සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.
කෘෂි බෝග සඳහා හානි පමුණුවන රිලවා, වඳුරා, දඬු ලේනා සහ මොණරා යන සතුන් සම්බන්ධයෙන් ජාතික සංගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනුව මේ මස 15 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට 8.05 දක්වා මිනිත්තු 5ක කාලයක් මෙම සංගණනය සිදු කිරීමට නියමිතයි.
සත්ත්ව සංගණනය කර ඒ පිළිබඳ තොරතුරු රජයට ලබා ගැනීම මෙමගින් අපේක්ෂිතයි.
ලබන 15 වැනිදා දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිත මෙම ජාතික සත්ත්ව සංගණනය සඳහා නිවාසවලට බෙදා හැරීමට නියමිත දත්ත ඇතුළත් කළ යුතු පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට එම පත්‍රිකා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහාද ඉදිරි දින කිහිපයේ ඒවා බෙදා හැරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම සත්ත්ව සංගණනය පිළිබඳව මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ සංගණනය වෙනුවෙන් පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මේ වන විට වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර ලබන 15 වැනිදා සිදු කෙරෙන්නේ සත්ව සංගණනයක් නොව දත්ත ලබා ගැනීමේ සරළ සමීක්ෂණයක් පමණක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්