රුපියල් ලක්ෂ 5 ඉක්මවන මුදල් ගනුදෙනු ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්..
ඉඩම්, දේපළ සහ වාහන ඇතුළු රුපියල් 500,000 ඉක්මවන මුදල් ගනුදෙනු හේතුවෙන් පවතින බදු රෙගුලාසි යටතේ ඉහළ බදු වගකීම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අනුමත ගෙවීම් පද්ධතියෙන් බැහැරව මුදලින් පියවනු ලබන රුපියල් 500,000 ඉක්මවන ව්‍යාපාරික වියදම්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී අඩු කළ හැකි වියදම් ලෙස පිළිනොගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස නිලධාරියෙකු පවසා ඇත.
යම් ව්‍යාපාරයක් වියදමක් සඳහා රුපියල් මිලියනයක මුදලක් අතින් ගෙවන්නේ නම්, එම මුදල බදු අඩු කිරීමක් ලෙස පිළිනොගන්නා අතර, ඒ හරහා එම ව්‍යාපාරයේ බදු අය කළ හැකි ලාභය රුපියල් මිලියනයකින් ඉහළ යන බවද එම නිලධාරියා සඳහන් කරයි.
ඒ අනුව, 30%ක සම්මත ආයතනික ආදායම් බදු අනුපාතයකට යටත් වන ව්‍යාපාරයකට රුපියල් 300,000ක අමතර බදු වගකීමකට මුහුණ දීමට සිදුවිය හැකිය.
දේපළ ගනුදෙනු සඳහා ද, විශේෂයෙන් ඉඩම් විකිණීමෙන් ලැබෙන බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමේදී ද මෙවැනිම සීමාවන් අදාළ වන බව එම නිලධාරියා වැඩිදුරටත් පෙන්වා දෙයි.
උදාහරණයක් ලෙස, යම් පුද්ගලයෙකු රුපියල් මිලියන 9කට ඉඩමක් මිලදී ගෙන පසුව එය රුපියල් මිලියන 10කට විකුණන්නේ නම්, සාමාන්‍යයෙන් බදු අය කළ හැකි ලාභය වන්නේ රුපියල් මිලියනයකි.
කෙසේ වෙතත්, නියමිත ගෙවීම් ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් මුල් මිලදී ගැනීම මුදලින් සිදු කර තිබුණහොත්, එම රුපියල් මිලියන 9ක අත්පත් කර ගැනීමේ පිරිවැය බදු අරමුණු සඳහා පිළිනොගැනීමට ඉඩ තිබේ.
එවැනි අවස්ථාවකදී, සැබෑ ලාභය වන රුපියල් මිලියනය වෙනුවට රුපියල් මිලියන 10ක සම්පූර්ණ විකුණුම් මිල මතම බදු ගණනය කිරීමට සිදුවිය හැකි බවයි එම නිලධාරියා පැහැදිලි කරන්නේ.
විධිමත් මූල්‍ය මාර්ග හරහා ගනුදෙනු සිදු කිරීම දිරිමත් කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ස්ථාපිත බදු පද්ධතියෙන් බැහැරව සිදු කෙරෙන මූල්‍ය ක්‍රියාකාරකම් නියාමන රාමුව තුළට ගෙන ඒම මෙම සීමාවන්හි අරමුණ බවයි එම දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කරන්නේ.
මූලාශ්‍රය - hirunews
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..