News Category
From Date
To Date
Maximum Number of Result

මේ වන විට රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති තුමා ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ මත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන් අතර හුවමාරු වෙනවා. ඉන් බොහොමයක් හිටපු කුලපතිවරයාට විරුද්ධව අදහස් දක්වන වත්මන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අයගේ අදහස්. ඒ අතර රුහුණු විශ්ව විද්‍යාලය ඇතුළු අනෙකුත් විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන්ගේ ආකල්ප සම්බන්ධයෙන් මෙන්ම සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම වෙලා ගෙන ඇති අර්බූදයේ තරම සමාජයට හෙළිදරව් වන අදහස්ද තිබෙනවා. අප පහතින් පළ කරන්නේ එවැනි සමාජ ජාලා පරිශීලකයන් අතර හුවමාරු වූ අදහසකි..

ගෙවිඳු කුමාරණතුංග ආන්දෝලනයට පත්ව ඇති රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය මුහුණු පොතේ තැබූ කෙටි සටහන...

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසන ආකාරයට සිය ඒකකය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ඉලක්ක කර මත් මුද්දර, මත් කරල් සහ කුෂ් මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රුපියල් ලක්ෂ 25කට ආසන්න මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් දීමේ චෝදනාව මත ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අදානි සමූහ ව්‍යාපාරය සමග අත්සන් තබා ඇති බලශක්ති සම්බන්ධ ගිවිසුම් නැවත විමසා බැලීමට තීරණය කර ඇති බව ඉන්දියාවේ ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පත වාර්තා කරයි.

නිදහස් උත්සවය ඇතුළු රාජ්‍ය උත්සව සංවිධානය කිරීමේදී මූලික වී කටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදී මගහැරී ගොස් ඇති බව වාර්තා වේ.

සජිත් ප්‍රේමදාසට නායකත්වය ලබා දීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉඩදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සමගි ජන බලවේගය සූදානම් බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති සුන් හයියැන් මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

ඊයේ (24) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර් ජාතික දෙපාර්තමේන්තුවේ උප ඇමතිනී සහ චීන තානාපතිවරයා ඇතුලු චීන රජයේ නියෝජිතයන් පිරිසක් ජවිපෙ නායකයන් හමුවී තිබේ.

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.