩිතර වීර පුතකු ලෙස ඔහු හමුදාවට එක්වූයේ රටට ඇති ආදරය නිසාය. නොනැවතී තම ජාතිය, ආගම්වල බැඳීම්වලටත් වඩා තම මව් රෙජිමේන්තුවේම කීර්තිමත් නිලධාරියකු වූ කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ සොහොයුරිය වූ අනෝමා තම ජීවිතය කර ගන්නට ගත් තීරණයද සෘජු තීරණයක් විය.

මුස්ලිම් ජාතිකයකු වුවද හේතුඵලවාදය හා පුනරුත්පත්තිය දැඩිව විශ්වාස කළ ලුතිනන් කර්නල් ලෆීර් තම බිරිඳ අනෝමාට ලියූ සෑම ලිපියක් අවසානයේම සංසාරේ අපි එකටම ඉපදේවා යැයි ප්‍රාර්ථනා කරමින් ලිපිය අවසන් කළේ එය ආත්ම බැඳීමක් බව විශ්වාස කරමිනි.

නිවාඩු යන සෙබළෙකු අත හෝ තැපෑලෙන් ලිපි එවන්නටද දුරකථනයක් ලද මොහොතක ගෙදරට ඇමතුමක් දෙන්නටද ඔහු අමතක නොකළේ දින සති ගණන් කැලෑවේ සටන් නිමවී පැමිණි වහාම අනෙක් නිලධාරීන් වතුර සොයා යද්දී ෆස්ලී මුලින්ම කළේ දුරකථනය වෙත දුවගොස් බිරිඳට ඇමතුමක් දීමය.

ජූලි 18 දා තොප්පිගල මෙහෙයුමට තම භට පිරිස් සූදානම් කළ ලුතිනන් කර්නල් ලෆීර් ජූලි 16දා කෙටි නිවාඩුවකට නිවසට යාමට සූදානම් වන්නේ එදිනට තම විවාහ සංවත්සරය යෙදුණු නිසාය.

ජූලි 16දා දහවල් කෑමට නිවසට එන බවට බිරිඳ අනෝමාට දුන් ‍පොරොන්දුව ඉටු කරලන්නට කොළඹ බලා පිටත් වුවද ඔහුගේ වාහනයේ තුන් වතාවක් ටයර්වල හුළං බසින්නේ කිසිදා නොවූ අයුරෙනි.

දිවා ආහාරයට පැමිණීමට නොහැකි වුවත් සිය ආදරණීය බිරිඳ බැලීමට නිවසට ඔහු එන විට ෆස්ලිට හොඳටම උණ ගැනී තිබුණේය. එදා විවාහ සංවත්සරය වෙනුවෙන් රාත්‍රී ආහාරය ගෙන පසුදිනම යළි බිරිඳගෙන් සමුගෙන යන්නේ තොප්පිගල මෙහෙයුමෙන් පසුව මාසික නිවාඩුවට ගෙදර එන විශ්වාසයෙනි. නිවාඩුව ජූලි 19දාට යෙදුණද තොප්පිගල මෙහෙයුම සඳහා 18දාට පිටත් වන්නට තිබුණෙන් නිවාඩුවට එන දිනය ස්ථිර නොවීය.

තොප්පිගල මෙහෙයුම සඳහා 17දා පෙර පුහුණුවීම් කළ යුතු බැවින් ඒ සඳහා සිය බිරිඳගෙන් සමුගෙන පිටව යාමට ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ට සිදුවිය. මාදුරුඔය බලා පැමිණි ඔහු තම දරු පැටව් මෙන් වූ සෙබළ කැල අමතා පසුදින අලුයම තොප්පිගල බලා යාමට සූදානම් වන්නැයි කියා ඔවුන් දිරිගන්වා කඳවුරට යැවීය.

තොප්පිගල හමුදා මෙහෙයුම යන අතරේ එල්.ටී.ටී.ඊ. නායකත්වය මුලතිව් කඳවුර අල්ලන්නට සැලසුම් ක්‍රියාත්මක කරන්නේද මෙදින (ජූලි 17) මධ්‍යම රාත්‍රියේදීය.

මරණය පෙනි පෙනී මුලතිව් බේරාගන්නට ගිය සෙන්පතියා කර්නල් ෆස්ලි ලෆීර්

අස්ලාම් ෆස්ලි ලෆීර් 1958 දෙසැම්බර් 26 දා වෛද්‍ය ඒ.එච්.එම්. ලෆීර් මහතාට හා ලෆීර් මහත්මියට දාව මහනුවර දී උපන්නේය. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු පාස‍ලේ දී ගුරු දෙගුරුන්ගේ මෙන්ම සහෝදර ශිෂ්‍යයින්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක් ද විය.

අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලදීත් මූලිකත්වය ගත් ඔහු පාස‍ලේ දීප්තිමත් සිසුවකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

දිනූ දේශයේ ස්වාධීනත්වය රැකීමේ පරම අභිලාෂයෙන් 1980 අගෝස්තු 11 දා කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වන්නේ වෛද්‍යවරයකු වූ සිය පියාගේ අඩිපාරේ යාමට වඩා තම තාරුණ්‍යය රට දැය වෙනුවෙන් කැපකරමිනි.

යුද හමුදා විද්‍යා පීඨයේ දක්ෂ විනයගරුක කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලද ඔහු 1982 පෙබරවාරි 27 දා පුහුණුව නිමාකර දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරි ලබා රජරට රයිෆල් රෙජිමේන්තුවට එක්විය.

ඉන් අනතුරුව පළමුවැනි ගජබා රෙජිමේන්තුව නගා සිටුවීමේ දී එහි ආරම්භක නිලධාරියකු ලෙස ද කටයුතු කළේය. ඉන් පසුව තුන්වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද මොහුගේ සුවිශේෂී දක්ෂතාව නිසාම 1985 මාර්තු 26 දා සිට පාකිස්තාන් උපදේශකයන්ගේ මෙහෙයවීම යටතේ ඇරඹි ක්ෂණික විහිදුම් බළකායේ පළමු පාඨමාලාවට එක්වී උසස් ලෙස එය හැදෑරීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා සටන්වලට ප්‍රතික්‍රියා දක්වන්නට ඇරඹි සුවිශේෂී පුහුණුව ලත් භට කණ්ඩායමක් ලෙස ක්ෂණික විහිදුම් බළකාය අරඹද්දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් අතරට මෙකී තරුණ නිලධාරියා ද ඇතුළත්ව තිබිණි.

ගරිල්ලා ත්‍රස්තවාදීන්ට දරුණු හිසරදයක් වෙමින් හිස එසවූ ක්ෂණික විහිදුම් බළකායේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් නිලධාරියකු ලෙස පත්වී විශිෂ්ට මෙහෙවරක් කරන්නට අස්ලාම් ෆස්ලි ලෆීර් නම් වූ තරුණ නිලධාරියා සමත් වූයේය.

යුද පෙරමුණේ සිටි නිලධාරියකු ලෙසින් 1985 අගෝස්තු 27 දා කපිතාන් නිලයට උසස්වීම් ලද ඔහු 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට ද උසස්වීම් ලැබිය. 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට උසස්වීම් ලද මොහු පාකිස්තානයේ කනිටු නිලධාරි පාඨමාලාව ද හදාරා තිබිණි. අනතුරුව ඉන්දියාවේ දී මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරුවේය. කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාවේදීත්, බළඇණි ආරක්ෂක නිලධාරී පාඨමාලාව මෙරටදීත් හදාරන්නේය. මෙම කාල සීමාවල දී ක්ෂණික විහිදුම් බළකා ‘බි’ බලඝනයේ නිලධාරී අණදෙන ලෙසින් ද, විශේෂ බළකා පුහුණු පාස‍ලේ ප්‍රධාන උපදේශක ලෙස ද කටයුතු කරන්නේය.

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.