විදුලි සේවක සංගමය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ එම සේවක සංගමය දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බව මීට පෙර දැනුම් දී ඇති බවයි.
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ. මෙම නියෝජිත පිරිසට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ද ඇතුළත් වුහ. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රාශියක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. ඩොනල්ඩ් ලූගේ මාණ්ඩලික ප්‍රධානී වර්සා පර්කින්ස්, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, USAID ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ නස්රීන් මරිකාර්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ Gabriel Grau සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් ඇතුළු USAID හි නියෝජිතයන් මෙම රැස්වීමට තවදුරටත් සහභාගී වී තිබේ. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සහ එස්.එම්. මරික්කාර් ද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.
රටේ දැනට සිටින මිලියන 1.3ක් වූ රාජ්‍ය සේවකයන් 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පසුගියදා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ රාජ්‍ය සේවයෙන් සේවකයන් ඉවත් කිරීමට රජයට කිසිදු සැලසුමක් නොමැති නමුත් ඵලදායිතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවයි.
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි