News Category
From Date
To Date
Maximum Number of Result

මැදපෙරදිග යුදමය වාතාවරණය, ගෝලීය වෙළඳ අවිනිශ්චිතතාවය සහ එල්නිනෝ කාලගුණික බලපෑම හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට නැවතත් අවදානම් මතුවෙමින් පවතින බැවින්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වීමට ඉඩ හරින ලෙසත්, පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය (SLSI) මගින් සංවිධානය කරනු ලබන "තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා" (Diploma in Quality Management) පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මෙරට ඇඟලුම් අපනයන ආදායම මේ වසරේ අගෝස්තු මාසයේදී සියයට 7.4ක පහත වැටීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම අපනයන දත්ත වාර්තා පෙන්වා දෙයි.

යාපනය, නල්ලූර් කන්දස්වාමි කෝවිල ආසන්නයේ පිහිටි ආපනශාලාවක මස් අඩංගු ආහාර අලෙවි කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් සහ ආගමික නායකයින් පිරිසක් විසින් විරෝධතාවක නිරත වී තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී තිසරණී ගුණසේකර විසින් Groundviews වෙබ් අඩවියේ පළ කරන ලද ලිපියක් මගින් ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම සම්බන්ධයෙන් තමාට සහ මහ සංඝරත්නයට එල්ල කර ඇති චෝදනා සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර හා ද්වේෂසහගත එකක් බව විශ්‍රාමික රියර් අද්මිරාල්, හිටපු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

රට ඇතුලේ ප්‍රධාන දේවල් කිහිපයක් සිදුවෙමින් පවතින බවත් ඒ වෙන දේ රටට හානිකර බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (05) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

"මහනුවර නගරය ආලෝකමත් කරමු" තේමාවෙන්, දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය සහිත රාත්‍රී වෙළඳපොළ (Kandy Breeze Night Fest) මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් නව මුහුණුවරකින්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින ආරම්භ කර තිබේ.

කොට්ටාව - ගාල්ල මාර්ගය කිලෝමිටර් 95 සඳහා මහින්ද රාජපක්ෂට ගිය වියදම රුලියල් බිලියන 70ක් බවත්, කොළඹ - කටුනායක කිලෝමීටර් 25.8 සඳහා මහින්දට ගිය වියදම රුපියල් බිලියන 45ක් බවත් මේ දෙකේම එකතුව වන කිලෝමීටර් 120ක් සඳහා සම්පූර්ණ වියදම රුපියල් බිලියන 115ක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.