USAID හරහා ලබාදෙන අරමුදල් නතර කළේ ඇයි? ලංකාවේ ‘NGO ලේකම්’ අමෙරිකාවත් එක්ක කතාකරන්න යයි
මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට USAID අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබේ.
ආසන්න වශයෙන් රුපියල් බිලියන 15 ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘති රැසක් එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සඳහා නියෝජිතායතනයේ (USAID) අරමුදල මගින් රට තුළ ක්‍රියාත්මක කෙරෙමින් තිබිණි.
මේ අතර, USAID හරහා ලබාදෙන අරමුදල් නතර කිරීමට අමෙරිකාවේ නව පරිපාලනය ගත් තීරණය හේතුවෙන් USAID හරහා අරමුදල් සපයමින් ක්‍රියාත්මක වන මෙරට ව්‍යාපෘති රැසකට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි සිවිල් සමාජ ක්‍රියාකාරීන් අනතුරු අගවා තිබේ.
ට්‍රම්ප් පරිපාලනයේ තීරණයෙන් බලපෑමට ලක්විය හැකි කාණ්ඩ අතර ලිංගික සහ ස්ත්‍රී පුරුෂ විවිධත්වයට අදාළ වැඩසටහන් ඇතුළුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමුකරන ව්‍යාපෘති ද පවතින බව ඔවුහු වැඩිදුරටත් පෙන්වාදෙති.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමූහික සම කැඳවුම්කරු පිලිප් දිසානායක පෙන්වාදෙන්නේ, අමෙරිකාවේ මෙම තීරණය පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකාවට අරමුදල් සැපයූ ප්‍රධාන ආයතන කිහිපයක් මුදල් ලබාදීමෙන් වැළකී සිටින හෝ පසුගිය කාලයේ ලබාදුන් අරමුදල් ප්‍රමාණය අඩුකර ඇති පසුබිමක බවයි.
එවැනි ආයතන ඉවත්වීමෙන් අනතුරුව ඇති වූ රික්තකය පුරවා ඇත්තේ USAID සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැනි අරමුදල් සපයන ආයතන මගින් වූ නමුත් දැන් එම ආයතන ද ඉවත්වීමේ අවදානමට ලක්ව ඇති බව ඔහු පෙන්වාදෙයි.
USAID මගින් අරමුදල් සපයන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානවලට මාස තුනක කාලයකට එනම්, ජනවාරි 24 සිට අප්‍රේල් 23 දක්වා සියලු වැඩ තාවකාලිකව නවත්වන ලෙස අමෙරිකානු රජය මගින් දැනුම් දී තිබේ.
අරමුදල් සැපයීමේ තත්ත්වය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් නොමැති බවට කනස්සල්ල මතුව තිබුණ ද, මෙම කාලය අවසන් වන විට යම් සහනයක් ලැබෙනු ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන බලාපොරොත්තු වන බව ද පිලිප් දිසානායක සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..