රට පුරා හොර වෛද්‍යවරු වැඩිවුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරදින්.. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
ශ්‍රී ලංකාව පුරා නීතිවිරෝධී හෝ සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 40,000කට ආසන්න පිරිසක් සිටින බවට ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයන් අනාවරණය කර ඇති පසුබිමක, එම තත්ත්වයට සෘජුවම වගකිව යුත්තේ පෞද්ගලික වෛද්‍ය සේවා නියාමනය කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සිදුව ඇති අඩුපාඩු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
අනවසර වෛද්‍ය මධ්‍යස්ථාන වැටලීමේ වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට (MOH) පවරා තිබුණද, එම වැටලීම් සඳහා සහභාගි වන ඇතැම් වෛද්‍යවරුන් පවා තම පෞද්ගලික සායන නිසි ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි කර නොතිබීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය ගැටලුකාරී වී ඇති බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම, පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් රෝගීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බවද ඔහු සඳහන් කරයි.
තම ප්‍රදේශවල සුදුසුකම් නොලත් පුද්ගලයන් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කවුරුන්ද යන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මැනවින් දැනුවත් වුවද, පෞදේශීය සෞඛ්‍ය ආයතන අධීක්ෂණය කිරීමේ නිසි යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..