
සත්ව සංගණනයට හත්කෝටි තිස් ලක්ෂයක වියදමක් - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.
කෘෂි බෝග සඳහා හානි පමුණුවන රිලවා, වඳුරා, දඬු ලේනා සහ මොණරා යන සතුන් සම්බන්ධයෙන් ජාතික සංගණනයක් සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඒ අනුව මේ මස 15 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට 8.05 දක්වා මිනිත්තු 5ක කාලයක් මෙම සංගණනය සිදු කිරීමට නියමිතයි.
සත්ත්ව සංගණනය කර ඒ පිළිබඳ තොරතුරු රජයට ලබා ගැනීම මෙමගින් අපේක්ෂිතයි.
ලබන 15 වැනිදා දීපව්‍යාප්තව සිදු කිරීමට නියමිත මෙම ජාතික සත්ත්ව සංගණනය සඳහා නිවාසවලට බෙදා හැරීමට නියමිත දත්ත ඇතුළත් කළ යුතු පත්‍රිකා ලක්ෂ 70ක් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
මේ වන විට එම පත්‍රිකා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා බෙදා හැර ඇති අතර, සෙසු දිස්ත්‍රික්ක සඳහාද ඉදිරි දින කිහිපයේ ඒවා බෙදා හැරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
මෙම සත්ත්ව සංගණනය පිළිබඳව මේ වනවිට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති පසුබිමක ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ සංගණනය වෙනුවෙන් පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මේ වන විට වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ අතර ලබන 15 වැනිදා සිදු කෙරෙන්නේ සත්ව සංගණනයක් නොව දත්ත ලබා ගැනීමේ සරළ සමීක්ෂණයක් පමණක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
