News Category
From Date
To Date
Maximum Number of Result

අර්ධ සන්නායක නිෂ්පාදනය සහ මිලිටරි යෙදුම් සඳහා භාවිතා කරන ද්විත්ව භාවිත අයිතම සහ ප්‍රධාන අමුද්‍රව්‍ය කිහිපයක් එක්සත් ජනපදයට නැව්ගත කිරීම තහනම් කරන බව චීනය නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ නවතම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බවද පැවසේ.

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා පත්කර ඇත.

අගමැතිනි හරිනි අමරසූරිය සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ජාතිවාදයට කිසිඳු ඉඩක් නොදෙන බවට දැඩි ප්‍රකාශයක් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා එහිදී දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන්,

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ අඥා පනත යටතේ ක්‍රියාත්මක කරගෙන යන මර්ධනකාරී වැඩපිළිවෙලට දැඩි විරෝධතාවය දක්වන බවත්, උතුරේ මහවිරු සැමරුම් ප්‍රචාරය කළ බවට මේ වන විට කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ සභාපති නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය.

2024 වසරේ පළමු මාස හය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය 70.2%කින් පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.