රට සම්බන්ධයෙන් වන සාරාංශය: ශ්‍රී ලංකාව 2024 සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. මැතිවරණයට පෙර, මැතිවරණය අතරතුර හෝ මැතිවරණයට පසුව විරෝධතා පෙළපාලි ඇතිවිය හැක. මැතිවරණය ආසන්නයේ ඇතැම් අවස්ථාවල පැවැති විරෝධතා වලට සහභාගි වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. ඒ අනුව එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බැවින්, සාමකාමී රැස්වීම්වලට පවා සහභාගි වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ට සිහිපත් කරනු ලබන්නේය.
එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික, වාණිජ සහ මූල්‍ය අවහිර කිරීම් හේතුවෙන් කියුබාවට 2023 සිට 2024 දක්වා ඩොලර් බිලියන 5.56 ක අලාභයක් සිදුවී ඇති බව කියුබානු විදේශ අමාත්‍ය බෘනො රොඩ්‍රිගුස් 12 වනදා ප්‍රකාශ කළේය.දේශීය සහ විදේශීය වාර්තාකරුවන් පිරිසක් ඉදිරියේ අදහස් දක්වමින් 2023 මාර්තු 1 සිට 2024 පෙබරවාරි 29 දක්වා සිදු වූ ආර්ථික හානිය ඊට පෙර වූ වාර්තාවට වඩා ඩොලර් මිලියන 189.8 ක වැඩිවීමක් නියෝජනය කරන බව රොඩ්‍රිගස් අවධාරණය කළේය. එහිදි ඔහු එක්සත් ජනපදය කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වල බලපෑම් පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කළේය.
තායිවානයේ කලාපීය නායක ලායි චිං-ටේ ඊනියා "ෆෝමෝසන් ස්වයං-ගැලවීමේ ප්‍රකාශය" සනිටුහන් කිරීමේ සම්මන්ත්‍රණයක් අතරතුර ඔහු විසින් කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයන් හේතුවෙන් චීන ප්‍රධාන භූමියේ ප්‍රකාශකයෙකු වන චෙන් බින්හුවා ඊයේ(14) ඔහු වෙත දොස් පැවරුවේය. එහිදී චෙන් බින්හුවා පැවසුවේ ලායිගේ ප්‍රකාශයන් ඔහුගේ ද්වේෂසහගත බෙදුම්වාදී චේතනාවන් සම්පූර්ණයෙන්ම හෙලිදරව් කරන බවයි.
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර