News Category
From Date
To Date
Maximum Number of Result

රූපවාහිනී වැඩසටහනක් අතරතුර කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) හමුවට පැමිණ තිබේ. ඔහු අදාළ ප්‍රකාශය සිදුකර තිබුණේ 2022 මාර්තු 03 වැනිදාය.

අද(03) උදෑසන කොරියානු ‍යොන්හප් පුවත් සේවය වාර්තා කළේ, ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වූ දූෂණ විමර්ශන කාර්යාලය, කොරියාවේ දෝශාභියට ලක්වූ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා එහි නිලධාරීන් ජනාධිපති නිල නිවසට යවා ඇති බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා හේතුවෙන් අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් අයත් හෝටලය ඉදිරිපිට Tesla Cybertruck පිපිරීමේ සැකකරු මාස්ටර් සාජන්ට් මැතිව් ඇලන් ලිවෙල්ස්බර්ගර් ලෙස හඳුනාගෙන ඇත.

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2024 දෙසැම්බර් 16 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 290ක ප්‍රදානයකින් සහාය දක්වන ලද මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ එම අවස්ථාවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න විසින් අත්සන් කර තිබේ.

දින 100 ක් තුළ අසාර්ථකම ආණ්ඩුව රට පාලනය කරන බව ජනතාවට දකින්න ලැබී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.