දේශප්‍රේමී ජාතික පෙරමුණෙන්, අනුර - මෝදි හොර ගිවිසුම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරයි..
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය සමග අත්සන් කල ගිවිසුම් හතක් අභියෝගයට ලක්කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
මෙම ගිවිසුම් වල අන්තර් ගතය හෙළිදරවු කිරිම ප්‍රතික්ෂේප කිරිමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරිමෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ ජනතා පරමාධිපත්‍ය බලය උල්ලංගණය වන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මෙම පෙත්සම දේශප්‍රේමි ජාතික පෙරමුණ වෙනුවෙන් නීතීඥ නුවන් බැල්ලන්තුඩාව, ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් ගුණදාස අමරසේකර,දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බන්ඩාර, තුන්හෙල ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය අශෝක කමලදාස සහ ගෝලීය ශ්‍රි ලංකා සංසදය වෙනුවෙන් ශාමෙන්ද්‍ර වික්‍රමාරච්චි යන අය සාමුහික පෙත්සම් කරුවන් ලෙස ඉදිරිපත් කලහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දේශප්‍රේමි ජාතික පෙරමුණේ නායක නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව තරුණයන් දහස් ගණනක ජිවිත මතින් සටන් වැදුන ජනතා විමුක්ති පෙරමුණ මෙම ගිවිසුම් අත්සන් කිරිමෙන් තමන්ගේ මතවාදය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල ඒ තරුණයන්ගේ ජිවිත සමච්චලයට ලක් ඇතිබවයි.
"අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කතා කරන සහකම්පනය තමන් වෙනුවෙන් සටන් වැදුනු සගයන් වෙනුවෙන් නැද්ද යන්න ජනාධිපතිවරයා ප්‍රකාශ කල යුතුය. ආණ්ඩුවේ ඇමතිවරුන්ට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හුදු තෙල් ටැංකි ලෙස පෙනුනත් ඉන්දියාවට එය භූ දේශපාලනයේ වැදගත් කේන්ද්‍රයක් බව දේශපාලනයේ හය හතර දන්නා දරුවකුත් දන්නවා. මේ ගිවිසුම් මගින් අපේ ස්වාධිපත්‍යය ඉන්දියාවට යටත් කරනවා පමණක් නොව ඉන්දියානු සාම කලාපය තුල ලෝක බලවතුන්ගේ ගැටුම් වලට අතවැනීමකුත් වෙනවා.එදා නොබැඳි රාජ්‍යයක් ලෙස විරුදාවලිය ලත් අපෙ රට මේ ගිවිසුම් නිසා ලෝක බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වෙනවා. බලශක්තිය පිළිබඳව ගිවිසුම් නිසා අපේ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර වල අයිතිය ඉන්දියාවට පැවරෙනවා. ආණ්ඩුව එක් අතකින් ක්‍රමානුකුලව සූර්‍ය බල ශක්තිය කප්පාදු කරමින් අනෙක් පැත්තෙන් පුනර්ජනනිය බලශක්ති අයිතිය අදානිට පවරා දෙනවා. අදානි බංගලාදේශයේ විදුලි බලය සම්බන්ධ අධිකාරිය තමන් අතට ගෙන එහි ආර්ථිකයේ ගොටුව සිර කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ගේ මුණුබුරා වගේ අනුර කුමාර ජනාධිපතිවරයාත් අපේ රට ඉන්දියාවේ යටත් විජිතයක් කිරිමට කටයුතු කරනවා. මේ ගිවිසුම් නෛතිකව මෙන්ම දේශපාලනිකවත් පරාජය කිරිම අපේ දේශ්ප්‍රේමි ජනතාවට පැවරෙන ඓතිහාසික වගකීමක්" බව නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
දේශප්‍රේමි ජාතික පෙරමුණ මෙම ගිවිසුම් වලට එරෙහිව “රට අස්ථාවර කරන, ජාතික සම්පත් විකුණන,මවුබිමේ ස්වෛරීත්වය පාවා දෙන ඉන්දියානු හොර ගිවිසුම් වලට එරෙහිව මහජන සමුළුවක් ද පැවත් වු අතර ජනතාව දැනුවත් කිරිම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන ලදි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..