ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය පිළිගන්නා බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති දිසානායක වෙත රුසියාවේ නිල සංචාරයක් සඳහා කළ ආරාධනාය ජනාධිපති දිසානායක මහතා වෙත භාර දුන් බවත් පවසයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මේ වන විට මූලික වශයෙන් මානුෂීය වන නමුත් තවත් බොහෝ සහයෝගීතාවන් සඳහා ඉඩකඩ පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. “රුසියාව සහයෝගීතාවයට සූදානම්. පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිටියේ” තානාපතිවරයා අවධාරණය කළේය.
චීන රජයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි! මහජන චීන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී (CICT ) අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත සංකේතාත්මකව භාරදීම සිදු විය. ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්වයි සෙන්හොන්ග්( Qi Zhenhong) මහතාද සහභාගි විය.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොකොට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීම ප්‍රථම කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා 2023 .01 11 දින නිකුත් කර ඇති ලිපිය අවලංගු කිරීම සඳහාත් දැනට හඳුනාගෙන ඇති මූලික ගවේෂණ සිදුකොට ඇති පුරාවිද්‍යා ස්ථානයන් ස්මාරක හා රක්ෂිත ලෙස ගැසට් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන මෙන් මෙම පෙත්සමෙන් (CA writ 86/2023) ඉලලා ඇති අතර මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කොට ඇත.
ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව වාර්තා වේ.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ, වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ සහ මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසන පරිදි මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ලෙස ගැලීම හෝ හොටු හිරවීම, මස්පිඩු වල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ උගුර වණ වීම ආදියයයි.
ප්‍රධාන පුවත්
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්