News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය යනු ලෝකයේ සියලු රාජ්‍ය නායකයන්ට එකම වේදිකාවක, එකම පිරිසකටම ආමන්ත්‍රණය කිරීමට ලැබෙන සහ බොහෝ ජත්‍යන්තර ගැටලුවලට විසඳුම් සොයාගත හැකි අවස්ථාවක් බවත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙරට ජනාධිපතිවරයාට මෙම සමුළුවට සහභාගීවන ලෙස දන්වමින් ලිපියක් එවූවද එයට සහභාගී නොවීම ජනාධිපතිවරයාගේ හීනමානය නිසා සිදුවූවාද නැත්නම් වෙනත් කාරණයක් නිසා සිදුවූවාදැයි ප්‍රශ්නයක් ඇති බව මිලින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටත නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා සඳහා ආහාර සහ ජලය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරාන රජය විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

උතුර සහ නැගෙනහිර පළාත්වල සිංහල ගොවි ජනතාවට මේ වන විට සිදුව ඇති අසාධාරණයන් සම්බන්ධයෙන් කරුණු දක්වමින් මඩකලපුවේ සිංහල ගොවින් පිරිසක් දක්වන අදහස් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගල ආරණ්‍ය සේනාසනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබේ.

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නා පුද්ගලයන්ට ඇප ලබාදීම නොහැකි බවත්, විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවන් ලෙස නම් නොකරමින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට සිදුවෙමින් පවතින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවා නම් මේ සල්ලි හොරකම් කරන්නේ කවුදැයි ප්‍රශ්නයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසයි.

ඉන්දීය ආරක්ෂක බලකාය (BSF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉන්දීය තානාපතිවරයා කැඳවා විරෝධය ප්‍රකාශ කිරීමට පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී තිබේ.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.