බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරයෙන් අක්කර 1,100ක භූමි ප්‍රමාණයක් නිදහස් කර අනවසර වගාකරුවන්ට බෙදාදීමට රජය සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමත් සමඟ, මෙරට රක්ෂිත වනාන්තර පද්ධතියේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම තීරණය හරහා නීතියේ ආධිපත්‍යය අභිබවා දේශපාලන අවශ්‍යතා ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරන්නේද යන්න ප්‍රකට පරිසර ක්‍රියාකාරිකයෙකු වන ජනක විතානගේ මහතා ප්‍රශ්න කරයි.
වන සංරක්ෂණ ආඥාපනතේ (451 වන අධිකාරිය) විධිවිධාන යටතේ නීත්‍යනුකූල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමියක්, දේශපාලන බලපෑම් මත වන සංරක්ෂණ ජනරාල්වරයාට පෞද්ගලික ඉඩමක් මෙන් බෙදා හැරීමට කිසිදු නීතිමය බලයක් නොමැති බව විතානගේ මහතා අවධාරණය කරයි.
2010 ඔක්තෝබර් 01 වැනි දින නිකුත් කළ අංක 1673/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හෙක්ටයාර 47,136.3142 ක රජයේ ඉඩම් ප්‍රමාණයක් ‘තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිත වනාන්තරය’ ලෙස ගැසට් කර ඇති බැවින්, හුදු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් එහි නීතිමය තත්ත්වය වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවද ඔහු පවසයි.
මෙම ක්‍රියාවලිය මුළුමනින්ම නීතිවිරෝධී බව සඳහන් කරන ජනක විතානගේ මහතා, නීතියේ ආධිපත්‍යය සුරකින බව පවසන රජයක් රක්ෂිත වනාන්තර විනාශ කිරීමට පහසුකම් සැලසීම සිය ප්‍රකාශයන්ට පටහැනි ක්‍රියාවක් බවත්, වන පරිපාලනයට එල්ල වන දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් අනවසර ඉඩම් අත්පත් කරගැනීම් තවදුරටත් දිරිගැන්වෙන බවත් අනතුරු අඟවයි.
එමෙන්ම දේශපාලන ඉල්ලීම් ඉටුකිරීම වෙනුවට නීතියට අනුව රක්ෂිත වනාන්තර ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික වගකීම බවද ඔහු වැඩිදුරටත් මතක් කර දෙයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනක විතානගේ මහතා,
"තිඹිරිගොල්ලෑව - බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් නිදහස් කර අනවසර වගාකරුවන්ට පැවරීම මුළුමනින්ම නීතිවිරෝධී ක්‍රියාවක්. රක්ෂිත වනාන්තරයක් කිසිවෙකුගේ පුද්ගලික බූදලයක් සේ සලකා දේශපාලන අවශ්‍යතා අනුව බෙදා දිය නොහැකියි. නීතියේ ආධිපත්‍යය සුරකින බව පවසන ආණ්ඩුවක්, නීතියෙන් ආරක්ෂා කර ඇති රක්ෂිත වනාන්තර මෙලෙස විනාශ කිරීමට පහසුකම් සැලසීම තම ප්‍රකාශයන්ට පටහැනිව ක්‍රියාකිරීමක්. දේශපාලන අවශ්‍යතා මත රක්ෂිත විනාශ කිරීම අපි තරයේ හෙළා දකිනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..