මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බළකායක්
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායක් පත් කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන අන්‍යොන්‍ය ඇගයීම නුදුරු අනාගතයේ දී ආරම්භ වීමට නියමිතය.
මූල්‍ය කාර්ය සාධක බළකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 සම්බන්ධයෙන් දක්වන තාක්ෂණික අනුකූලතාව මෙන්ම ක්ෂණික ප්‍රතිඵල 11ක් හරහා ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කෙරෙන බව එම අන්‍යොන්‍ය ඇගයීම තුළ දී ශ්‍රී ලංකාව විසින් පෙන්නුම් කළ යුතුය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවේ පවතින දුර්වලතා නිවැරදි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති, ක්‍රියාකාරී සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය, සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව යන අදාළ පාර්ශ්වකාර ආයතන වෙත දැනුම් දී ඇත.
ආයතන අනුව සකස් කරන ලද එම ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සහ පසු විපරම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවයෙන් 2023 වසරේ දී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකායක් ද ස්ථාපිත කරන ලදී.
මෙම ක්‍රියාවලිය සඳහා රජයේ සහයෝගය සහතික කරමින්, ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රජය ගෙනයන ප්‍රයත්නයන්ට අනුකූලව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, එම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය ඉහළ මට්ටමේ අමාත්‍ය නියෝජනයක් සහිතව ප්‍රතිසංවිධානය කර ඇත.
මෙම ඉහළ මට්ටමේ කාර්ය සාධක බළකායේ සාමාජිකයින් පහත පරිදි වේ:
විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා, ජනාධිපති නීතිඥ - විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (සභාපති)
හර්ෂණ නානායක්කාර මහතා - අධිකරණ අමාත්‍ය
මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා - කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා - මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
නෙලුමනී දවුලගල මහත්මිය - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා - අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
2025 ජනවාරි 29 දින පැවති එහි පළමු රැස්වීමේදී, කාර්ය සාධක බලකායේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් විසින් අන්‍යොන්‍ය ඇගයීමේ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරන ලද අතර, මෙම තීරණාත්මක ඇගයීමට සාර්ථකව මුහුණ දීම සඳහා සෑම පාර්ශ්වකරුවෙකුගේම පූර්ණ සහයෝගීතාවය ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..