
අවුරුදු 77ක් මොකද කළේ?.. නිදහසින් පසු රටේ කිසිවක්ම සිදුවී නැද්ද? - අජිත් නිවාඩ් කබ්රාල් ඉතිහාසයේ සිට කියාදෙයි (වීඩියෝ)
මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
එකල පාරවල් වලින් සියයට 99ක් තිබුනේ බොරළු පාරවල් බවත් පවසන ඒ මහතා එකල තිබුනු තනතුරු පවා සියල්ල තිබුනේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බවත් සඳහන් කරයි.
එකල ලාංකිකයකුට එබඳු තනතුරක් හිමිවුව හොත් එය විශාල ආන්දෝලනයකට ලක්වූ බවත් සඳහන් කරන ඒ මහතා වසර 77කට පසුව අද රට දෙස බැලීමේ දී කිසිවක්ම සිදුවී නැති බවට තර්ක කළ හැකිදැයි ප්‍රශ්න කරයි.
අද රටේ සියයට 99කට විදුලිය ඇති බවත්, සියයට 60කට පමණ නල ජලය ඇති බවත්, අධිවේගී මාර්ගම කිලෝමීටර් 200ක් පමණ ඇති බවත් කබ්රාල් මහතා පවසයි.
පාසල්ම 10,000ක් පමණ ඇති බවත් රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් රට තුළ පවතින බවත් සඳහන් කරන ඒ මහතා, වසර 77 ක් තුළ ආඩම්බර විය හැකි කිසිවක් මෙරට තුළ සිදුවී නැත්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
77 වසරක් තුළ කිසිවක් සිදුනොවූ බවට ප්‍රශ්න නගන මිනිසුන් මුලින්ම තමන්ගේ මනස නිවැරදිව සකස් කරගත යුතු බවත්, රට ගැන අභිමානයක් දැනෙන ලෙස තම මනස වෙනස් කරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.
සවිස්තර වීඩියෝව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
