ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල ගින්නක් හේතුවෙන් වසා දමයි
අද හවස් වරුවේ බටහිර ලන්ඩනයේ විදුලි උපපොළක් තුළ පැතිර ගිය දැවැන්ත ගින්නක් හේතුවෙන් හීත්‍රෝ ගුවන්තොටුපළේ විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වේ.
සාමාන්‍යයෙන් දිනකට ගුවන් ගමන් 1,000 ක් පමණ හසුරුවන ප්‍රවාහන මධ්‍යස්ථානය අද(20) රාත්‍රී 11:59 දක්වා වසා තබනු ඇති බව වාර්තා වේ. එයට හේතුව වන්නේ ගින්නෙන් “සැලකිය යුතු විදුලි බිඳවැටීමක්” අත්විඳිමින් සිටින බැවිනි. ගුවන්තොටුපළ X හි පළ කළ පණිවිඩයකට අනුව, මගීන්ට ඉවත්ව සිටින ලෙසත් වැඩිදුර තොරතුරු සඳහා ඔවුන්ගේ ගුවන් සමාගම් අමතන්න ලෙසත් උපදෙස් දී ඇත.
හේස් හි විදුලි උපපොළක ඇති වූ ගින්න නිසා ඇති වූ පුළුල් විදුලි බිඳවැටීම “බොහෝ නිවාස සහ දේශීය ව්‍යාපාරවලට” බලපා ඇති බව ලන්ඩන් ගිනි නිවන හමුදාව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
පෙරවරු 5:55 වන විට, ගිනි නිවන භටයින් තවමත් ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටි බව, සේවාව X ගිනුමෙහි අලුයම සටහනක් තබමින් කියා සිටියේ, ට්‍රාන්ස්ෆෝමර් ඒකකයක කොටසක් තවමත් දැවෙන බව අවධාරණය කරමිනි.
https://twitter.com/i/status/1902873192483422711
https://twitter.com/i/status/1902868725549728252
https://twitter.com/i/status/1902872477727875284
අයර්ලන්තය, ප්‍රංශය සහ නෙදර්ලන්තයේ ගුවන් තොටුපළවල් වෙත ගුවන් යානා හරවා යවා ඇති අතර, මගින්න් දහස් ගණනක් අතරමං වී ඇත. ඉදිරි පැය 24 සහ ඉන් ඔබ්බට ඔවුන්ගේ ගමන් විකල්ප පිළිබඳව මගීන්ට දැනුම් දීමට බ්‍රිතාන්‍ය ගුවන් සේවය කටයුතු කරනු ඇතැයි පැවසේ. හීත්‍රෝ යනු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ප්‍රධාන මධ්‍යස්ථානයයි.
London’s Heathrow shuts down due to fire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ